Sunday, October 19, 2014

උදරිගේ නම කැත වුණු ඔඩෙල් සීන් එකේ හොදම හරිය

dfsdf

මීට වසර කිහිපයකට පෙර එවකට යොවුන් නිළියකව සිටි උදාරි වර්ණකුලසූරියගේ නම කැත වුණේ ඔඩෙල් ආයතනයෙන් ඇදුම් සොරකම් කළ බවට චෝදනාවක් එල්ල වීමත් සමගයි මෙම සිදුවීම මිනිසුන් අතර කෙතරම් නම් ප්‍රචලිත වුවාද කියතොත් උදාරි පවසන්නාක් මෙන් ඔඩෙල් නම් උදාරි උදාරි නම් ඔඩෙල් ය මෙම සොරකම මාට්ටු වූ පසු ආයතන හිමිකාරිය ඇතුළු සේවකයින් තමන්ව දන ගස්වා



තබා නොයෙකුත් වදහිංසා කළ බවට චෝදනා කරමින් නඩුවක් ද පවරා තිබුණු බවට ද ඒ දිනවල කතාවක් පැතිර ගියා කෙසේ හෝ මෙයින් ඇයට මෙන්ම ඔඩෙල් ආයතනයට ද ලැබුණේ විශාල ජනප්‍රියත්වයකි. මේ සිදුවීම නිසා උදාරි එම වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය ද ලබා ගත්තා.
ODEL+CEO+Otara+Gunewardene's+Photos+3
නමුත් වසර කිහිපයක් තිස්සේ උදාරිත් සමගම ඇදී එන මෙම ඔඩෙල් සමූහය ව්‍යාපාරය 'ඔටාරා ගුණවර්ධන' විසින් පසුගියදා සොෆ්ට්ලොජික් සමාගම වෙත විකුණා දැමීම පිළිබඳ පසුගිය කාලය පුරාවටම උදාරිගේ කතාව මෙන්ම කතාබහට ලක්වුණි
මෙහිදී ඔටාරා සිය තීන්දුව පිලිබඳ හෙළිකොට තිබුනේ "සත්ත්ව සුබ සාධනය" තකා ඇය ව්‍යාපාර වලට සමුදුන් බවකි. ඇයගේ එම කතාවෙහි සත්‍යයක් තිබුනද ඔඩෙල් විකුණා දැමීම කෙරෙහි බලපෑ ඉන් එහා ගිය කරුණක් පිළිබවද වාර්තා වේ.



ඔඩෙල් විකිණීමට පෙරාතුව අවසන් කාලය තුලදී ඔටාරා දිගින් දිගටම සත්ත්ව සුබ සාධනය උදෙසා කැපවුණු "එම්බාර්ක්" ගොඩ නැගීම සඳහා වැඩි කාලයක් යොමු කිරීම හේතුවෙන් සමගාමේ ලාභාංශ අඩුවන තත්ත්වයක් උදාවී තිබේ.

'ඔඩෙල්' සමාගමේ මැලේසියානු කොටස් හිමිකම සහිත පර්ක්සෝන් රෙටිල් එශියා ලිමිටෙඩ් ඔඩෙල් හි තත්වය පිලිබඳ එතරම් පැහැදිමකින් නොසිටි බවද වාර්තා වේ. 

පසුගිය ජුනි කාර්තුවේ රුපියල් මිලියන 7 ක අලාභ ලද ඔඩේල් කොටසක ඉපයුම වුයේ රුපියල් 0.03 ක අලාභයකි. 



මෙම තත්වය හමුවේ තමන්ට බලාපොරොත්තු වු ආයෝජන ප්‍රතිලාභ නොලැබිම නිසා තමන් සතු ඔඩෙල් හි කොටස් මිලියන 129.15 ක අයිතිය (47.46%) කොටසක් රුපියල් 22 බැගින් රුපියල් බිලියන 2.8 කට විකුණා දමන බව පර්ක්සෝන් රෙටිල් එශියා ලිමිටෙඩ් මැලේසියානු කොටස් වෙළෙඳ පොල වෙත දැනුම් දී තිබේ

Source - LankaEGossips

No comments:

Post a Comment