Saturday, October 25, 2014

ස්ත්‍රීයක් දූෂණ සිදුවන්නේ අපේ වරදින්ද?

Sinhala Rape

වර්තමානයේ ඇතැම් අංශ කෙරෙහි අවධානය යොමූකර බලනවිට, ස්ත්‍රී දූෂණ, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර, ළමයින්ට සිදුවන අතවර ආදී අංශවල වැඩිවීමක් තිබෙන බව පෙනෙනවා. මෙය මෙම අංශවල වැඩිවීමක් ද එහෙමත් නැත්නම් ප්‍රචාරයේ වැඩිවීමක් ද යන්න ස්ථීරවම කීම අපහසූයි.

මෙයට ජනමාධ්‍යයත් යම් තරමකින් වග කියන්නට ඕන. ලිංගිකත්වය උද්දීපනය වන ආකාරයේ වැඩසටහන් විද්‍යූත් මාධ්‍යවල විකාශයවීම මේ තත්ත්වය වැඩි කරන්නට හේතුවක් වී තිබෙනවා. ඒ වගේම අසභ්‍ය පූවත්පත්වලින්ද මේවා වැඩි දියූණූ කරන්නට උදව් වෙනවා. සමාජයෙන් නිතර නැගෙන චෝදනාවක් තමයි කාන්තාවන් අඳින ඇඳුම් නිසා ස්ත්‍රී දූෂණ හෝ අතවර සිදුවෙනවා කියන එක.

crime-on-woman-350x144

සිද්ධි කීපයක් උදාහරණ ලෙස බැලුවොත් මෙවැනි සිදුවීම් වෙලා තියෙන්නේ බාගෙට ඇඳගෙන එහෙමත් නැත්නම් අඩ නිරුවතින් පාරේ ගමන් කළ කාන්තාවනට හෝ යූවතියන්ට. නිවසක් ඇතුළත සිටි, එහෙමත් නැත්නම් සාරියක් ඇඳලා සිටි කාන්තාවකට. පොදු ප්‍රවාහන සේවා තුළදී ද මේ තත්ත්වය දකින්නට පූළුවන්.



ආයතන තුළදී සිදුවන ලිංගික අතවරකාන්තාවන් මූහූණපාන තවත් ගැටලුවක් තමයි තමන්ගේ ආයතනයේ ඉහළ නිලධාරන්ගෙන් එල්ලවන ලිංගික පීඩාවන්. මෙතැනදී කාන්තාවන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. "මම මේක ප්‍රතික්ෂේප කළොත් මගේ රැකියාව අහිමිවීමේ අවදානමක් තියෙනවා" කියලා. එතකොට කල්පනා කරනවා එහෙමනං මං කොහොමද මේක විසඳගන්නෙ කියල ඒකත් ප්‍රශ්නයක්.



එවැනි ගැටලුවකට මූහූණපාන කාන්තාවකට පූළුවන් මේ ප්‍රශ්නය ශ්‍රී ලංකා කාන්තා කමිටූවට යොමූ කරන්න . නමූත් මෙතනදී විශේෂයෙන් මතක තබාගත යූතු කාරණයක් තියෙනවා. තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන විට පැහැදිලි තොරතුරු ලබාදෙන්න ඕන. තමන්ගේ නම අවශ්‍ය නැහැ. කවූද මේ පූද්ගලයා, ආයතනය කුමක්ද? මොනවගේ බලපෑමක්ද කරන්නේ කියන තොරතුරු ඔබ ලබාදුන්නේ නැතිනම් එම පැමිණිල්ලෙන් වැඩක් වන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලබාගන්නටත් බැහැ. ඒ නිසා නිවැරදි, අවශ්‍ය තොරතුරු සියල්ලම ලබාදීම ඉතාම වැදගත්.

මේ ගැන කතා කරන විට ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි අපට යම් කිසිවක් සන්නිවේදනය කිරමට ඇති නොහැකියාව. ඒ කියන්නේ අදාළ තොරතුරු ලබාදීමට නොදන්නා කම. එසේ වූ විට අපි බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන්නේ නෑ.



පාසල් තුළත් මේ තත්ත්වයම ඇතිවෙන්නට පූළුවන්. පාසලේ ශිෂ්‍යාවන්ට යම් ගුරුවරයෙකුගෙන් අතවර සිදුවෙනවා නම් ඒ ගැන සියලු තොරතුරු දැනූම් දෙන්නට ඕන. මේ වගේ පැමිණිලි ලැබෙනවා. නමූත් බොහෝවිට අඩූපාඩූ සහිත පැමිණිලි නිසා අවශ්‍ය පියවර ගන්නට හැකියාවක් නැහැ. උදාහරණයක් ලෙස මෙහෙම ලියූමක් ගැන හිතන්න. "මගේ" දුවට, දුවයන ඉස්කෝලේ ගුරුවරයෙක් කරදර කරනවා. මගේ දුවට විතරක් නෙමෙයි අනෙක් ළමයින්ටත් මේ ගුරුවරයා කරදර කරනවා."
මේ අම්මා දියණියගේ පාසලෙ හෝ ගුරුවරයාගේ නම සඳහන් කර එවලා නැහැ. ඒවගේම සිදුවන අතවරවල ස්වභාවය දක්වලත් නැහැ. ඒ නිසා ඒ පැමිණිල්ල ගැන සොයා බලන්නට කිසිම ක්‍රමයක් නැහැ.

අපරාධයක් සම්බන්ධයෙන් දැනගත යූතු වැදගත් කරුණූ




  • අපරාධයක් යනූ කුමක්ද?


අපරාධයක් යනූ සමාජයට එරෙහිව කරන වරදකි. උදා ( මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් , සොරකම්, වංචා අයූතු ඇතුළත් වීම ආදිය.

  • අපරාධයක් සිදුවූ විට කළ යූත්තේ කුමක්ද?


වහාම තම ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කරන්න.එය අත්සන් කිරමට පෙර පොලිසිය ලියාගත් පැමිණිල්ල හරියටම ලියා ඇත්දැයි කියවා බලන්න.තමාට කියවිය නොහැකි නම් එය කියවා දෙන ලෙස පොලිස් නිලධාරියාට කියා සිටින්න. එය ඔබට කියවාදීමට පොලිස් නිලධාරියා බැඳී සිටී.පැමිණිල්ල කියවීමට ඉඩ නොදුන්නොත් හෝ කියවා නොදුන්නොත් අත්සන් කිරම ප්‍රතික්ෂේප කරන්න. එසේ කිරමට අයිතියක් ඇත පැමිණිල්ලේ අග "මතු ආරක්ෂාවට පැමිණිලි කරන ලදී" යනූවෙන් ලියා ඇත්දැයි බලන්න. එසේ ලියා තිබූණොත් පොලිසිය එම පැමිණිල්ල ගැන ක්‍රියා නොකරයි.පොලිසිය පැමිණිල්ල භාර නොගත්තොත් හෝ පැමිණිල්ල ගැන ක්‍රියා නොකළහොත් සහකාර පොලිස් අධිකාරිට පොලිස් අධිකාරිට පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිට, පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන්න.



ළමයකුට සිදුවූ අපරාධයක් නම් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට සහ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනූම් දෙන්න. වෙනස්කම් කරනූ නොලැබීමේ අයිතිය ස්ත්‍රින්ට හා පූරුෂයන්ට සමාන අයිතිවාසිකම්වලට හිමිකමක් ඇත. ස්ත්‍රි පූරුෂ භේදය මත වෙනස්කම් කරනූ නොලැබීමේ අයිතිය මූලික අයිතිවාසිකමකි ,මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වූ විට ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් කොමිසමට මාසයක් තුුළ පැමිණිලි කොට සහනයක් පැතිය හැකිය.

No comments:

Post a Comment