Friday, October 17, 2014

Etisalat හා Airtel ලංකාවේදී එකතුවෙන ලකුණු


etisalat-airtel-logo

ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම හා එක්සත් අරාබ් එමීර් හි ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලය වන එටිසලාර්ට් (Etisalat) ස්වකිය ශ්‍රී ලංකා ​මෙහෙයුම් තවත් සමාගමක් සමග ඒකාබද්ධ කිරීමේ උත්සාහයක නිරතවන බව මැදපෙරදිග පුවත් සේවයන් වාර්තාකොට තිබේ.

දැනට ලංකාවේ පවතින දුරකථන ජාල තරඟය අනුව මිල මගින් තරඟ කළ නොහැකි අතර ලබාදෙන සේවාව මගින් පමණක් තරඟ කිරීමට පරිසරය සැකසී ඇත.

මෙම වටපිටාව මත මොබිටෙල් හා ඩයලොග් ඉක්මවා යාම සඳහා තවත් ජංගම දුරකථන ජාලයක් සමග ඒකාබද්ධ වීම හෝ ලංකාවේ මෙහෙයුම් කටයුතු අත්හැර දැමීමට එටිසලාට් මව් සමාගම විසින් තීරනයකොට ඇත.

මෙයට සමාන ඉරණමකට මුහුණ පා සිටින භාරති එයාර් ටෙල් සමාගමද සිය මෙහෙයුම් කටයුතු නවතා දැමීමට මෙයට පෙර සූදානම් විය. ඒ අනුව මේවනවිට එටිසලාට් හා එයාර්ටෙල් ජංගම දුරකථන ජාල දෙක ඒකාබද්ධ කිරීමට සාකච්චා පැවැත්වෙන බව වාර්තා වේ. ​

හචිසන් දුරකථන ජාලයද සිය මෙහෙයුම් කටයුතු විකුණා දැමීමට සූදානම් ව සිටින අතර මොබිටෙල් විසින් හචිසන් මිලදීගැනීමට සාකච්චා වට කිහිපයක්ම පැවැත්වුවත් වය තවමත් සාර්ථක වී නොමැත. -

http://www.gossipbook.lk/


 

 

No comments:

Post a Comment