Friday, November 14, 2014

එයා එකපාරටම ළගට ඇවිත් මගේ ඇඳුම යටින් අතදැම්මා

දබුල්ල දුෂණ





ෆිට්-ඔන් රූම් එකේ දී
සේවක තරුණයා
තමන්ගේ අඟපසඟ
අතගෑ හැටි
තරුණිය හෙළිකරයි..!

දඹුල්ල නගරයේ ‘සී ෆැෂන්’ නමැති රෙදිපිළි අලෙවිසලකට ඇඳුමක් මිලදී ගැනීම සඳහා පැමිණි තරුණියක් එහි ඇඳුම් මාරු කර බලන ෆිට්-ඔන් කාමරයට ගිය අවස්ථාවේ එම රෙදිපිළි අලෙවිසළ තුළ සේවයේ නිරතව සිටි සේවකයකු ඇය සිටි ෆිට්-ඔන් කාමරය තුළට ඇතුලූ වී ඇගේ අඟපසඟ අතගෑමේ සිද්ධියක් නිසා ඊයේ (12 වැනිදා) සවස දඹුල්ල නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

සීගිරිය ප‍්‍රදේශයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු ඊයේ පස්වරුවේ රෙදි මිලදී ගැනීම සඳහා මෙම වෙළෙඳසලට පැමිණි පසු, ඒ දෙදෙනාගෙන් එක් තරුණියකට මෙම හිරිහැරය සිදුව තිබෙනවා. මෙම සාප්පුවේ ෆිට්-ඔන් කාමරය තිර රෙද්දකින් පමණක් වෙන්ව ඇති බවත්, එම තිරය මෑත්කර සේවකයා ඇය වෙත ළං වූ බවත් කියැවේ. ඔහු ඇතුළුවන අවස්ථාවේ තරුණිය සිට ඇත්තේ උඩුකය තනපටයකින් පමණක් ආවරණය කරගෙන පමණි. එහිදී අදාළ සේවකයා ඇගේ ඇඳුම් සියල්ල උනාදමන්ට උත්සාහ කර තිබුණ අතර, තරුණිය ඉන් බියට පත්ව කෑගසන්නට උත්සාහ කර ඇත.
පසු එම සේවකයා "කෑ ගහන්න එපා නංගි මෙහෙම දේවල්වලට ඇයි අකමැති වෙන්නේ......" යනුවෙන් ඇයට පවසා ඔහු තවදුරටත් ඇයට හිරිහැර කරන්නට උත්සාහ කර ඇත.

අඟපසඟ අතගෑමත් සමග ඔහුගෙන් ගැළවී එළියට පැන ගත් තරුණිය අනෙක් තරුණිය ද සමග එක්ව මෙම සිද්ධියට එරෙහිව කෑකෝ ගැසීමත් සමග නගරයේ වැසියන් කඩය වටකර සේවකයා සොයා ඇති අතර ඔහු ඒ අවස්ථාවේ එම ස්ථානයේම සැගවි සිට ඇත. ඉන් කුපිත වූ ප‍්‍රදේශවාසීහු එම තරුණයා එළියට ගැනීමට සූදානම් වූ නමුත් සාප්පු හිමියා මැදිහත් වී ඔවුනට ඇතුළට යන්නට ඉඩ දී නැත.

පසුව කියා ඇත්තේ එය පොලිසිය සමග බේරාගන්නා බවකි. ඉන් අනතුරුව මේ ගැන ලැබුණු පැමිණිල්ලත් සමගින් එම ස්ථානයට පොලිසිය පැමිණ සිද්ධියට අදාළ සේවකයා අත්අඩංගුවට ගන්නට සෙවූ නමුත්, ඔහු එළියට ගොස් ඇතැයි කියමින් සාප්පු හිමියා, තම සේවකයා බේරාගන්නට උත්සාහ කර ඇත.

නමුත් වරදකරුවන් අල්ලාගන්නා තුරු එම ස්ථානයෙන් පිටව නොයන බවට නගරවැසියන් සහ සිද්ධියට මුහුණ පෑ තරුණියන් විරෝධය පළකරමින් රැඳී සිටි නිසා පැය කිහිපයකට පමණ පසුව සාප්පුවේ සිටි මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඞ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර්පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. ඒ, දඹුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා ලබාදුන් නියෝගයකට අනුවයි. 

අතවර තැතට ලක්වූ තරුණිය කතා කරයි!

දඹුල්ලේ රෙදි පිළි සාප්පුවකදී තමන්ට සිදු වූ අතවරය අදාළ තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කර තිබුණේ පහත පරිදිය.

"එයා කිව්වා උඩට යන්න කියල.. ඊට පස්සෙ මං උඩට ගියා.... උඩට ගිහාම කිව්වා...  'ඕකෙන් ෆිටොන් කරලා බලන්න...' කියලා.. ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා 'ඒකෙ එක්කෙනෙක් ඉන්නව...' කියල.. ඒකෙ ඇත්තටම හිටිය... පස්සෙ මං ෆිටොන් කරලා යළුවට පෙන්නන්න බලනකොට යාළුවා එතැන හිටියේ නෑ...  පස්සේ එයා මගේ ළගට ඇවිත් එකපාරටම මගේ ඇඟ පහතින් අතදැම්මා...

ඊට පස්සෙ මං එයාට ගැහුවා..... ගහලා මං පල්ලෙහාට දුවගෙන ආවා.... මං කිව්වා මං තමුසෙට එකපාරයි සමාව දෙන්නෙ... කියල.. ඇතුලට කියන්නද? ජොබ් එක නැති කරගන්නවද? කියල ඇහුවම කිව්වා 'අනේ කියන්න එපා....' කියල.. ඒ හින්දයි මං මේ ගැන නොකිව්වේ....'

සිදුවීමට අදාළ ඡායාරූප කිහිපයක් පහතින්.








Lanka e Gossip News

Wednesday, November 12, 2014

Facebook හිමිකරු එකම T-shirt එකක් ඇඳීමට හේතුව මෙන්න



පසුගියදා Facebook විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී Facebook සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් Facebook නිර්මාතෘ Mark Zuckerberg ගෙන් විමසා තිබුණි.

Hot යුරේනිගේ අලුත්ම පින්තුර

http://col3negvision.com/images/gallery/big/Yureni%20Noshika_actresslk.com-0814.jpg




http://col3negvision.com/images/gallery/big/Yureni%20Noshika_actresslk.com-0811.jpg




http://col3negvision.com/images/gallery/big/Yureni%20Noshika_actresslk.com-0810.jpg




http://col3negvision.com/images/gallery/big/Yureni%20Noshika_actresslk.com-0813.jpg




http://col3negvision.com/images/gallery/big/Yureni%20Noshika4.jpg

http://col3negvision.com/images/gallery/big/Yureni%20Noshika%203.jpg




http://col3negvision.com/images/gallery/big/Yureni%20Noshika%202.jpg




http://col3negvision.com/images/gallery/big/Yureni%20Noshika%201.jpg




 

http://col3negvision.com/images/gallery/big/www.actresslk.com_0065.jpg

රුවන්ගිගේ අලුත්ම ඒවා ( Photo )

http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0231_actresslk.com.jpg




 

http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0230_actresslk.com.jpg




http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0229_actresslk.com.jpg




http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0228_actresslk.com.jpg




http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0223_actresslk.com.jpg




http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0214_actresslk.com.jpg




http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0213_actresslk.com.jpg




http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0212_actresslk.com.jpg




http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0211_actresslk.com.jpg




http://col3negvision.com/images/gallery/big/Ruwangi%20Rathnayake_0210_actresslk.com.jpg

දැන් හැමෝම මට එන්න කියනවා - සෙනාලි




ඉස්සර වගේනෙමෙයි දැන්...පෙම් ඇරයුම් ගෙනාවට වැඩක් වෙන්නෑ...
ෆොන්සේකා පරම්පරාවේ දෙවැනි පරපුරට අයත් නිළියක් ලෙසින් රංගනයට එක්වන 'සෙනාලි ෆොන්සේකා' කියන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකාගේ සහෝදරයාගේ දියණියක වූ නමුත් ප්‍රේක්ෂකයින් මුලින්ම සේනාලිව හදුනා ගන්නේ මාලනියගේ ලේලිය නිසා නොව, ඇය ජනප්‍රියතත්වයට පත් වන්නේ ඈ මුලින්ම රංගනයෙන් දායක වුණු "සිරිපැරකුම්" චිත්‍රපටය නිසා ය. ඒ නිසාවෙන්ම අදටත් රසික පිරිස් ඇයව හඳුනන්නේ 'එතනා' නමිනි. පසුගියදා නිමාව දුටු හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙ‍ලේ දී ජනප්‍රියම නිළියන් පස් දෙනා අතරට සේනාලිගේ නමත් නිර්දේශ වුණා. ඒ නිසාම මේ දිනවල විදෙස්ගතව වැඩිදුර අධ්‍යාපනය ලබන සෙනාලිගේ ආ ගිය තොරතුරු ගැන සටහනක් එක් කරන්නට අප සිතුවා.

"මම පුංචි කාලෙම විදෙස්ගත වුණේ අම්මයි, තාත්තයි විදෙස්ගත වුණ නිසයි. මම මූලික අධ්‍යාපනය කොළඹ විශාකා විද්‍යාලයෙන් හැදෑරුවත් පසුව එංගලන්තයේ පාසලකින් ඉගෙන ගත්තා.... ඒ වුණත් එංගලන්තේ ජීවත් වෙන්න වුවමනාවක් නැහැ.... ලංකාව කියන්නේ ලස්සන රටක්.... මම මගේ රටට ආදරෙයි.... මගේ කලා කටයුතුවලටත්, ශක්තියක් වුණේ ලංකාව.... ඒ නිසා කොහොමත් මට පිටරට ජීවත් වීමේ උණක් නැහැ....
මම මේ දිනවල ඉන්නේ විදෙස්ගතව.... කේම්බ්‍රිජ්වල වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න තියෙන කැමැත්ත නිසාම නිතර නිතර ලංකාවට එනවා. විදේශ ගතවෙලා පදිංචි වෙන්න මගේ අදහසක් නැහැ..... ඊළඟ නිවාඩු වාරය ආ ගමන්ම මම ලංකාවට එනවා... බොහෝ දුරට තව මාස කීපයකින් මට ආයෙමත් ලංකාවට එන්න පුළුවන් වෙයි... 

හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළියට නිර්දේශ වුණා. ඒ විදියට නිර්දේශ වුණාම ඕනෑම කෙනෙක් සම්මානය ලැබෙයි කියලා බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. ඒ බලා‍පොරොත්තුව මටත් තිබුණා. නමුත් ඒ සම්මානය මටම ලැබෙයි කියලානම් මම හිතුවේ නැහැ..... මොකද මට වඩා රංගනයේ දී ප්‍රවීණයන් වෙන්නේ අනෙක් රංගන ශිල්පිනියන් හතර දෙනා.....

සිරිපැරකුම් චිත්‍රපටය සම්බන්ධ වෙලා වර්ෂ දෙකහමාරක වගේ කාලයක් ඇති. ඊට කලින් සෙනාලි ෆොන්සේකා කියන්නේ කවුද කියලා කවුරුත්ම දන්නේ නැහැ..... මිනිස්සු රන් එතනාට ආදරය කළා. රන්එතනා කියන්නේ මගේ රංගන ජීවිතයේ ආරම්භය.

ඒ ආරම්භයට ජනතාව ප්‍රසාදය ලබා දුන්නා කියලා හිතනවා. සම්මානයට නිර්දේශ වීමම මම ලැබුව ජයග්‍රහණයක්. පළමු නිර්මාණයෙන්ම ජනප්‍රිය වීමයි.

සම්මානයකට නිර්දේශ වීමයි කියන්නේ රංගන ශිල්පිනියක් හැටියට සාර්ථක වීමක්. අපි රඟපාන දේ මිනිසුන්ට දැනෙන්න ඕනෑ.... රන් එතනාව මිනිසුන්ට දැනුණා.... ඒ නිසා ඒ අය මට ඔවුන්ගේ කැමැත්ත සම්මානයකට නිර්දේශ වීම දක්වා රැගෙන ගියා.... හරිම සතුටුයි. ඒ සතුට මම හරිම නිහතමානීව විඳිනවා.

තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ චරිත මගේ හදවතට දැනුණේ නැහැ... සෙනාලි ෆොන්සේකාට රඟපාන්න පුළුවන් නිර්මාණයක් නොවුන නිසා ප්‍රතික්‍ෂේප කළා.... හොඳ නිර්මාණ ලැබුණොත් මට මගේ රංගන පරාසය පෙන්වන්න පුළුවන් නිර්මාණයක් වුණොත් විතරයි මම භාර ගන්නේ.

මේ දවස්වල මායා පටල ටෙලි නාට්‍යයෙන් මාව දකින්න පුළුවන්. ඊට අමතරව කළු සෙවණැල්ල ටෙලි නාට්‍යයේ එමලිගේ චරිතයට මගේ රංගන දායකත්වය ලබා දුන්නා. ඒ චරිත දෙකම එකිනෙකට වෙනස්. මම ලංකාවේ නැතත් ඒ නිර්මාණවලින් මාව මගේ රසිකයන්ට දැකගන්නට පුළුවන්.

මට ලැබෙන ප්‍රතිචාරවළ එහෙම විශේෂත්වයක් නැහැ..... හැමෝම මට ආදරෙයි.... පිරිමි ළමයි වගේම ගැහැනු ළමයි. ඒ ප්‍රතිචාරවලට වයස් භේදයකුත් නැහැ....

රන් එතනාට ආදරය කරපු වගේම සෙනාලි කියන චරිතයට ආදරය කරන පිරිමි ළමයි ඇත්තටම ආදරය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ඇරයුම් සුහදව මම ප්‍රතික්‍ෂේප කරනවා..... දැන්ම මට ප්‍රේම යෝජනා ගෙනැවිත් ඵලක් නැහැ.....

මට පෙම්වතෙක් නැහැ...... මම මගේ ජීවිතේ මුල්තැන දෙන්නේ මේ දවස්වල අධ්‍යාපනයට පෙම්වතියක් වෙන්න තව කල් තියෙනවා..."





Lanka e Gossip News

Monday, November 10, 2014

2014 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා අද දවස ඔබට කොහොමද?



මේෂ ලග්නය


අද දවසේ රැකියා කටයුතු තරමක් කාර්යබහුලයි. දවසේ ලැබීම් අතින් ඉතා යහපත්. රුධිරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. විවාහ ජීවිතයේ වාසනාව වැඩි කාලයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 09.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.






 


වෘෂභ ලග්නය


රැකියා කටයුතු වලට ඉතා යහපත් දිනයක්. නව අදායම් මාර්ග උදා වියහැක. අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ට යහපත්. හිතවතුන් අතර ජනප්‍රිය පුද්ගලයෙකු වියහැක. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. විදෙස් ගමන් අපේක්ෂා කරන්නන්ට එම අපේක්ෂාවන් මුදුන් පත් කරගත හැකි දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.07.48 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.




 




මිථුන ලග්නය


මෙතෙක් කලක් පමාවෙමින් පැවති රැකියා උසස්වීම් ලැබෙනු ඇත. වෙළඳ කටයුතු වලින් වාසි අත්වන දිනයක්. මව් පාර්ශවයේ ඥාතියේකුට අපල ගෙන දිය හැක. නව නිවාස, ඉඩකඩම් මිලදීගැනීම් වලට සුභයි. නීතිමය ප්‍රශ්නයකට මැදිහත්විය හැක. ගෙදර දොර කටයුතු වලට යහපත්. සමගිය සාමය වර්ධනය වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.10 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.






 


කටක ලග්නය


අධ්‍යාපනයේ යෙදී සිටින දරුවන්ට යහපත් ප්‍රතිපල උදාකරයි. තරග විභාග වලින් ජය අත්වෙයි. රැකියා ස්ථානයේ සුහදතාව වර්ධනය වෙයි. ආර්ථිකයේ බිඳ වැටීම් පෙන්නුම් කරයි. ව්‍යාපාර පාඩු ලබන තත්වයක් ඇති නිසා මුදල් යෙදීමෙදි ප්‍රවේසම් වියයුතුයි. අවිවාහක අයගේ පැතුම් ඉටුවී යුග ජීවිතය සතුටින් ගතවෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 08.39 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.




 




සිංහ ලග්නය


වෙළඳ ව්‍යාපාර වලින් වාසි අත් වෙන දවසක්. ගේදොර සාමය පවතී. රැකියා පරිසරය සුහදශීලී වෙයි. මුදල් පාලනය ප්‍රවේශම් වියයුතුයි. දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. සමාජසේවා කටයුතු බහුල දිනක්. සමාජීය වශයෙන් පිළිගැනීම් හිමිවෙයි. විවාහ දිවිය සතුටින් ගත කරයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 09.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.






 


කන්‍යා ලග්නය


අමතර ආදායම් මාර්ග උදාවෙයි. තරුණ තරුණියන්ට මංගල යෝග උදාකරයි. රැකියා උසස්වීම් ලැබෙයි. මිල මුදල් ලාභ අත්වෙයි. යුගදිවිය සාර්ථක ලෙස ගතවෙයි. සුළු නොසන්සුන් තත්වයක් ඇති වෙයි. මෙතෙක් ප්‍රමාද වූ කටයුත්තක් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ඉටු වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 07.48 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.




 




තුලා ලග්නය


ආර්ථිකය යහපත්. අනපෙක්ෂිත මුදල් ලාභ අත්වෙයි. රැකියා උසස්වීම් ලැබෙයි. වෙළඳ වියාපාර වලින් ලාභ අත්වෙයි. සේවකයන්ගේ සහයෝගය වැඩිපුර ලැබෙයි. ආගමික කටයුතු සඳහා වෙහෙසෙයි. පව්ලේ ප්‍රීතිය වැඩි වෙයි. රුධිරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.10 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.






 


වෘශ්චික ලග්නය


දවසේ ලැබීම් අතින් සාමාන්‍යයි. රැකියාවේ පසුබෑමක්. උත්සහයෙ තරමට ප්‍රතිපල නැත. ආර්ථිකය සුභ නොවෙයි. අධ්‍යාපන කටයුතු හොදින් සිදු වෙයි. මුදල් ගනුදෙනු ඉතා පරිස්සමින් කලයුතුයි. හිස ආශ්‍රිත අසනීප වලින් ප්‍රවේසම් වන්න. ගෘහ ජීවිතය ප්‍රීතිමත්. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 09.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.




 




ධනු ලග්නය


අද දවසේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. දවසේ ලැබීම් අතින් සාමාන්‍යයි. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ අත්වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.10 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.






 


මකර ලග්නය


විදෙස් ගමන් සාර්ථක වෙයි. ජීවිතය යහපත් අතකට වෙනස් වෙන කාලයක්. වෙළඳ කටයුතු වලින් වාසි අත්වන දිනයක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. ගෘහ ජීවිතය යහපත් තත්වයකට පත් වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.07.48 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.




 




කුම්භ ලග්නය


වෙළඳ වියාපාර වලින් ලාභ අත්වෙයි. ධන වාසනාව වැඩි දවසක්. අද දවසේ රැකියා කටයුතුවලදී අභියෝග වැඩි දවසක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. අවිවාහක අයගේ පැතුම් ඉටුවී යුග ජීවිතය සතුටින් ගතවෙයි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.39 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.






 


මීන ලග්නය


අද දවසේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. දවසේ ලැබීම් වලට තරමක් බාදා පවතිනවා. සමාජසේවා කටයුතු බහුල දිනක්. සමාජීය වශයෙන් පිළිගැනීම් හිමිවෙයි. විවාහ දිවිය සතුටින් ගත කරයි. විදෙස් ගමන් අපේක්ෂා කරන්නන්ට එම අපේක්ෂාවන් මුදුන් පත් කරගත හැකි දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 07.48 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.