Friday, October 17, 2014

ODEL විකුනුන්න හේතු වූ ප්‍රශ්නය !



ඔඩෙල් ව්‍යාපාරය සමූහය ඔටාරා ගුණවර්ධන විසින් පසුගියදා සොෆ්ට්ලොජික් සමාගම වෙත විකුණා දැමීම පිලිබඳ පසුගිය කාලය පුරාවට කතාබහට ලක්වුණි. 





මෙහිදී ඔටාරා සිය තීන්දුව පිලිබඳ

හෙළිකොට තිබුනේ "සත්ත්ව සුබ සාධනය" තකා ඇය ව්‍යාපාර වලට සමුදුන් බවකි. ඇයගේ එම කතාවෙහි සත්‍යයක් තිබුනද ඔඩෙල් විකුණා දැමීම කෙරෙහි බලපෑ ඉන් එහා ගිය කරුණක් පිළිබවද වාර්තා වේ.




ඔඩෙල් විකිණීමට පෙරාතුව අවසන් කාලය තුලදී ඔටාරා දිගින් දිගටම සත්ත්ව සුබ සාධනය උදෙසා කැපවුණු "එම්බාර්ක්" ගොඩ නැගීම සඳහා වැඩි කාලයක් යොමු කිරීම හේතුවෙන් සමගාමේ ලාභාංශ අඩුවන තත්ත්වයක් උදාවී තිබේ.



ODEL සමාගමේ මැලේසියානු කොටස් හිමිකම සහිත Parkson Retail Asia Limited ඔඩෙල් හි තත්වය පිලිබඳ එතරම් පැහැදිමකින් නොසිටි බවද වාර්තා වේ. 



පසුගිය ජුනි කාර්තුවේ රුපියල් මිලියන 7 ක අලාභ ලද ඔඩේල් කොටසක ඉපයුම වුයේ රුපියල් 0.03 ක අලාභයකි. 



මෙම තත්වය හමුවේ තමන්ට බලාපොරොත්තු වු ආයෝජන ප්‍රතිලාභ නොලැබිම නිසා තමන් සතු ඔඩෙල් හි කොටස් මිලියන 129.15 ක අයිතිය (47.46%) කොටසක් රුපියල් 22 බැගින් රුපියල් බිලියන 2.8 කට විකුණා දමන බව Parkson Retail Asia Ltd මැලේසියානු කොටස් වෙළෙඳ පොල වෙත දැනුම් දී තිබේ.


1 comment:

  1. Hello, i read your blog from time to time andd i own a similar one and i was just wondering if you get
    a lot of spam remarks? If so how do you protect against it,
    any plugin or anything you can recommend? I get so much lately it's driving me crazy so any assistance is very much appreciated.


    Also visit myy page ... Ask.fm finder

    ReplyDelete