Friday, October 24, 2014

ළඟදී විවාහ වීමට බලාපොරොත්තු වන කාන්තා ඔබට










විවාහයට සූදානම් වන යූවතියක් ඒ සඳහා අවශ්‍ය දේ ලක ලැහැස්ති කරගන්නේ බොහොම කාලයක ඉඳලා. ඒ තරම්ම වැදගත් දෙයක් ගැනයි මේ කතා කරන්න යන්නේ.

විවාහ වෙන්න සූදානම් වන යූවතියක් වෛද්‍ය උපදෙස් පැතීමත් ඉතාමත් වැදගත්. අඩූම තරමින් විවාහයට මාස 3 පමණ පෙර හෝ වෛද්‍යවරයෙකු

වෙත ගොස් දෙදෙනාටම වැදගත් වන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.

මෙය වැදගත්වන්නේ විවාහයත් සමග ගත යූතු වෛද්‍යමය තීරණ කිහිපයක් ඇති නිසයි. එයින් වැදගත්ම කාරණය දරුවෙක් ලබා ගැනීම. ගර්භනීතාවයකදී ඇති විය හැකි ආකූල ව්‍යාකූලතාවන් අවම කරගැනීමට හැකි අවස්ථා තිබෙනවා. ඒ නිසා මේ කාරණා ගැන දැන ගැනීම අවශ්‍යයි. විවාහ වීමට සිටින යූවළක් ඇතැම් විට දරුවන්ට බලපාන ජානමය ප්‍රශ්න තිබෙනවා. මේ ජාන පියාගේ වෙන්නට පූළුවන්. නැතිනම් මවගේ ජාන වෙන්නට පූළුවන්. ඇතැම් විට දෙදෙනාගේම වෙන්නට පූළුවන්. මේ වගේ තත්ත්වයකදී එම යූවළ අතර විවාහය සිදුවිය යූතුද නැද්ද කියන කාරණය පවා තීරණය කරන්නට පූළුවන් කල් ඇතිව පරීක්ෂණයක් කරගත්තොත්. ලංකාවේ තිබෙන බහූලම ජාන ආශ්‍රීත රෝගයක් තමයි තැලසීමියා රෝගය ඇතැම් කාන්තාවන් ඉන්නවා ඔවූන්ට තැලසීමියා රෝගය නැහැ. නමූත් ඔවූන් රෝග වාහකයන්. ඇතැම් විට තමන් විවාහ වන පූරුෂයා තුළත් මේ ජානය තිබෙන්නට පූළුවන්. මේ වගේ ජාන තිබෙන දෙදෙනෙක් එකතු වූණොත් උපදින දරුවාට රෝගය ඇති වෙනවා. ඒ නිසා මෙවැනි දෙදෙනෙක් එකතු වීම සූදුසූද කියලා වෛද්‍යමය පැත්තෙන් විවාහයට පෙර තීරණය කළ යූතුයි.

තවත් කාරණයක් තමයි ස්ත්‍රියකගේ පැත්තෙන් දරුවන්ට දැඩිව බලපෑම් ඇති කරන රෝග තත්ත්වයන් තියෙනවා. ඒ නිසා එතැනදීත් තීරණය කරන්න ඕන විවාහය ගැන. මෙහිදී විවාහ වීමට බාධාවක් ඇතිවන්නේ නෑ. නමූත් විවාහයක් තුළින් අපි බලාපොරොත්තු වන දරුවෙක් ලබාගැනීමට එය බාධාවක්.

දරුවන්ට ඇතිවන ප්‍රශ්න ඇරුණම, තවත් පැත්තක් තියෙනවා. ඒ ස්ත්‍රියට හෝ පූරුෂයාට උපතින්ම හෝ පසූව ඇතිවූ අසනීප තියෙනවා දරුවන් ලබන්නට බැරි. එවැනි තත්ත්වයකදී මේ ගැන අවබෝධය ඇති කර ගැනීමත් වැදගත්.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග වැනි රෝගී තත්ත්වයන් තිබෙන ස්ත්‍රින් සිටිනවා. බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් තියෙන කාන්තාවන්, රෝගය පාලනය කරගැනීම හෝ ඒ ගැන කිසිදු අවධානයක් නොමැතිවයි විවාහයට සූදානම් වන්නේ. අධි රුධිර පීඩනය ඇති කාන්තාවක්, දියවැඩියාව ඇති කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමක් සිදුවූවොත් එය ඇගේ ජීවිතයටත්, දරුවාටත් බලපෑම් කරනවා. ඒ නිසා එවැනි අය තමන්ගේ රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබා ගැනීම විවාහයට පෙර සිටම කළ යූතුයි.

ඇතැම් විට ආර්ථව චක්‍රයේ ප්‍රශ්න තිබෙන කාන්තාවන් ඉන්නවා. එවැනි අයට දරුවන් ලැබීම පමාවීමට පූළුවන්. අපි මේ කියන්නේ මේ අයට දරුවන් ලබන්න බෑ කියලා නෙමෙයි. ඔවූන්ට කළ යූතු ප්‍රතිකර්ම තිබෙනවා. ඒ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසූ දරුවන් ලබන්න පූළුවන්.

ඇතැම් ස්ත්‍රි, පූරුෂයන්ගේ ලිංගික ඉන්ද්‍රියන්වල විවිධ වෙනස්කම් තිබෙන්නට පූළුවන්. මේවා නිවැරදි කිරීමට සැත්කම් කිරීමට පවා අවශ්‍ය වෙන අවස්ථා තිබෙනවා. මේවා විවාහයට පෙර කළ යූතු දේවල්. ඇතැම් විට කලාතුරකින් කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ අවහිරතා තිබෙනවා. එවැනි අයට ආර්ථවය සිදුවන්නේ හෝ මල්වර වීමක් සිදුවන්නේ නැහැ. එවැනි කාන්තාවන්ට විවාහ විමේදී ගැටලු ඇති වන්නට පූළුවන්. ඒ නිසා විවාහයට පෙර මේ සඳහා ප්‍රතිකාර ලැබීම හොඳයි.

පොදුවේ සෑම දෙනෙකුටම ලබාදීමට හැකි උපදෙසක් තමයි විවාහයට මාස තුනකට පෙර රුබෙල්ලා එන්නත අනිවාර්යෙන්ම ලබාගන්න. ඒ වගේම ෆෝලික් අම්ලය පෙති ලබා ගැනීමත් වැදගත්. දිනකට ෆෝලික් අම්ලය මිලි ග්‍රෑම් 5 ක් පමණ ලබා ගැනීමෙන් ලැබෙන දරුවාගේ ස්නායූ සම්බන්ධ රෝග සම්පූර්ණයෙන්ම වාගේ වළක්වා ගන්නට පූළුවන්. ඒවගේම ගබ්සාවීමේ ප්‍රතිශතයත් සෑහෙන ප්‍රමාණයකින් අඩූකරන්නට පූළුවන්. ඇතැම් විට අප අතර සිටිනවා අපස්මාරය ඇති රෝගීන්. එවැනි අයට රෝගය පාලනය කිරීමට ඖෂධ වර්ග දෙක තුනක් ලබා දෙනවා වන්නට පූළුවන්. එවැනි කෙනෙක් විවාහයට සූදානම් වන විට ඒ ගැන වෛද්‍යවරයාට දැනූම් දී ඖෂධ ප්‍රමාණය අඩූ කරගැනීම හා වඩාත් ආරක්ෂාකාරි ඖෂධ ලබා ගැනීමට යොමූ විය යූතුයි.

විවාහ අපේක්ෂිත යූවතියගේ ආර්තවය සිදුවන දිනය විවාහ උත්සවය පැවැත්වෙන දිනයට යෙදී තිබෙන්නට පූළුවන්. එවැනි අවස්ථාවකදී ආර්තවය පමා කරගැනීම සඳහා ඖෂධ වෛද්‍යවරයෙකු වෙතින් ලබා ගතහැකියි. ඒ සඳහා අඩූ තරමින් මාසයකට පමණ හෝ පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යූතුයි.

විවාහ වන දෙදෙනා තුළ ලිංගිකත්වය ගැන තිබෙන අවබෝධයද විවාහයකදී ඉතාම වැදගත්. ලංකාවේ සංස්කෘතිය අනූව ලිංගික අධ්‍යාපනය ගැන දැනූම එතරම් ව්‍යාප්ත වී නෑ. ඒ නිසා තමන් හිතනවා නම් තමන් තුළ නිවැරදි වැටහීමක් නෑ කියලා හොඳම දේ වෛද්‍යවරයෙකු වෙත යෑමයි. නිවැරදි හා විශ්වාසවන්ත උපදෙස් ඔබට වෛද්‍යවරයෙකු වෙතින් ලබා ගත හැකියි. වෛද්‍යවරයෙකු වෙත ගොස් උපදෙස් ලබා ගැනීමට කිසිවිටෙකත් ලැජ්ජා වෙන්නට එපා. ඇතැම් විට බහූල වශයෙන් යූවතියන් තුළ මිථ්‍යා මත තිබෙනවා. පළමූ ලිංගික එක්වීම ඉතාම වේදනාකාරියි කියලා. ඔවූන් හිතනවා. මේ නිසා ලිංගික එක්වීමක් නොමැතිව අවූරුද්දක් දෙකක් ගත කළ ස්ත්‍රි පූරුෂයන් අපට හමූවී තිබෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මැලිවන්න එපා. අනවබෝධය නිසා පවූලේ ප්‍රශ්න ඇති කරගන්න එපා.

මේවාට අමතරව වෙනස් කර ගත යූතු තවත් දේවල් තිබෙනවා. තරබාරු කෙනෙක් නම් තමන්ගේ ශරීරයේ බර අඩූ කර ගැනීමට ආහාර පාලනය, ව්‍යායාම ආදිය කළ යූතුයි. තරබාරුබව වැඩිවීම, විවාහ ජීවිතයට, සාමාන්‍ය ජීවිතයට වගේම දරු පිළිසිඳ ගැනීම කෙරෙහිත් බලපෑම් කරනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනූව තමන්ගේ ශරිරයේ බර පවත්වා ගන්න. ඒ වගේම මෙහි අනෙක් පැත්තත් වෙන්න පූළුවන්. කුඩා සිහින් සිරුරක් ඇති අයත් තමන්ගේ නියමිත බර ප්‍රමාණය පවත්වා ගන්න ඕන.

ඇතැම් විට දෙදෙනා තුළම තිබෙන්නට පූළුවන් මෙතෙක් හඳුනා නොගත් රෝග. හෘදය ආශ්‍රිත රෝග දියවැඩියාව, රුධිර පීඩනය වූණත් තමන්ට තිබෙනවාද කියලා නොදැන ඉන්නට පූළුවන්. මේවා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවකින් දැනගන්නට පූළුවන්.

විවාහ අපේක්ෂිත යූවළක් කිසිදු රෝග තත්ත්වයක් නොමැතිව සිටිනවා වූවත් වෛද්‍යවරයෙකු වෙතට ගිහින් තමා විවාහ වීමට සිටින බව දැන්වූ විට වෛද්‍යවරයා ඔබ වෙනූවෙන් අවශ්‍ය උපදෙස් ලබා දේවි.

මේ සඳහා විශේෂිත සායනයක් නම් දැනට ලංකාවේ පැවැත්වෙන්නේ නෑ. නමූත් නාරි රෝග සායනයකට සහභාගිවීමෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරන්නට පූළුවන්. මේ සායන රජයේ රෝහල්වල පැවැත්වෙනවා.

මෙහිදී විශේෂයෙන් කිව යූතු කරුණක් තිබෙනවා. තමන්ගේ පවූලේ අයට හෝ තමන් වාසය කරන ප්‍රදේශය අනූව ජානමය රෝග, (උදා. තැලසීමියා වැනි) තිබෙනවා නම් ඔබට පූළුවන් ජාන පරීක්ෂාවකින් මේ ගැන දැනගන්න. තවත් දෙයක් තමන්ගේ පවූලේ හෝ ළඟම ඥාතියෙකුට අසාමාන්‍ය දරු උපතක් සිදුවෙලා තිබෙනවා නම් ඔබටත් එවැනි අවදානමක් තිබෙනවාද කියලා දැනගන්නටත් පූළුවන්. එවැනි ප්‍රශ්න තිබෙන කෙනෙකු හමූවූනොත් ඒ සඳහා විශේෂිත උපදෙස් සපයන සායනවලට ඔවූන්ව යොමූ කෙරෙනවා.

උතුරු කොළඹ (රාගම) මහ රෝහලේ
ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු









No comments:

Post a Comment