Friday, October 17, 2014

ඉබෝලා ලංකාවටත් ?


ebola-virus ලන්කාවතත් එයිද

මාරාන්තික ඉබෝලා වෛරසයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට තර්ජනයක් නැති බවත්, එහෙත් විදේශගතව සිට පැමිණි අයෙකු තමන්ට දින 21 ක් තුළ උණ රෝගය වැලඳුණහොත් වහාම දන්වන ලෙසත් වසංගත රෝග විද්‍යා අංශය​ ​විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකොට තිබුණි.



නමුත් මේවනවිට සමස්ථ ලංකා හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ ලංකාව තුල ඉබෝලා රෝග වැළඳී ඇති බවට සැක කළ හැකි රෝගියෙකු  ප්‍රතිකාර ගනිමින් සිටින බවයි.

තවමත් මෙම රෝගියා සම්බන්ධව ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද එම නිවේදනයේ සඳහන්. ඉබෝලා රෝගය වැලඳී ඇති සේවක සංගම් චෝදනා කරනු ලබන මෙම උණ රෝගියා නයිජීරියා ජාතිකයෙකු බවත් මේවනවිට උණ රෝහලේ ප්‍රතිකාර ගනිමින් පසුවන බවත් වාර්තා වේ.

මෙම පරීක්‍ෂණ වලින් අනතුරුව සමස්ථ ලංකා හෙද සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුනේ මෙම නයිජීරියානු ජාතිකයා ඉබෝලා රෝගියෙකු නොවන බවයි.

​ඉබෝලා ​පසුබිම සහ ඉතිහාසය
ඉබෝලා වෛරසය මරණය ලඟාකරදිය හැකි උග්‍ර රෝගයකිග ඉබෝලා වෛරස් රෝගය මුල් වරට හඳුනා ගන්නො ලද්දේ 1976 වසරේදීයි. ඒ අප්‍රිකානු රාජ්‍යයන් වන සූඩානයේ දී සහ කොංගෝවේදී වේ. විශේෂයෙන් කොංගෝවේ රෝගය පැතිරීයාම ඉබෝලා නදිය ආශ්‍රිතව සිදුවූ නීසා මෙම වෛරසය ඉබෝලා නම් තැබිනි.

මෙතෙක් ලොව ඇතිවූ දරුණුම සහ සංකීර්ණම ඉබෝලා වසංගත තත්වය දැනට අප මුහුනදෙන අවස්ථාවයි. මෙය මුල් වරට හඳුනාගන්නා ලද්දේ මේ වසරේ මාර්තු මාසයේදීයි. දැනට ගිනියාල සියෙරා ලියෝන්, ලයිබීරියා යන රටවලට ගොඩබිම් මාර්ගයෙන්ද නයිජීරියා සහ සෙනගල් රාජ්‍ය වෙත ගුවන් මගීන් ලෙසද රෝගය පැමින ඇත.

පසුගිය අගෝස්තු 8 දින මෙම රෝගය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු බැරෑරුම් තත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

රෝගය පැතිර යාම
ඉබෝලා වසංගතය ස්වාභාවිකවම පලතුරු වව්ලන් අශ්‍රිතව පවතී. රෝගය මිනිසුන් වෙත සංක්‍රමනය වීම බොහෝවිට රෝගය ආසාධනය වූ චිම්පන්සියන්, ගෝරිල්ලන්, වඳුරන් සහ පලතුරු වව්ලන් ගේ රුධිරයල හෝ වෙනත් තරලයන් මාර්ගයෙන් සිදුවේ.

ඉබෝලා මිනිසුන් අතර පැතිර යාම බොහෝවිට තුවාල වූ සම, රුධිරය බඳු රෝගියකුගේ ඕනෑම තරලයක් හරහා සිදුවිය හැකි අතර රෝගීන් පාවිච්චි කල තුවා බඳු දේ හරහාද වෛරසය පැතිර යාම සිදුවේ. විශේෂයෙන් ඉබෝලා වෛරස රෝගීන්ට සාත්තු කරන පිරිස් වෙතද රෝගය පැතිර යාම නිතර දැකිය හැකිවේ.

රෝගයෙන් සුවය ලැබූ පුරුෂයන්ගේ ශුක්‍ර තරලය හරහා රෝගය සුවවී සති 7ක කාලයක් යනතුරු රෝගය පැතිර යාම සිදුවිය හැක.

රෝග ලක්ෂණ
රෝග කාරක වෛරසය ශරීර ගතවී දින 2 -21 අතර කාලයක් තුලදී රෝග ලක්ෂණ පහ වේ. මිනිසුන් අතරල රෝග ලක්ෂණ පහල වන තෙක් පැතිරීමක් සිදු නොවේ. දැඩි උණ ගතිය සමග විඩාවල මාංශපේශීන්ගේ වේදනාවල හිසේ කැක්කුම සහ උගුරේ වේදනාව මූලික රෝග ලක්ෂණ වේ. ඉන් පසුව වමනය සහ පාචනය, කුෂ්ඨ, වකුගඩු සහ අක්මා ක්‍රියාකාරීත්වයේ ගැටළු ඇතැම් විට ශරීරයේ අභ්‍යන්තරික සහ භාහිර රුධිර වහනය සිදුවේ.

ප්‍රතිකාර
රෝගියාගේ සිරුර විජලන තත්වයෙන් මුදවා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කිරීමල පෙන්වන වෙනත් රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම රෝගෙයෙන් දිවි ගලවා ගැනීමේ අවස්ථාව වැඩිකරයි. කෙසේ වෙතත් මේ වෙනතෙක් පැහැදිලිව ඉබෝලා රෝගය සඳහා ප්‍රතිකාරයක් හඳුනාගෙන නැත.

කෙසේ වෙතත් රෝගය පාලනය සඳහාල රෝගීන් පාලනය කිරීමල නිරීක්ෂණයල රෝග පැතිරී යන පෙල නිරීක්ෂණයල ඉහල පර්යේෂණාගාර සේවය, මලසිරුර ආරක්ෂිතව මිහිදන් කිරීම, සහ සමාජය සූදානම් කිරීම අවශ්‍ය වේ. සාර්ථක රෝග පාලනයට ප්‍රජාව දැනුවත් කිරීම සහ ප්‍රජා සහභාගීත්වය අත්‍යාවශ්‍ය වේග

රෝගයේ දැඩි ලෙස වෙනස්වීමේ ස්වභාවය
මේ වන විට ලොව පුරා පැතිර යන ඉබෝලා වසංගතය ගැන මෑත කාලයේ මුල් වරට අසන්නට ලැබුනේ සියෙරා ලියෝන් රාජ්‍යයෙනි. එම මුල් රෝගීන් ආශ්‍රයෙන් කල අද්‍යයනයකදී තහවුරු වී ඇත්තේ රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යාමේදී මේ වන විට රෛවසයේ ඡාන වෙනස්වීම් 300 කට අධික ප්‍රමාණයක් සිදුවී ඇති බවයි. මෙබඳු දැඩි වෙනස්වන සුළු බව රෝග නීර්නයට මෙන්ම පර්යේෂණ සහ පර්යේෂණාත්මක ප්‍රතාකාර පවා දුර්මුඛ කරමින් සිටියි.
Science ජර්නලයේ දක්වා ඇත්තේල ඉබෝලා වෛරසයේ සිදුවන සීඝ්‍ර වෙනස්කම්ල රෝගය හඳුනා ගැනීමත් දැනට පරීක්ෂණ මට්ටමේ ඇති ගැලැක්සෝස්මිත් ක්ලින් (GlaxoSmithKline) ආයතනයේ ඉබෝලා එන්නත මෙන්ම California biotech Mapp Biopharmaceutical ආයතනයේ ප්‍රතිදේහ ZMapp ප්‍රතිකාරකයේ දියුනුකිරීමේ කටයුතු වලට බලපෑම් එල්ල කරන බවයි.

​ඉබෝලා පිලිබඳ තොරතුරු උපුටාගැනීම - ලංකා සයන්ස් වෙබ් අඩවිය


No comments:

Post a Comment