Thursday, October 23, 2014

දරුවෙක් හදන්න පරක්කුව තිබ්බේ මට විතරයි (නදිනි ප්‍රේමදාස)





මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි මධුර සුපර් ස්ටාර් තරු අතුරින් බිහි වූ ඇය තාරුණ්‍යයේ ආකර්ශනයට නතු වූයේ හඬ පමණක් නිසාම නොවේ. ස්වරූපයෙන් ද සුන්දර වූ නිසා ය. ඒ මේ වනවිට මුළු ලංකාවම හදුණන "නදිනි පේ‍්‍රමදාස" ය. හොඳ නාදයක්, හොඳ හඬක් යන තේරුම ඇතිව ඇයට ‘‘නදිනි’’ යන ඒ නම තබා ඇත්තේ ඇයගේ නැන්දා විසිනි. නැන්දා යෙදු නම අරුත්බර කළඇය "සපු කුසුමේ.... සුවඳ කවා.... රකිමි ඔබේ සුසුම පවා.... දෙතොල කරා කොපුල දිගේ....." යන ගීතයෙන් රසිකයන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වුවා ය. එලෙසින් මිමුනු ඇය දැන් ආදරණීය බිරිඳක් මෙන්ම මවකි. සැමියා සමග මෙන්ම දරුවා සමග කලා කටයුතුත් සමගින් ගෙවන ජිවිතයේ සොදුරු බව පිළිබදව නදිණි පැවසුවේ මෙලෙසින්. 
 
"දැන් මම අම්ම කෙනෙක්...ගොඩාක් සුන්දරව කාලය ගතවෙනවා. බබාට දැන් මාස 08යි. දැන් මම මගේ සංගීත කටයුතුවලටත් දායක වෙනවා. ඒත් වැඩිපුරම කාලය ගෙවෙන්නෙ පුතා එක්කයි. පුතාගේ නම "ආර්යයන් යතීෂ් අබේසිංහ". දැන් මම විවාහ වෙලා අවුරුදු තුනහමාරක් වෙනවා. මධුර එයාගෙ වැඩ රාජකාරි එක්ක කාර්යබහුල වුණත්, අපේ සාමාන්‍ය ජීවිතයට ඒ කිසිවක් පටලවා ගෙන නැහැ..... ඉතාම සුන්දරව ජීවිතය ගෙවෙනවා. හරිම සතුටුයි.
විවාහ වෙලා ඉක්මනින්ම දරුවෙක් හදන්න මගේ අකමැත්තක් තිබුණෙ නැහැ...... විවාහවෙලා වසර දෙකහමාරක් විතර හිටියෙත් උපාධියෙ වැඩ ඉවර වෙනකල්. 23 දී විවාහ වුණා. තුන්වැනි සංවත්සරය සමරන විට මවක් වෙලා. ඉතින් සංගීත ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ හැම දෙයක්මත් සමබරව සිද්ධ වෙන්න  ඕනෑ..... එවිට ආපස්සට හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවනි.

ඇත්තම කිව්වොත් බබා ලැබෙන්න හිටිය දී මම කිලෝ 22 කින් බර වැඩි වුණා. හිටියට වඩා තෙගුණයකින් මහත් වුණා කිව්වොත් හරි. ඊට පස්සෙ හිටියා වගේම නැවත නම්‍යශීලී සිරුරක් හදාගන්න මම පුදුමාකාර විදියට කැපවුණා.

අනවශ්‍ය කෑම සියල්ල නැවැත්තුවා. සීනි සහ තෙල් සහිත කෑම සම්පූර්ණයෙන්ම වාගේ නැවැත්තුවා. කන්න ආස වුණත් නොකා හිටියා. පුදුමාකාර විදියට ව්‍යායාම්වල යෙදුණා. ආසම කළ පැණි රස කැවිලි පවා කෑවෙ නැහැ..... දැන් ඉස්සර හිටිය නදිනිම තමයි මේ..... බබා ලැබෙන්න සිටිය දී මගේ තරබාරුකම නිසා සමහරු මාව අඳුරගන්න නැතුවත් ඇති.
 
ජීවිතය සුන්දර වගේම විටෙක අසුන්දර දේවල්වලටත් මුහුණදෙන්න සිද්ධ වෙනවා. මොන දේ වුණත් ජීවිතයට මුහුණ දෙන්න  ඕනෑ..... ඒ එන සියල්ලට සතුටින් මුහුණදීම තමයි වැදගත්. ඇත්තටම මධුර හොඳ තේරුමක් ඇති සැමියෙක්. මගේ සෑම දෙයකටම එයාගෙ උපරිම දායකත්වය ලබා දෙනවා.

රාත‍්‍රි ප‍්‍රසංගයක් තිබුණත් මා එක්ක ඇවිත් පාන්දර නිදාගෙන ආපහු රාජකාරිවලටත් යනවා. ජීවිතේ වෙහෙස ගැන හිතන්නේ නැහැ..... සත්තකින්ම මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි ‘‘මධුර’’ තෝරා ගැනීම.

පසුගිය දිනවල ‘‘දිලිසෙන දෙනෙත ඔබේ....’’ ගීතය නිසා මම ගැන වැඩි කතා බහට ලක් වුණා. මේ ගීතය හැමෝටම රස විඳිය හැකි ආදරණීය ගීතයක්. ඒක ගොඩාක් ජනප‍්‍රිය වුණා. හැමෝටම දැනිච්ච සහ දැනෙන ආදරයක් ඒ තුළ තියෙන්න ඇති..

තව අලූත් ගීතයක් මේ දිනවල නිර්මාණය වෙනවා. අවුරුද්දකට විතර පසුව තමයි මේ විදියට අලූත් ගීතයක් නිර්මාණය වෙන්නෙ. තව මාස එකහමාරක දී එය එළිදැක් වේවි.

මම හිතන්නෙ මම කරළියට ආවේ ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය වෙච්ච තරගාවලියෙන්. එනම් දෙවැනි සුපර් ස්ටාර් රියැලිටි අදියරෙන්. පසුව තවත් තරගවලින් තරු බිහි වුණත්, එදා ඒ දෙවැනි රියැලිටි එකෙන් ආපු බොහෝ දෙනෙක් දුරගමනක් යමින් සිටිනවා.

ඒ වගේම ලංකාවේ මෙතෙක් පැවැත් වූ රියැලිටි තරගවලින් බිහි වූ හොඳම ගායන ශිල්පින් ලෙස මම දකින්නේ සුරේන්ද්‍ර සහ සංඛ දිනෙත්. ඔවුන් වඩා දක්‍ෂ ගායකයින් බව පෙනෙනවා. ඔවුන් සුවිශේෂී හඬක් ඇති දෙදෙනෙක්....."






කහවත්තේ තවත් කාන්තා නිරුවත් මරණයක්




kahawaththa

තවත් අනියම්
පෙම් පළහිලව්වක්
මරණයකින්
කෙළවර වෙයි!

ගෙවී ගිය කාලය පුරාවටම කාන්තා ඝාතන නිසා නම් දැරූ "රත්නපුර කහවත්ත" ප‍්‍රදේශය ඊයේ දිනයේ දී (22) යළිත් බියෙන් ඇළලී ගියේ දීපවාලී උත්සවයට ඇඳුම් ආයිත්තම් ගෙනෙන්නට ගිය කාන්තාවක නිරුවත්

Monday, October 20, 2014

ශේෂාද්‍රිගේ අලුත්ම ජවනිකාව




දිගින් දිගටම ටමන්ගේ නම කතා කරගත් මෑතකදී යුගදිවියට එළඹී ශේෂාද්‍රි ප්‍රියසාද් ෆේස්බුක් ඔස්සේ ව්‍යාපාර කටයුත්තකට අතගසා ඇතිබව වාර්තා වේ. 

ශේෂාද්‍රි විවාහ වී සිටින්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතු වන සම්පත් ද සිල්වා සමග වේ.

ශේෂාද්‍රි ආරම්භකොට ඇති ෆේස්බුක් ව්‍යාපාරය ඔස්සේ කාන්තා ආභරණ, ඇඳුම්, පාවහන් අලවි කරනු ලබන අතර ඒවා නොමිලේ ගෙදරට ගෙනවිත් දීමේ පහසුකමද ලබාදී තිබේ.

හුනෝ ඇගේ වැටුනද එහෙනම් මෙන්න හුණු සාස්තර

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizM1XjGUZiip7KoWvsyg_O5oq-2350DK_hWJr5YkWq-No8jonHtH9sa0_tKIfvJBzfK7Ls-fmOiQMgOw0Oxw4kD0Yaq9N6J-w1zmsrZ0qGWYQDtH5YoJXZOlIxHwdG5sSER-4TPd0ka8E/s1600/%E0%B6%9A%E0%B6%B6%E0%B6%BB+%E0%B7%84%E0%B7%96%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82+10%E0%B6%BA%E0%B7%92.jpg

හුනෙක් වැටුනහම ඉතින් අල්ලපු ගෙදර කෙනාගෙන්නේ පොත ඉල්ලගෙන එන්නේ, අද ඉදන් අපේ සයිට් එකෙන් බලා ගාන්න. මේවත් බක්තියෙන් විශ්වාස කරන ඈයොත් ඉන්නවා මේ සමාජේ. හුනු සාස්තර පහලින් බලන්න

මට හිටියේ ඔය දරුවා විතරයි (ගිලන් රථ අනතුර)

එයා අපිව දාල යද්දී දුවට අවුරුද්දයි... මට හිටියේ ඔය දරුවා විතරයි දෙවියනේ...





මාරක රිය අනතුරින්
මරු වැළදගත්
වෛද්‍යතුමියගේ
මව කියන කතාව....

පුත්තලම රෝහලේ සිට කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට රෝගී දරුවකු රැගෙන ගොස්‌ භාරදී ආපසු එමින් තිබූ ගිලන් රථයක්‌ පුත්තලම කොළඹ පාරේ බත්තුළුඔය 61 හන්දිය ආසන්නයේ දී පෙරේදා (18 දා) අලුයම ලොරි රථයක ගැටීමෙන් වූ අනතුරින් පුත්තලම රෝහලේ ළමා වාට්‌ටුවේ සේවය කළ වෛද්‍යවරිය සහ ගිලන් රථයේ සහායක මරු වැළද ගත් පුවත මුළු රටේම ජනතාවගේ හදවත් සසල කරවන්නට විය. විසිහය හැවිරිදි වියේ පසු වූ "වෛද්‍ය ඉෂානි එරංගිකා ජයවර්ධන" මෙනවිය සහ ගිලන් රිය සහායක "ඒ.එම්. එම්. ඉර්ෂාඩ්" මෙන්ම ට්‍රක් රථයේ පැමිණි පුද්ගලයෙකු ද මෙහිදී මරුමුවට පත්ව තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ගිලන් රියේ සිටි උපස්‌ථායිකාව හා රියෑදුරු කොළඹ මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර තුවාල ලැබූ හෙදියක හලාවත රෝහලට ඇතුළත් කෙරිණි. කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැස්‌වීම් වේදිකාවක්‌ පටවාගෙන කොළඹ බලා එමින් තිබූ ලොරි රථයක ගිලන් රිය මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි. මියගිය වෛද්‍ය ඉෂානි එරංගිකා මෙනවිය පුත්තලම මූලික රෝහලේ ළමා වාට්‌ටුවේ ඕනෑම රාජකාරියක්‌ අවංකවම කැපවීමෙන් ඉටුකළ බව රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දම්මිකා දිසානායක මෙනවිය පැවසූවා ය.

නොබෝ කලකින් තම සීමාවාසික පුහුණුව අවසන් කිරීමට තිබිය දී මෙලොවින් සමුගත් වෛද්‍ය ඉෂානි එරංගිකා මෙනවිය තම රාජකාරි ජීවිතය ආරම්භයේ සිටම හොඳින් සිදුකළ බවත්, කිසිම අවස්‌ථාවක නෑ... බෑ... නොකී බවත් සියලු දෙනා සමග සුහදව මිත්‍රශීලීව කටයුතු කළ බවත් විශේෂඥ වෛද්‍යවරිය කියා සිටී.
 

ඉකුත් 01දාට යෙදී තිබුණු ලෝක ළමා දිනය දා ළමා වාට්‌ටුවෙන් සංවිධානය කළ ළමා දින සැමරුමේ දී මේ මියගිය වෛද්‍යවරිය ද එම උළෙලේ දී සැමට ඉතා සුහදව කතා කරමින් ආගන්තුක සත්කාර කිරීමට මහත් වෙහෙසක්‌ දැරුවා ය.

රාගම තේවත්ත පාර අංක 772 නිවසේ සිය මව වන අනෝමා මදුරප්පෙරුම සමග ඇය දිවි ගෙව්වා ය. කුඩා වියේදීම සිදුවූ පියාගේ අභාවයෙන් පසුව සිය ජීවිතය ජයගන්නට මහත් වෙහෙසක්‌ ගත් වෛද්‍ය ඉෂානි තම මව සමග කරදරයකින් තොරව යහපත් ජීවිතයක්‌ ගත කරන්නට දහසක්‌ බලාපොරොත්තු තබා සිටියා ය.

කොළඹ මියුසියස්‌ බාලිකා විදුහලෙන් උසස්‌ පෙළ හදරා චීනයේ කියෑංජින් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය හැදැරූ ඇය සීමාවාසික පුහුණුව අතරතුර මෙම අනතුරට මූණ දී මෙලොවින් සමුගත්තා ය.

සිය දියණියගේ අකල් වියෝව ගැන මව කියන කතාව.......

මියගිය වෛද්‍යවරිය වන සුදසිංහ රත්න බණ්ඩාරලාගේ දෝන ඉෂානි එරංගා ජයවර්ධන මෙනවියගේ හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාදුන් මව වන 56 හැවිරිදි දෝන ආනෝමා චාන්දනි මදුරප්පෙරුම මෙසේ පවසා සිටියා ය. 

"මම ගෙදර නිදා සිටිනවිට පුත්තලම රෝහලේ දුවගේ වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක වෛද්‍යවරියගෙන් ඇමතුමක් ආවා. මගේ දුව වාහනයකින් යනකොට අනතුරක් වෙලා හලාවත මහ රෝහලට ඇතුළු කළා වහාම එන්න කියලා.
මම ඉක්මනින්ම දුවගේ මාමාත්, මගේ අයියත් එක්ක රෝහලට ආවා. ඇවිත් ප‍්‍රාථමික සත්කාර ඒකකයෙන් දුව ගැන තොරතුරු ඇහුවා. මට ඇතුලට එන්න කියලා ඇඳ උඩ සුදු රෙද්දකින් වහලා තිබුණු දුවගේ දේහය පෙන්නුවා. ලේ තැවරුන ඇඳුමත් නහයට භටයක් දාල තිබුණත් එයාගේ ඇඟ සීතලයි. එයා මිය ගිහින් තිබුණේ.
මගේ දුව බලන්න මම පුත්තලම රෝහලට ඇවිත් ගියේ පසුගිය දොළොස්වැනිදා. මට දුව කීවා ළඟදීම නිවාඩුවක් දමල අපිව බලල යන්න එනවා කියලා. දුවගේ පියා මැරුනේ දුවට වයස අවුරුද්දෙදි....

එදා ඉඳලා එයාව වෛද්‍යවරියක් කරන්න ගොඩක් මහන්සි වුණා. අපේ ගෙවල් රාගම තේවත්ත පල්ලිය පාර. වෙන දරුවො මට නැහැ..... හිටිය එකම දරුවා තමයි මේ හදිසි අකල් මරණයට ගොදුරු වුණේ. කිසිම රෝගයක් තිබුණෙ නැහැ මගේ දරුවාට....."

ලොරි රථය පදවාගෙන ආ රියෑදුරු යූ. එම්. සුජීවජීව,සාක්ෂි දෙමින්....

"මගේ ගම තිස්සමහාරාමෙ. මම වැඩකරන්නෙ පානදුරේ චමින්ද මහත්තයට අයත් උත්සව භාණ්ඩ කුලියට දෙන වැඩපලක ලොරි රියෑදුරකු වශයෙන්. 17 වැනිදා සවස හයට පමණ කිලිනොච්චියෙන් බඩු පටවාගෙන කොළඹ යන්න ආවා. ? දහයට අනුරාධපුරෙන් කෑම කාලා පුත්තලම් පාරෙන් ආවා.... 
දෙකට පුලිච්චිකුලමෙන් තේ බීවා. 61 හන්දියේ පොලිස් මාර්ග බාධකයත් පැනල එනකොට පොඩි පාලමට මෙහා වංගුවෙන් වෑන් එකක් අපේ සයිඞ් එකට එනව දැකල මම දකුණට ලොරිය හරවන්න හැදුවත් ඊට කලින් ලොරියෙ ගිලන් රථය වැදුනා. මම බැහැල ඇවිත් තුවාලකරුවන් රෝහලට ගෙනයන්න පොලිසියත් එක්ක උදව් කළා..."

මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරී (25562) ගාමිණී පෙරේරා, මහතා ඉදිරියේ සාක්ෂි සටහන් කරගත් අතර හලාවත මහ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක කේ. ඒ. අමිත් කුමාර මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඞී. කේ. විජයවර්ධන මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එහි මියගිය ඉෂානි එරංගා ජයවර්ධන වෛද්‍යවරියගේ මරණය නිගමනය වූයේ හදිසි මාර්ග අනතුරක් හේතුවෙන් සිරුරේ අභ්‍යන්තර කොටස්වලට හා හිසට හානි සිදුවී තිබීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

ගිලන් රථ රියෑදුරු සහායක හසිස් මොහොමඞ් ඉර්ෂාඞ් 32එක්දරු පියාගේ හදිසි මරණ පරීක්ෂණය හලාවත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එස්. එම්. ජවුiර් මහතා විසින් සිදුකළ අතර, සාක්ෂි මෙහෙයවූ මුන්දලම පොලිස් රථවාහන අංශයේ නිලධාරී (25562) ගාමිණී පෙරේරා මහතා සිදුකළේය.



ඇයගේ දේහය දැනට රාගම තේවත්ත පාර අංක 772 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (20 දා) සවස රාගමදී සිදුකෙරේ.

මේ වනවිට ලොරි රථයේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර තිබේ. මුන්දලම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

මෙම සිදුවීමේ තවත් පැත්තක් ඇත. එනම සීමාවාසික වෛද්‍යවරුන්ට අග්‍රහාර රක්‍ෂණය හිමි නොවන බැවින්, දියණියගේ අභාවයෙන් පසු වෛද්‍යතුමියගේ මව මේ වනවිට අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටීමයි. 
සීමාවාසික වෛද්‍යවරුන්ට අග්‍රහාර රක්‍ෂණය හිමි නොවන බැවින් පුත්තලම මහ රෝහලේ වෛද්‍යවරිය ගිලන් රථ අනතුරකින් මියයැම නිසා ඇගේ මව ඉතා අසරණ තත්ත්වයකට පත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා පෙරේදා (18 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසී ය.

මරණයට පත් වූ වෛද්‍ය නිලධාරිනී ඉෂානි එරංගා ජයවර්ධන මෙනවිය පවුලේ එකම දරුවාය. ඇගේ සැමියා ද කලකට පෙර මෙළොවින් සමුගෙන ඇත. සේවයේ යෙදී සිටින විට අනතුරට පත්වීමේ අවදානම වැඩිම පිරිස සෞඛ්‍ය සේවකයන් බව ද ඒ අතරින් වැඩිම අවදානම වෛද්‍යවරුන්ට ඇතැයි ද ජිනදාස මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

වැඩිම රෝගීන් සංඛ්‍යාවකට නිරාවරණය වන්නේ සීමාවාසික වෛද්‍යවරුන් බව ද එහෙත් ඔවුන් පුහුණුව ලබන නිලධාරීන් පිරිසක්‌ වන නිසා රජයේ ස්‌ථිර සේවකයන්ට හිමි වරප්‍රසාද හිමි නොවන බව ද කී වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා අවම වශයෙන් රජයේ සේවකයන්ට හිමි අග්‍රහාර රක්‍ෂණයවත් සීමාවාසික වෛද්‍යවරුන්ට නැතැයි කීය.

මීට පෙරදී ද සීමාවාසික වෛද්‍යවරයකු රෝහල තුළ දී ඩෙංගු වැළඳී මියගිය බව ද ඒ අවස්‌ථාවේ දී ඉහත කාරණය තම සංගමය විසින් ඉස්‌මතු කර සීමාවාසික වෛද්‍යවරුන්ට රක්‍ෂණ ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දුන්නමුත් අද වනතුරු ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට රජය විසින් ක්‍රියා කර නොමැති බව කීය.

ගිලන් රථ සේවාවේ ගුණාත්මකභාවයමෙන්ම සුරක්‍ෂිතභාවයේ ගැටලු ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් මෙහිදී පවසා සිටි එතුමා මේ පිළිබඳව සොයා බලා ඒ දේවල් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට, සෞඛ්‍ය අමාත්‍යාංශය වහා විධිමත් පරීක්‍ෂණයක්‌ ඇරඹිය යුතු බව ද කීය.



පොලොන්නරු අහස පුරා සුදු පැහැ විශාල මකුළු දැල්..[Photo]

සුදු පැහැති විශාල මකුළු දැල් වැනි දෙයක් පොළොන්නරුව බැදිවැව ඉහල අහසේ ඊයේ පස්වරුවේ ප‍්‍රදේශවාසීන්ට දර්ශණය වී තිබේ.

ඒවායේ සමහර කොටස් ඒවා ගස්වල පැටලීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතටද ගෙන අත. මකුළුදැල් පෙනුමින් යුතු වුවද ඊට වඩා ඝණකමකින් පවතින එම ද්‍රව්‍ය විවිධ රටා මවමින් අහසේ පාවෙමින් ගිය බවද ප‍්‍රදේශවාසීහු කියති.

– අනුග‍්‍රහය එෂියන් මිරර්

md-03md-02md-01

source - lankacnews.com

Sunday, October 19, 2014

උදරිගේ නම කැත වුණු ඔඩෙල් සීන් එකේ හොදම හරිය

dfsdf

මීට වසර කිහිපයකට පෙර එවකට යොවුන් නිළියකව සිටි උදාරි වර්ණකුලසූරියගේ නම කැත වුණේ ඔඩෙල් ආයතනයෙන් ඇදුම් සොරකම් කළ බවට චෝදනාවක් එල්ල වීමත් සමගයි මෙම සිදුවීම මිනිසුන් අතර කෙතරම් නම් ප්‍රචලිත වුවාද කියතොත් උදාරි පවසන්නාක් මෙන් ඔඩෙල් නම් උදාරි උදාරි නම් ඔඩෙල් ය මෙම සොරකම මාට්ටු වූ පසු ආයතන හිමිකාරිය ඇතුළු සේවකයින් තමන්ව දන ගස්වා