Friday, November 14, 2014

එයා එකපාරටම ළගට ඇවිත් මගේ ඇඳුම යටින් අතදැම්මා

දබුල්ල දුෂණ





ෆිට්-ඔන් රූම් එකේ දී
සේවක තරුණයා
තමන්ගේ අඟපසඟ
අතගෑ හැටි
තරුණිය හෙළිකරයි..!

දඹුල්ල නගරයේ ‘සී ෆැෂන්’ නමැති රෙදිපිළි අලෙවිසලකට ඇඳුමක් මිලදී ගැනීම සඳහා පැමිණි තරුණියක් එහි ඇඳුම් මාරු කර බලන ෆිට්-ඔන් කාමරයට ගිය අවස්ථාවේ එම රෙදිපිළි අලෙවිසළ තුළ සේවයේ නිරතව සිටි සේවකයකු ඇය සිටි ෆිට්-ඔන් කාමරය තුළට ඇතුලූ වී ඇගේ අඟපසඟ අතගෑමේ සිද්ධියක් නිසා ඊයේ (12 වැනිදා) සවස දඹුල්ල නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

සීගිරිය ප‍්‍රදේශයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු ඊයේ පස්වරුවේ රෙදි මිලදී ගැනීම සඳහා මෙම වෙළෙඳසලට පැමිණි පසු, ඒ දෙදෙනාගෙන් එක් තරුණියකට මෙම හිරිහැරය සිදුව තිබෙනවා. මෙම සාප්පුවේ ෆිට්-ඔන් කාමරය තිර රෙද්දකින් පමණක් වෙන්ව ඇති බවත්, එම තිරය මෑත්කර සේවකයා ඇය වෙත ළං වූ බවත් කියැවේ. ඔහු ඇතුළුවන අවස්ථාවේ තරුණිය සිට ඇත්තේ උඩුකය තනපටයකින් පමණක් ආවරණය කරගෙන පමණි. එහිදී අදාළ සේවකයා ඇගේ ඇඳුම් සියල්ල උනාදමන්ට උත්සාහ කර තිබුණ අතර, තරුණිය ඉන් බියට පත්ව කෑගසන්නට උත්සාහ කර ඇත.
පසු එම සේවකයා "කෑ ගහන්න එපා නංගි මෙහෙම දේවල්වලට ඇයි අකමැති වෙන්නේ......" යනුවෙන් ඇයට පවසා ඔහු තවදුරටත් ඇයට හිරිහැර කරන්නට උත්සාහ කර ඇත.

අඟපසඟ අතගෑමත් සමග ඔහුගෙන් ගැළවී එළියට පැන ගත් තරුණිය අනෙක් තරුණිය ද සමග එක්ව මෙම සිද්ධියට එරෙහිව කෑකෝ ගැසීමත් සමග නගරයේ වැසියන් කඩය වටකර සේවකයා සොයා ඇති අතර ඔහු ඒ අවස්ථාවේ එම ස්ථානයේම සැගවි සිට ඇත. ඉන් කුපිත වූ ප‍්‍රදේශවාසීහු එම තරුණයා එළියට ගැනීමට සූදානම් වූ නමුත් සාප්පු හිමියා මැදිහත් වී ඔවුනට ඇතුළට යන්නට ඉඩ දී නැත.

පසුව කියා ඇත්තේ එය පොලිසිය සමග බේරාගන්නා බවකි. ඉන් අනතුරුව මේ ගැන ලැබුණු පැමිණිල්ලත් සමගින් එම ස්ථානයට පොලිසිය පැමිණ සිද්ධියට අදාළ සේවකයා අත්අඩංගුවට ගන්නට සෙවූ නමුත්, ඔහු එළියට ගොස් ඇතැයි කියමින් සාප්පු හිමියා, තම සේවකයා බේරාගන්නට උත්සාහ කර ඇත.

නමුත් වරදකරුවන් අල්ලාගන්නා තුරු එම ස්ථානයෙන් පිටව නොයන බවට නගරවැසියන් සහ සිද්ධියට මුහුණ පෑ තරුණියන් විරෝධය පළකරමින් රැඳී සිටි නිසා පැය කිහිපයකට පමණ පසුව සාප්පුවේ සිටි මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඞ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර්පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. ඒ, දඹුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා ලබාදුන් නියෝගයකට අනුවයි. 

අතවර තැතට ලක්වූ තරුණිය කතා කරයි!

දඹුල්ලේ රෙදි පිළි සාප්පුවකදී තමන්ට සිදු වූ අතවරය අදාළ තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කර තිබුණේ පහත පරිදිය.

"එයා කිව්වා උඩට යන්න කියල.. ඊට පස්සෙ මං උඩට ගියා.... උඩට ගිහාම කිව්වා...  'ඕකෙන් ෆිටොන් කරලා බලන්න...' කියලා.. ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා 'ඒකෙ එක්කෙනෙක් ඉන්නව...' කියල.. ඒකෙ ඇත්තටම හිටිය... පස්සෙ මං ෆිටොන් කරලා යළුවට පෙන්නන්න බලනකොට යාළුවා එතැන හිටියේ නෑ...  පස්සේ එයා මගේ ළගට ඇවිත් එකපාරටම මගේ ඇඟ පහතින් අතදැම්මා...

ඊට පස්සෙ මං එයාට ගැහුවා..... ගහලා මං පල්ලෙහාට දුවගෙන ආවා.... මං කිව්වා මං තමුසෙට එකපාරයි සමාව දෙන්නෙ... කියල.. ඇතුලට කියන්නද? ජොබ් එක නැති කරගන්නවද? කියල ඇහුවම කිව්වා 'අනේ කියන්න එපා....' කියල.. ඒ හින්දයි මං මේ ගැන නොකිව්වේ....'

සිදුවීමට අදාළ ඡායාරූප කිහිපයක් පහතින්.








Lanka e Gossip News

No comments:

Post a Comment