Tuesday, November 4, 2014

ඕනෑම කෙනෙකුට අගුණ නොවන ගස්ලබූ

ගස්ලබු




බොහෝ රටවල වැවෙන ගස්ලබූ ගස 1880 කාලයේදී ලංකාවට හඳුන්වා දී ඇත. ලංකාවට විදේශ විනිමය ගෙන දෙන ආර්ථික බෝගයක් වන මෙය කාගේත් ප්‍රසාදයට පත්වූ සූවිශේෂී පලතුරකි.
අමූ ගෙඩිවල පිට පොත්තේ රඳා පවතින පැපේන් නම් එන්සයිමය නිසා එහි වටිනාකම අති විශාලය. පැපේන් වටිනා ඖෂධයක් බැවින් ඇතැම් රටවල චූයින්ගම් හම් හා රෙදි වැනි කර්මාන්ත සඳහා විශේෂ රසායනික ද්‍රව්‍යයක් ලෙස ගස්ලබූ කිරි යොදා ගනී.

ඇතැම් අයට ඇතිවිය හැකි මඤ්ඤොක්කා විෂටද අමූ ගස්ලබූ තම්බා කෑමට දීම දේශීය වෙදකමේ සඳහන් වේ. බඩේ දැවිල්ලට, අජීර්ණයට, බඩවිරේකයට ආහාර ජීර්ණයට, ආමාශ රෝගවලට ගුණදායකය.

කුඩා දරුවන්ට කැස්ස හා ගලපටලය ඇති අවස්ථාවලදී යොදාගන්නා ඖෂධයක් සඳහාත් පැපේන් මූසූ කෙරෙන බවත් දිවේ හටගන්නා ගැටවලට හා කරගැට ඉවත් කිරීම සඳහා සාදන ආලේපයන්ට පැපේන් අවශ්‍ය බවත් පොත්පත්වල සඳහන් වේ.

ගස්ලබූවල පණූවන් නැසීමේ ගුණයක් ඇත. විශේෂයෙන් අපේ ගෘහනියන්ගේ රසවත් ආහාරයක් වන අච්චාරුවට නැතුවම බැරි දෙයකි. එසේම අමූ ගස්ලබූ මැල්ලුම හා වෑංජනය ආමාශයේ රෝග නසන අතර ප්‍රනීත ආහාරයකි.

අමූ ගෙඩියේ කිරිවලින් කුරුළෑ සහ දුඹූරු පැල්ලම් ඉවත් කිරීමටත්, සම පිරිසිදු කිරීමටත් හැකි බව කියවේ.

අප රටෙි ඖෂධ සඳහා ගස්ලබූ භාවිත කරනවා සේම ජාවා වැනි දූපත්වලත් ගස්ලබූ මූල්වලින් සාදාගන්නා ඖෂධ වකුගඩූ රෝග සූවකිරීම සඳහා භාවිත කරයි. සියූම් ලෙස අඹරා ගන්නා ගස්ලබූ ගසේ මූල් සර්ප විෂ පාලනය කිරීමට ගන්නා ඖෂධයකි. ආයූර්වේද වෙදකමට අනූව ඉදුණූ ගස්ලබූ ස්වභාවික ඖෂධ ගුණයෙන් යූතු අගනා පලතුරකි.

ඉදුණූ ගස්ලබූ ගෙඩියක යකඩ සහ කැල්සියම්වලට අමතරව විටමින් ඒ, බී2, සී, ජලය, සූක්රෝස් සහ සිටිරේටි බහූලව අඩංගුවේ. ඖෂධීය ගුණ රැසකින් හා පෝෂණ ගුණයන් ගස්ලබූවල ඇත. චර්ම රෝග මෙන්ම ග්‍රහණි ආබාධයන්ද සූවකර ගැනීමට ලැබෙන සහනය විශාලය. ඒ වගේම එම පලතුරටම ආවේණික වූ සූවඳකින් යූතුය. ආහාර රුචිය වඩවන, කෂණික ශක්තිය ලබාදෙන, තරබාරුකම මටිටූ කරන, තරුණ පෙනූම රැකදෙන දිව්‍යමය ඔසූවකි.

දියවැඩියා රෝගීන්ටද අගුණ නොවන මෙම පලතුර වෛද්‍ය විද්‍යාවට අනූව මැලේරියාව හා හන්දි ඉදිමීමේ රෝගවලට ඉතා ගුණදායකය. ගස්ලබූ ලෙල්ල සමේ ආලේප කිරීමෙන් සමේ ඉතා කුඩා සිදුරු පවා පිරිසිදු කර විෂබීජ ඉවත් කිරීමේ හැකියාව පවතී. ගස්ලබූ නොයෙකුත් ආකාරයේ අර්ශස් හා මූත්‍රා අමාරු ඇතුළු මිනිස් සිරුරේ සියලුම රෝග නිවාරණය කරයි.

ඉදුණූ ගස්ලබූ මදය පොඩිකර දොඩම් යූෂ සමග මිශ්‍රකර සාදාගන්නා පානය උදෑසන පානය කිරීමෙන් මූළු දවසම ප්‍රාණවත් බවක් ලබාදෙයි. එසේම ගුණදායකද වේ.

පලතුරු සලාදයට ද අනිවාර්යයෙන්ම එකතුකරන පලතුරකි. දිනපතා ගස්ලබූ කෑමෙන් හෝ යූෂ පානය කිරීමෙන් සමේ දීප්තිමත් බව වැඩිකර ගත හැකි අතර ඕනෑම අයෙකුට අගුණ නොවන පලතුරක් විදියටත් හඳුන්වා දිය හැක

No comments:

Post a Comment