Showing posts with label ප්‍රවෘත්ති. Show all posts
Showing posts with label ප්‍රවෘත්ති. Show all posts

Saturday, November 8, 2014

සිසුවියගේ අසැබි පින්තුර අන්තර්ජාලය පුරා..

news20141fgfg108

මම ‍ගොඩක් මහන්සි‍‍වෙලයි ‍මේ දරුවා ‍ලොකු මහත් ක‍ළේ, ම‍‍ගේ දුව ඉ‍ගෙන ගන්න ගොඩක් දක්ෂයි, සාමාන්‍ය ‍පෙළ විභාගය ‍හොදටම පාස්වුණා එයා විභාගය ‍හොදට පාස්වු‍ණොත් ලැප්ටොප් එකක් අර‍ගෙන ‍දෙන්න මම ‍පො‍රොන්න්දු‍වෙලා හිටි‍යේ, ඒ නිසා මම දුවට පරිගණක‍යක් අර‍ගෙන දුන්නා, අපේ ‍ගෙදර ම‍ගේ නංගි ‍කෙ‍නෙකුත් හිටියා, උසස් ‍‍‍පෙළ පටන්ගන්න තුරු දුව හිටි‍යේ ‍ගෙදර, නංගි දුව‍ගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා, ඒත් දුව හිටි‍යේ ‍වෙනම කාමරයක, එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයා‍ගේ කාමරයට ගිහින් නෑ, දුව විද්‍යා අංශ‍යෙනුයි උසස් ‍පෙළ කරන්න බලා‍පො‍රොත්තු වු‍ණේ, ඒ නිසා මම ඉන්ට‍නෙට් ලයින් එකත් අර‍ගෙන දුන්නා.


දහය වස‍රේ ඉදලා දුවට පිරිමි ළම‍යෙක් එක්ක සම්බන්ධයක් ති‍යෙනවා කියලා මම දැන‍ගෙන හිටියේ නෑ, එයා ‍ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එ‍කෙන් කතා කරලා, දවසක් හයි‍යෙන් කතා කරන සද්දයක් ඇ‍හෙන නිසා නංගි දුව‍ගේ කාමරයට ගිහින්, එයා ‍දොර ‍රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු ‍වෙනවලු, මම හවස ‍ගෙදර ආවහම ‍මේ විස්ත‍රේ නංගි කිව්වා, මම දුව‍ගෙන් ඒ ගැන ඇහුවා, ඒ පිරිමි දරුවා දුව‍ගෙම පන්ති‍යේ ළම‍යෙක්, අම්මලා තාත්තලත් වැදගත් අය, ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා, ඒ ළමයා එයා‍ගේ මව්පි‍යෝ මට මුණගැස්සුවා, අ‍පේ දරු‍වෝ පුංචි  කා‍ලෙදිම ඒ ව‍ගේ ‍දේකට අනුබල දීලා අපි ‍ලොකු වැරැද්දක් ක‍ළේ.


අපි ‍දෙපැත්‍තෙන්ම කතා කරා පස්සේ ‍මේ දරු‍වෝ ‍ගොඩක් ‍හොදට හිටියා, ඒත් ආ‍යෙත් කාලයකට පස්සේ ‍දෙන්නා ස්කයිප් එ‍කෙන් නිතර නිතර රණ්ඩ‍ු‍වෙනවා කියලා නංගී කිව්වා, මම දුව‍ගෙන් ඒ ගැන අහලා බැලුවා, එයා කිව්ව ‍දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා, ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත්‍රපටි බලනවලු, එවා බලලා දුවත් එක්ක කියනවලු, දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු ‍වෙනවා කියලා දුව කිව්වා, අද අහන්න දකින්න ලැ‍බෙන ‍දේත් එක්ක මම ඉක්මන්‍වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතු‍නේ ඒ ‍වෙලා‍වේ, මට ඉන්නේ දුව විතරයි, මම කැමති නෑ එයා අඩනවා බලන්න, ඒ නිසා මම ඒ දරුව‍ා‍ගේ අම්මලාට කතා කරලා එයා නිල් චිත්‍රපටි බලන එක ගැන දැනුවත් කළා, එයාල‍ගේ අම්මලත් ඒ දරුවාට අවවාද කරලා තිබ්බා.


එදායින් පස්‍සේ සතියක් විතර ඒ දරුවා අ‍පේ දුවට කතා කරලා නෑ, දවස් ‍දෙක තුනකින් විතර දුවට එයා‍ගේ යාළු‍වෝ කතා කරලා එයා‍ගේ නිරුවත් පිංතූර ඉන්ට‍නෙට් එ‍කේ ති‍යෙන බව කියලා ති‍යෙනවා, මුලින් දුව ඒක මට හැංගුවා ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා, ඒක එ‍හෙම වු‍ණේ ‍කො‍හොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ, එයා මුලින්ම කිව්වේ එයා‍ගේ ‍ෆේස්බුක් ගිණූ‍මේ තිබුණ ‍ෆො‍ටෝ අර‍ගෙන ‍වෙනස් කරලා හදලා දාලා ති‍යෙන්නේ කියලා, ඒත් ප්‍රශ්නෙ  ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැම‍දේම කිව්වා, අර ළමයාට නිල් චිත්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියල ති‍යෙනවා එවා ‍නොබලා ඉන්නම් දුව‍‍ගේ නිරුවත් පින්තූර එවන්න කියලා, දුව ඒක විශ්වාස කරලා, එයාට තිබුණ ආද‍රේට, එයා ඒ වගේ ‍දේවලින් ගලවා ගන්න දුවම එයා‍ගේ ‍ෆෝන් එ‍කෙන් නිරුවත් පිංතූර අර‍ගෙන ඒ පිරිමි ළමයාට යවලා, ඒත් එයා නිල් චිත්‍රපටි බලන එක නතර කරලා නෑ, දුව ඒ නිසා නිතරම එයත් එක්ක රන්ඩු ‍කරලා, අන්තිමට දුව මට කියලා එයා‍ගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට ම‍ගේ දරුව‍ගෙන් පළිගත්තේ එ‍හෙමයි.


ඔය සිද්ධි‍යෙන් පස්සේ දුව ‍ගොඩක් මානසිකව වැටුණා, හී‍නෙන් බය‍වෙලා නැගිට්ටා, ඇ‍දේ ඉද‍ගෙන අඩන්න වුණා, ‍මෙයාට ඉස්කෝලේ ගුරුවරුන් ‍ගොඩක් ආද‍රෙයි, යාළු‍වොත් ‍ගොඩක් ගරු කළා, ඒත් ඔය සිදුවීම ‍ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගට ‍මෙයාට ‍කෝල් ආවා, අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව ‍මෙයා නිහඩ ‍වෙලා, දැන් ‍ඩොක්ටර් ‍කෙ‍නෙක්ට ‍පෙන්නනවා, ඒත් ‍මෙයා ඒ පරිසර‍යෙන් ඈත් ‍කරන්න ඕනෑ නිසයි අපි අනුරාධපු‍රේ ආ‍වේ, ඉස්සර ‍මෙයා ‍ගොඩක් ආසයි උඩමළුවට එන්න, මට ඕන ‍කො‍හොම හරි ම‍‍ගේ අහිංසකීව සනීප කරගන්න.


සැබැවින්ම ‍ඛේදනීය ඉරණමකී, ආදරය සුන්දරය, එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ‍ගෞරවය, ආරක්ෂාව ආදී ‍බො‍හෝ ‍දේ තිබිය යුතුය, අද පවතින් ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත, දහම් අධ්‍යාපනයක් ‍නොලබන දරු‍වෝ පින, පව, සස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබද කිසිදු හැගීමකින් ‍තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති, ඒ ‍වෙතින් ‍නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද‍ ‍කෙ‍ළෙසා දමයි, නව තාක්ෂණය අවශ්‍යය, එ‍හෙත් එය භාවිතය දැලි පිහි‍යෙන් කිරි කෑමක් බදුය, එබැවින් ජීවිතයට අවශ්‍ය ‍දේ ‍තෝරා‍ගෙන අනවශ්‍ය ‍දේ බැහැර කර තාක්ෂණය භාවිතා කළ යුතු බව සිහියට ගත යුතුය.



සටහන


පරිගණක අපරාද විමර්ශන ‍‍දෙපාර්ත‍මේත්තු‍වේ ප්‍රධාන ‍පොලිස් පරික්ෂිකා විශාඛා නාමලී ‍හේරත්


gossipclanka

Tuesday, November 4, 2014

පාසල් සිසුවියක් වැනසූ සිසුන් හසුවෙයි




දුෂණ
පහළොස් හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවක්‌ සමූහ වශයෙන් දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය විසින් පහළොස් හැවිරිදි  හැවිරිදි  පාසල් ශිෂ්‍යයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඊයේ (03 වැනිදා) සවස මතුගම අතිරේක මහෙස්‌

Wednesday, October 29, 2014

කටුගස්තොට කේක් හවුස් වැහුවේ ඇයි?




පසුගියදා ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරුවූ තොරතුරකින් කියවුණේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකාවක් අසල පිහිටි කේක් හවුස් වෙළඳසැල වසාදැමීමට මුල්වූ හේතුවකි.

එම හේතුව ලෙස සඳහන් වූයේ බාලිකාවේ ළමුන් හට එම වෙළඳසැලෙන් ලබා දෙන ආහාර වලට වඳ බෙහෙත් දමා තිබෙනා බවකි.

කොරහෙත් කිඹුලන් දැක බොහෝ දෙනා ෆේස්බුක් හරහා හුවමාරු කරන තොරතුරු වල සත්‍ය භාවය 100%ක් ම නොමැති නිසා මේ පිළිබඳව සොයාබැලීමට ගොසිප්බුක් තීරණය කරන ලදි.

එයින් අපට දැනගන්නට ලැබුණේ මෙම සිද්ධිය සත්‍ය බවකි.


කාලයක් පටන් මුස්ලිම් ජාතිකයෙකු විසින් මෙම වෙළඳසැල පවත්වාගන ගොස් තිබූ අතර එයින් කේක් ලබාගන්නා සිංහල පුද්ගලයන් හට වෙළඳසැලේ ඉදිරි රාක්ක වලින් ආහාර ලබාදෙන බවත්, මුස්ලිම් ජාතිකයෙකු ආහාර ඉල්ලන්නේ නම් පසුපස රාක්ක වලින් ලබාදෙන බවත් වාර්තා වේ.

මෙම සිදුවීමට හේතුවී තිබෙන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ගුරුවරියක් කේක් එකක් ලබාගැනීමට එම වෙළඳසැලට ගොස් ඇති අවස්ථාවේ මෙවන් සිදුවීමකට ඇය මුහුණපෑමයි.

අනතුරුව ඇය එක කේක් එක පාසලට රැගෙන විත් කපා බැලීමේදී දිය නොවූ බෙහෙත් පෙත්තෙක් දැක තිබෙන අතර අනතුරුව ඒ පිළිබඳව සෞඛ්‍ය පරීක්ෂවරුන්ට හා පොලීසියට දන්වා තිබේ.

වෙළඳසැලට සීල් තබා තිබෙන්නේ ඉන් අනතුරුවයි. වසර ගණනාවක් විවෘතව තිබූ එම වෙලඳ සැල මාස දෙකක පමණ සිට දැන් තිබෙන්නේ වසා දමාය.

එහි අයිතිකරු මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් බාරයේ බවත් පැවසෙන නමුත් එහි සත්‍යතාවය සොයාගැනීමට අපට නොහැකි විය. මාධ්‍ය වලට එම තොරතුරු පිටවීමට ඉඩක් තබා නොමැත.

වෙළඳසැල වසා දමා තිබෙන අයුරු පහතින්.





 http://www.gossipbook.lk/

Friday, October 24, 2014

පොලොන්නරුව අහසේ අත්භූත නූල් (Photo+Video)

පොලොන්නරුව අහසේ අත්භූත නූල්



පොළොන්නරුව බැදිවැව හා ආසන්න ප්‍රදේශවල අහසේ හඳුනා නොගත් නූල් විශේෂයක් පාවෙමින් පැවතීම ප්‍රදේශවාසීන්ගේ සැකයට භාජනයවී තිඛෙනවා.

කිලෝමීටර දෙකක් හෝ තුනක් ඉහල අහසේ පාවෙමින් පොළවට එන මෙම නූල්
රොද ගස්වල පැටලීමෙන් පසු ප්‍රදේශවාසීන් ස්පර්ශ කර ඇත.
ගම්වැසියන් පවසන්නේ මෙය මකුළුදැල් ස්වභාවයේ පෙනුමක් ඇති ඊට වඩා ඝනකමකින් යුත් ද්‍රව්‍යයක් බවයි.
විවිධ රටා මවමින් අහසේ පාවෙමින් ගිය මෙම නූල් රොදවල් ප්‍රදේශයට ඇතිවූ වර්ෂාව සමග ක්‍රමයෙන් අතුරුදහන් වී ඇති බවද වාර්තා වුණා.
එම ද්‍රව්‍යයේ ඡායාරූප හා විස්තර වීඩියෝ වාර්තාව පහතින්

 

 

 



">වීඩියෝව මෙතනින් බලන්න

Thursday, October 23, 2014

කහවත්තේ තවත් කාන්තා නිරුවත් මරණයක්




kahawaththa

තවත් අනියම්
පෙම් පළහිලව්වක්
මරණයකින්
කෙළවර වෙයි!

ගෙවී ගිය කාලය පුරාවටම කාන්තා ඝාතන නිසා නම් දැරූ "රත්නපුර කහවත්ත" ප‍්‍රදේශය ඊයේ දිනයේ දී (22) යළිත් බියෙන් ඇළලී ගියේ දීපවාලී උත්සවයට ඇඳුම් ආයිත්තම් ගෙනෙන්නට ගිය කාන්තාවක නිරුවත්

Monday, October 20, 2014

මට හිටියේ ඔය දරුවා විතරයි (ගිලන් රථ අනතුර)

එයා අපිව දාල යද්දී දුවට අවුරුද්දයි... මට හිටියේ ඔය දරුවා විතරයි දෙවියනේ...





මාරක රිය අනතුරින්
මරු වැළදගත්
වෛද්‍යතුමියගේ
මව කියන කතාව....

පුත්තලම රෝහලේ සිට කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට රෝගී දරුවකු රැගෙන ගොස්‌ භාරදී ආපසු එමින් තිබූ ගිලන් රථයක්‌ පුත්තලම කොළඹ පාරේ බත්තුළුඔය 61 හන්දිය ආසන්නයේ දී පෙරේදා (18 දා) අලුයම ලොරි රථයක ගැටීමෙන් වූ අනතුරින් පුත්තලම රෝහලේ ළමා වාට්‌ටුවේ සේවය කළ වෛද්‍යවරිය සහ ගිලන් රථයේ සහායක මරු වැළද ගත් පුවත මුළු රටේම ජනතාවගේ හදවත් සසල කරවන්නට විය. විසිහය හැවිරිදි වියේ පසු වූ "වෛද්‍ය ඉෂානි එරංගිකා ජයවර්ධන" මෙනවිය සහ ගිලන් රිය සහායක "ඒ.එම්. එම්. ඉර්ෂාඩ්" මෙන්ම ට්‍රක් රථයේ පැමිණි පුද්ගලයෙකු ද මෙහිදී මරුමුවට පත්ව තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ගිලන් රියේ සිටි උපස්‌ථායිකාව හා රියෑදුරු කොළඹ මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර තුවාල ලැබූ හෙදියක හලාවත රෝහලට ඇතුළත් කෙරිණි. කිලිනොච්චිය ප්‍රදේශයේ සිට රැස්‌වීම් වේදිකාවක්‌ පටවාගෙන කොළඹ බලා එමින් තිබූ ලොරි රථයක ගිලන් රිය මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි. මියගිය වෛද්‍ය ඉෂානි එරංගිකා මෙනවිය පුත්තලම මූලික රෝහලේ ළමා වාට්‌ටුවේ ඕනෑම රාජකාරියක්‌ අවංකවම කැපවීමෙන් ඉටුකළ බව රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දම්මිකා දිසානායක මෙනවිය පැවසූවා ය.

නොබෝ කලකින් තම සීමාවාසික පුහුණුව අවසන් කිරීමට තිබිය දී මෙලොවින් සමුගත් වෛද්‍ය ඉෂානි එරංගිකා මෙනවිය තම රාජකාරි ජීවිතය ආරම්භයේ සිටම හොඳින් සිදුකළ බවත්, කිසිම අවස්‌ථාවක නෑ... බෑ... නොකී බවත් සියලු දෙනා සමග සුහදව මිත්‍රශීලීව කටයුතු කළ බවත් විශේෂඥ වෛද්‍යවරිය කියා සිටී.
 

ඉකුත් 01දාට යෙදී තිබුණු ලෝක ළමා දිනය දා ළමා වාට්‌ටුවෙන් සංවිධානය කළ ළමා දින සැමරුමේ දී මේ මියගිය වෛද්‍යවරිය ද එම උළෙලේ දී සැමට ඉතා සුහදව කතා කරමින් ආගන්තුක සත්කාර කිරීමට මහත් වෙහෙසක්‌ දැරුවා ය.

රාගම තේවත්ත පාර අංක 772 නිවසේ සිය මව වන අනෝමා මදුරප්පෙරුම සමග ඇය දිවි ගෙව්වා ය. කුඩා වියේදීම සිදුවූ පියාගේ අභාවයෙන් පසුව සිය ජීවිතය ජයගන්නට මහත් වෙහෙසක්‌ ගත් වෛද්‍ය ඉෂානි තම මව සමග කරදරයකින් තොරව යහපත් ජීවිතයක්‌ ගත කරන්නට දහසක්‌ බලාපොරොත්තු තබා සිටියා ය.

කොළඹ මියුසියස්‌ බාලිකා විදුහලෙන් උසස්‌ පෙළ හදරා චීනයේ කියෑංජින් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය හැදැරූ ඇය සීමාවාසික පුහුණුව අතරතුර මෙම අනතුරට මූණ දී මෙලොවින් සමුගත්තා ය.

සිය දියණියගේ අකල් වියෝව ගැන මව කියන කතාව.......

මියගිය වෛද්‍යවරිය වන සුදසිංහ රත්න බණ්ඩාරලාගේ දෝන ඉෂානි එරංගා ජයවර්ධන මෙනවියගේ හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාදුන් මව වන 56 හැවිරිදි දෝන ආනෝමා චාන්දනි මදුරප්පෙරුම මෙසේ පවසා සිටියා ය. 

"මම ගෙදර නිදා සිටිනවිට පුත්තලම රෝහලේ දුවගේ වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක වෛද්‍යවරියගෙන් ඇමතුමක් ආවා. මගේ දුව වාහනයකින් යනකොට අනතුරක් වෙලා හලාවත මහ රෝහලට ඇතුළු කළා වහාම එන්න කියලා.
මම ඉක්මනින්ම දුවගේ මාමාත්, මගේ අයියත් එක්ක රෝහලට ආවා. ඇවිත් ප‍්‍රාථමික සත්කාර ඒකකයෙන් දුව ගැන තොරතුරු ඇහුවා. මට ඇතුලට එන්න කියලා ඇඳ උඩ සුදු රෙද්දකින් වහලා තිබුණු දුවගේ දේහය පෙන්නුවා. ලේ තැවරුන ඇඳුමත් නහයට භටයක් දාල තිබුණත් එයාගේ ඇඟ සීතලයි. එයා මිය ගිහින් තිබුණේ.
මගේ දුව බලන්න මම පුත්තලම රෝහලට ඇවිත් ගියේ පසුගිය දොළොස්වැනිදා. මට දුව කීවා ළඟදීම නිවාඩුවක් දමල අපිව බලල යන්න එනවා කියලා. දුවගේ පියා මැරුනේ දුවට වයස අවුරුද්දෙදි....

එදා ඉඳලා එයාව වෛද්‍යවරියක් කරන්න ගොඩක් මහන්සි වුණා. අපේ ගෙවල් රාගම තේවත්ත පල්ලිය පාර. වෙන දරුවො මට නැහැ..... හිටිය එකම දරුවා තමයි මේ හදිසි අකල් මරණයට ගොදුරු වුණේ. කිසිම රෝගයක් තිබුණෙ නැහැ මගේ දරුවාට....."

ලොරි රථය පදවාගෙන ආ රියෑදුරු යූ. එම්. සුජීවජීව,සාක්ෂි දෙමින්....

"මගේ ගම තිස්සමහාරාමෙ. මම වැඩකරන්නෙ පානදුරේ චමින්ද මහත්තයට අයත් උත්සව භාණ්ඩ කුලියට දෙන වැඩපලක ලොරි රියෑදුරකු වශයෙන්. 17 වැනිදා සවස හයට පමණ කිලිනොච්චියෙන් බඩු පටවාගෙන කොළඹ යන්න ආවා. ? දහයට අනුරාධපුරෙන් කෑම කාලා පුත්තලම් පාරෙන් ආවා.... 
දෙකට පුලිච්චිකුලමෙන් තේ බීවා. 61 හන්දියේ පොලිස් මාර්ග බාධකයත් පැනල එනකොට පොඩි පාලමට මෙහා වංගුවෙන් වෑන් එකක් අපේ සයිඞ් එකට එනව දැකල මම දකුණට ලොරිය හරවන්න හැදුවත් ඊට කලින් ලොරියෙ ගිලන් රථය වැදුනා. මම බැහැල ඇවිත් තුවාලකරුවන් රෝහලට ගෙනයන්න පොලිසියත් එක්ක උදව් කළා..."

මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරී (25562) ගාමිණී පෙරේරා, මහතා ඉදිරියේ සාක්ෂි සටහන් කරගත් අතර හලාවත මහ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක කේ. ඒ. අමිත් කුමාර මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඞී. කේ. විජයවර්ධන මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එහි මියගිය ඉෂානි එරංගා ජයවර්ධන වෛද්‍යවරියගේ මරණය නිගමනය වූයේ හදිසි මාර්ග අනතුරක් හේතුවෙන් සිරුරේ අභ්‍යන්තර කොටස්වලට හා හිසට හානි සිදුවී තිබීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

ගිලන් රථ රියෑදුරු සහායක හසිස් මොහොමඞ් ඉර්ෂාඞ් 32එක්දරු පියාගේ හදිසි මරණ පරීක්ෂණය හලාවත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එස්. එම්. ජවුiර් මහතා විසින් සිදුකළ අතර, සාක්ෂි මෙහෙයවූ මුන්දලම පොලිස් රථවාහන අංශයේ නිලධාරී (25562) ගාමිණී පෙරේරා මහතා සිදුකළේය.



ඇයගේ දේහය දැනට රාගම තේවත්ත පාර අංක 772 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (20 දා) සවස රාගමදී සිදුකෙරේ.

මේ වනවිට ලොරි රථයේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර තිබේ. මුන්දලම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

මෙම සිදුවීමේ තවත් පැත්තක් ඇත. එනම සීමාවාසික වෛද්‍යවරුන්ට අග්‍රහාර රක්‍ෂණය හිමි නොවන බැවින්, දියණියගේ අභාවයෙන් පසු වෛද්‍යතුමියගේ මව මේ වනවිට අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටීමයි. 
සීමාවාසික වෛද්‍යවරුන්ට අග්‍රහාර රක්‍ෂණය හිමි නොවන බැවින් පුත්තලම මහ රෝහලේ වෛද්‍යවරිය ගිලන් රථ අනතුරකින් මියයැම නිසා ඇගේ මව ඉතා අසරණ තත්ත්වයකට පත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා පෙරේදා (18 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසී ය.

මරණයට පත් වූ වෛද්‍ය නිලධාරිනී ඉෂානි එරංගා ජයවර්ධන මෙනවිය පවුලේ එකම දරුවාය. ඇගේ සැමියා ද කලකට පෙර මෙළොවින් සමුගෙන ඇත. සේවයේ යෙදී සිටින විට අනතුරට පත්වීමේ අවදානම වැඩිම පිරිස සෞඛ්‍ය සේවකයන් බව ද ඒ අතරින් වැඩිම අවදානම වෛද්‍යවරුන්ට ඇතැයි ද ජිනදාස මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

වැඩිම රෝගීන් සංඛ්‍යාවකට නිරාවරණය වන්නේ සීමාවාසික වෛද්‍යවරුන් බව ද එහෙත් ඔවුන් පුහුණුව ලබන නිලධාරීන් පිරිසක්‌ වන නිසා රජයේ ස්‌ථිර සේවකයන්ට හිමි වරප්‍රසාද හිමි නොවන බව ද කී වෛද්‍ය ලසන්ත ජිනදාස මහතා අවම වශයෙන් රජයේ සේවකයන්ට හිමි අග්‍රහාර රක්‍ෂණයවත් සීමාවාසික වෛද්‍යවරුන්ට නැතැයි කීය.

මීට පෙරදී ද සීමාවාසික වෛද්‍යවරයකු රෝහල තුළ දී ඩෙංගු වැළඳී මියගිය බව ද ඒ අවස්‌ථාවේ දී ඉහත කාරණය තම සංගමය විසින් ඉස්‌මතු කර සීමාවාසික වෛද්‍යවරුන්ට රක්‍ෂණ ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දුන්නමුත් අද වනතුරු ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට රජය විසින් ක්‍රියා කර නොමැති බව කීය.

ගිලන් රථ සේවාවේ ගුණාත්මකභාවයමෙන්ම සුරක්‍ෂිතභාවයේ ගැටලු ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් මෙහිදී පවසා සිටි එතුමා මේ පිළිබඳව සොයා බලා ඒ දේවල් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට, සෞඛ්‍ය අමාත්‍යාංශය වහා විධිමත් පරීක්‍ෂණයක්‌ ඇරඹිය යුතු බව ද කීය.