Saturday, November 8, 2014

සිසුවියගේ අසැබි පින්තුර අන්තර්ජාලය පුරා..

news20141fgfg108

මම ‍ගොඩක් මහන්සි‍‍වෙලයි ‍මේ දරුවා ‍ලොකු මහත් ක‍ළේ, ම‍‍ගේ දුව ඉ‍ගෙන ගන්න ගොඩක් දක්ෂයි, සාමාන්‍ය ‍පෙළ විභාගය ‍හොදටම පාස්වුණා එයා විභාගය ‍හොදට පාස්වු‍ණොත් ලැප්ටොප් එකක් අර‍ගෙන ‍දෙන්න මම ‍පො‍රොන්න්දු‍වෙලා හිටි‍යේ, ඒ නිසා මම දුවට පරිගණක‍යක් අර‍ගෙන දුන්නා, අපේ ‍ගෙදර ම‍ගේ නංගි ‍කෙ‍නෙකුත් හිටියා, උසස් ‍‍‍පෙළ පටන්ගන්න තුරු දුව හිටි‍යේ ‍ගෙදර, නංගි දුව‍ගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා, ඒත් දුව හිටි‍යේ ‍වෙනම කාමරයක, එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයා‍ගේ කාමරයට ගිහින් නෑ, දුව විද්‍යා අංශ‍යෙනුයි උසස් ‍පෙළ කරන්න බලා‍පො‍රොත්තු වු‍ණේ, ඒ නිසා මම ඉන්ට‍නෙට් ලයින් එකත් අර‍ගෙන දුන්නා.


දහය වස‍රේ ඉදලා දුවට පිරිමි ළම‍යෙක් එක්ක සම්බන්ධයක් ති‍යෙනවා කියලා මම දැන‍ගෙන හිටියේ නෑ, එයා ‍ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එ‍කෙන් කතා කරලා, දවසක් හයි‍යෙන් කතා කරන සද්දයක් ඇ‍හෙන නිසා නංගි දුව‍ගේ කාමරයට ගිහින්, එයා ‍දොර ‍රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු ‍වෙනවලු, මම හවස ‍ගෙදර ආවහම ‍මේ විස්ත‍රේ නංගි කිව්වා, මම දුව‍ගෙන් ඒ ගැන ඇහුවා, ඒ පිරිමි දරුවා දුව‍ගෙම පන්ති‍යේ ළම‍යෙක්, අම්මලා තාත්තලත් වැදගත් අය, ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා, ඒ ළමයා එයා‍ගේ මව්පි‍යෝ මට මුණගැස්සුවා, අ‍පේ දරු‍වෝ පුංචි  කා‍ලෙදිම ඒ ව‍ගේ ‍දේකට අනුබල දීලා අපි ‍ලොකු වැරැද්දක් ක‍ළේ.


අපි ‍දෙපැත්‍තෙන්ම කතා කරා පස්සේ ‍මේ දරු‍වෝ ‍ගොඩක් ‍හොදට හිටියා, ඒත් ආ‍යෙත් කාලයකට පස්සේ ‍දෙන්නා ස්කයිප් එ‍කෙන් නිතර නිතර රණ්ඩ‍ු‍වෙනවා කියලා නංගී කිව්වා, මම දුව‍ගෙන් ඒ ගැන අහලා බැලුවා, එයා කිව්ව ‍දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා, ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත්‍රපටි බලනවලු, එවා බලලා දුවත් එක්ක කියනවලු, දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු ‍වෙනවා කියලා දුව කිව්වා, අද අහන්න දකින්න ලැ‍බෙන ‍දේත් එක්ක මම ඉක්මන්‍වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතු‍නේ ඒ ‍වෙලා‍වේ, මට ඉන්නේ දුව විතරයි, මම කැමති නෑ එයා අඩනවා බලන්න, ඒ නිසා මම ඒ දරුව‍ා‍ගේ අම්මලාට කතා කරලා එයා නිල් චිත්‍රපටි බලන එක ගැන දැනුවත් කළා, එයාල‍ගේ අම්මලත් ඒ දරුවාට අවවාද කරලා තිබ්බා.


එදායින් පස්‍සේ සතියක් විතර ඒ දරුවා අ‍පේ දුවට කතා කරලා නෑ, දවස් ‍දෙක තුනකින් විතර දුවට එයා‍ගේ යාළු‍වෝ කතා කරලා එයා‍ගේ නිරුවත් පිංතූර ඉන්ට‍නෙට් එ‍කේ ති‍යෙන බව කියලා ති‍යෙනවා, මුලින් දුව ඒක මට හැංගුවා ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා, ඒක එ‍හෙම වු‍ණේ ‍කො‍හොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ, එයා මුලින්ම කිව්වේ එයා‍ගේ ‍ෆේස්බුක් ගිණූ‍මේ තිබුණ ‍ෆො‍ටෝ අර‍ගෙන ‍වෙනස් කරලා හදලා දාලා ති‍යෙන්නේ කියලා, ඒත් ප්‍රශ්නෙ  ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැම‍දේම කිව්වා, අර ළමයාට නිල් චිත්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියල ති‍යෙනවා එවා ‍නොබලා ඉන්නම් දුව‍‍ගේ නිරුවත් පින්තූර එවන්න කියලා, දුව ඒක විශ්වාස කරලා, එයාට තිබුණ ආද‍රේට, එයා ඒ වගේ ‍දේවලින් ගලවා ගන්න දුවම එයා‍ගේ ‍ෆෝන් එ‍කෙන් නිරුවත් පිංතූර අර‍ගෙන ඒ පිරිමි ළමයාට යවලා, ඒත් එයා නිල් චිත්‍රපටි බලන එක නතර කරලා නෑ, දුව ඒ නිසා නිතරම එයත් එක්ක රන්ඩු ‍කරලා, අන්තිමට දුව මට කියලා එයා‍ගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට ම‍ගේ දරුව‍ගෙන් පළිගත්තේ එ‍හෙමයි.


ඔය සිද්ධි‍යෙන් පස්සේ දුව ‍ගොඩක් මානසිකව වැටුණා, හී‍නෙන් බය‍වෙලා නැගිට්ටා, ඇ‍දේ ඉද‍ගෙන අඩන්න වුණා, ‍මෙයාට ඉස්කෝලේ ගුරුවරුන් ‍ගොඩක් ආද‍රෙයි, යාළු‍වොත් ‍ගොඩක් ගරු කළා, ඒත් ඔය සිදුවීම ‍ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගට ‍මෙයාට ‍කෝල් ආවා, අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව ‍මෙයා නිහඩ ‍වෙලා, දැන් ‍ඩොක්ටර් ‍කෙ‍නෙක්ට ‍පෙන්නනවා, ඒත් ‍මෙයා ඒ පරිසර‍යෙන් ඈත් ‍කරන්න ඕනෑ නිසයි අපි අනුරාධපු‍රේ ආ‍වේ, ඉස්සර ‍මෙයා ‍ගොඩක් ආසයි උඩමළුවට එන්න, මට ඕන ‍කො‍හොම හරි ම‍‍ගේ අහිංසකීව සනීප කරගන්න.


සැබැවින්ම ‍ඛේදනීය ඉරණමකී, ආදරය සුන්දරය, එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ‍ගෞරවය, ආරක්ෂාව ආදී ‍බො‍හෝ ‍දේ තිබිය යුතුය, අද පවතින් ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත, දහම් අධ්‍යාපනයක් ‍නොලබන දරු‍වෝ පින, පව, සස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබද කිසිදු හැගීමකින් ‍තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති, ඒ ‍වෙතින් ‍නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද‍ ‍කෙ‍ළෙසා දමයි, නව තාක්ෂණය අවශ්‍යය, එ‍හෙත් එය භාවිතය දැලි පිහි‍යෙන් කිරි කෑමක් බදුය, එබැවින් ජීවිතයට අවශ්‍ය ‍දේ ‍තෝරා‍ගෙන අනවශ්‍ය ‍දේ බැහැර කර තාක්ෂණය භාවිතා කළ යුතු බව සිහියට ගත යුතුය.



සටහන


පරිගණක අපරාද විමර්ශන ‍‍දෙපාර්ත‍මේත්තු‍වේ ප්‍රධාන ‍පොලිස් පරික්ෂිකා විශාඛා නාමලී ‍හේරත්


gossipclanka

No comments:

Post a Comment