Tuesday, November 4, 2014

පාසල් සිසුවියක් වැනසූ සිසුන් හසුවෙයි




දුෂණ
පහළොස් හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවක්‌ සමූහ වශයෙන් දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය විසින් පහළොස් හැවිරිදි  හැවිරිදි  පාසල් ශිෂ්‍යයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඊයේ (03 වැනිදා) සවස මතුගම අතිරේක මහෙස්‌

ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර තිබේ.එහිදී සැකකරුවන් තිදෙනක් මෙම මස 07 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පාසල් සිසුවා රුපියල් 15,000 ක ශරීර ඇප මත මුදාහරින ලෙසත් නියෝග කළා ය. එමෙන්ම මෙම ශිෂ්‍යයා පිළිබඳ පරිවාස වාර්තාවක්‌ කැඳවීමට නියෝග කළ විනිසුරුවරිය ඔහු මාපියන් භාරයට පත් කරන ලෙස නියෝග කළා ය.

ඒ අනුව රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දොඩම්ගොඩ, නෑහින්න ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියෑදුරන් දෙදෙනකු හා තවත් අයෙකි.කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මියට ලැබුණු තොරතුරු මත කළුතර කොට්‌ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු හා සහකාර පොලිස්‌ අධිකාරි සමන්ත වෙදගේ යන මහත්වරුගේ උපදෙස්‌ මත දොඩම්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ලසන්ත බුද්ධික ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.

Lanka e Gossip News



No comments:

Post a Comment