Saturday, October 25, 2014

ස්ත්‍රීයක් දූෂණ සිදුවන්නේ අපේ වරදින්ද?

Sinhala Rape

වර්තමානයේ ඇතැම් අංශ කෙරෙහි අවධානය යොමූකර බලනවිට, ස්ත්‍රී දූෂණ, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර, ළමයින්ට සිදුවන අතවර ආදී අංශවල වැඩිවීමක් තිබෙන බව පෙනෙනවා. මෙය මෙම අංශවල වැඩිවීමක් ද එහෙමත් නැත්නම් ප්‍රචාරයේ වැඩිවීමක් ද යන්න ස්ථීරවම කීම අපහසූයි.

කන්‍යා පටලයට හානි වීදැයි කලින් දැනගන්න

කන්‍යා පටලය
ප්‍රශ්නය

වෛද්‍යතුමනි මගෙ වයස අවූරුදු විස්සකි. නවතාගත නොහැකි ඇබ්බැහිවීමකට පත්ව සිටිමි.
එනම් දෑනට වසර පහක පමණ කාලයක සිට ස්වයං වින්දනයට ඇබ්බැහි වී සිිටිමි. මේ ඇබ්බැහිවීම ගැන පවූලේ හෝ හිතවත් කෙනෙකුට පැවැසීමටද නොහැකියි. මගේ මේ ක්‍රියාවලිය තුළින් කන්‍යා භාවයට හානි සිදුවිය හැකිද?
මම පේ්‍රම සම්බන්ධයක්ද පවත්වාගෙන යන අතර ඔහූ සැරපරුෂ පූද්ගලයෙකු වන අතර කාන්තාවකගේ පිරිසිදු බව මහ ඉහළින් පිළිගන්නා අයකු ද වේ. මා විශ්වවිද්‍යාල සිසූවියක වන අතර අධ්‍යාපන කටයූතු පවා කරගෙන යාමට නොහැකි අයූරින් මගේ මනස අවූල් වී ඇත.
මීට මාස කිහිපයකට කලින් මා ස්වයං වින්දනයේදී යෙදි නින්දට ගිය අතර පසූදා මගේ නිදන ඇඳුමේ ලේ පැල්මක්ද දක්නට ලැබූණි. අසරණ වූ මට පිහිටවන්න.
ගම සඳහන් නොකළ අසන්නිය

පිළිතුර

ඔබ මනසින් කලබල වී ඇති බවක් පෙනේ. ස්වයං වින්දනයේ යෙදීම ශරරයට අහිතකර තත්ත්වයක් නොවේ. එහෙත් යූවතියක් ලෙස ඔබ ස්වයං වින්දනයේ යෙදෙන විට යෝනි මාර්ගයට යමක් ඇතුල් කළේ නම් කන්‍යා භාවයට හානි ඇතිවීමට පූළුවන්. ඔබ පවසන ආකාරයට ලේ පැල්ලම් තිබූණේ නම් ඇතැම් විට කන්‍යා භාවයට හානිසිදුවී තිබෙන්නට පූළුවන්. ඒ කෙසේ වූවත් හැකි ඉක්මනින් ඔබ කාන්තා හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු හමූ වීම ඉතා වැදගත් බව නම් මතක් කර සිටිනවා.
----------------------------------------------------------------------------------------



ප්‍රශ්නය

මම විසිහය හැවිරිදි අවිවාහක තරුණියක්මි. නොබෝ කලකින් විවාහ වීමට සිටින මාහට දෑඩිව බලපා ඇති ප්‍රශ්නයක් තිබේ. එනම් මගේ ශරරය අනවශ්‍ය පරිදි මහත් වීම නිසා මම ව්‍යායාම් හා ආහාර පාලනයෙහි යෙදීමෙන් ශරරය සමබරව පවත්වාගෙන යාමට උත්සාහ ගන්නෙමි. එහෙත් විවාහ වූ විට මේ තත්ත්වය වෙනස් වී යළිත් පෙර පරිදි මහත්වේදෑයි දෑඩි බියකින් පසූවෙමි. එය මට මහත් පීඩාවකි. විශේෂයෙන්ම උපත් පාලන ක්‍රම අනූගමනය කිරම කාන්තාවන්ගෙ සිරුර මහත්වීමට බලපාන්නේ ද? දරුවන් ලැබූ පසූත් සූපූරුදු පරිදි මගේ ශරරය පාලනය කර ගැනීමට මට නොහැකි වේද? බොහෝ කාන්තාවන් විවාහයෙන් දරුවන් ලැබූ පසූ විශාල ලෙස මහත් වන්නේ මේ උපත් පාලන ක්‍රම පාවිච්චි කිරම නිසාද? ගරු වෛද්‍යතුමනි, මම විවාහවී නිරෝගී දරුවන් බිහි කරලීමට කැමතිය. එහෙත් මගේ සිරුර ක්‍රමවත්ව හැඩට තබා ගැනීමෙන් මගේ සිතට මෙන්ම විවාහ දිවිය යහපත්ව පවත්වා ගැනීමටද එය හේතු වේ යැයි මම සිතමි. ඒ නිසා විවාහයෙන් පසූ එම තත්ත්වය ඇතිකර ගැනීමට උපදෙසක් දෙන්න. ශරරය මහත් නොවී පවත්වාගෙන යා හැකි සාර්ථක උපත් පාලන ක්‍රම මොනවාදෑයිද පහදා දෙන්න කුලියාපිටියේ තනූජා

පිළිතුර

තනූජා ඔබ දුරදිග සිතා කටයූතු කරන යූවතියකි. මන්ද ඇතැම් කාන්තාවන් විවාහ වූ පසූ සිය ශරිරය පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අප ඔබ ගැන නැවත නැවතත් සතුටූ වෙනවා. බොහෝ කාන්තාවන් විවාහයෙන් පසූ සිය ශරරය ගැන දක්වන්නේ අඩූ සැලකිල්ලක් විශේෂයෙන් දරුවෙකු ලැබූූූණූ පසූ. සෑම කාන්තාවක්ම යොවූන් කාලය තුළදී මෙන්ම මූළු ජීවිත කාලය පූරාම අපේ ශරරයේ හැඩය ගැන සැලකිලිමත් විය යූතු අතර ඒ සඳහා ආහාර පාලනය හා ව්‍යායාම අතිශයින්ම වැදගත්. විවාහයෙන් පසූ තමන්ගේ ශරිරයේ අලංකාරය ගැන සැලකිල්ල අඩූ කිරීම, අපේ ආසියාතික කාන්තාවන්ගේ ලක්ෂණයක්.
ඒ කෙසේ වූවත් තනූජා ඔබ අසා ඇති ආකාරයට පවූල් සැලසූම් ක්‍රම මගින් ඒතරම් ශරරයේ තරබාරු බවක් ඇති වන්නේ නැහැ. එහෙත් ගිලින පෙති භාවිතයෙන් හා තුන් මාසේ පවූල් සැලසූම් ක්‍රමය වන එන්නත ලබා ගැනීමෙන් තාවකාලිකව ශරරයේ මහත් වීමක් ඇතිවෙන්නට පූළුවන්. ගිලින පෙති භාවිතයට අකැමැති කාන්තාවකට ලුපයක් පැළඳීමට පූළුවන්. එමෙන්ම ඔබට දරුවන් ලැබූණූ පසූද ව්‍යායාම හා ආහාර පාලනය මගින් ශරරයේ සමබරතාවය පවත්වා ගැනීමට පූළුවන්.
----------------------------------------------------------------------------------------

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,මගේ වයස අවූරුදු 20 කි. විවාහ වී දැනට වසරක් පමණ ගතවී ඇත. විවාහ වී මාස 5 කින් පමණ පසූ ගැබ්ගෙන එය මාසයකින් පමණ ගබ්සා විය. මෙම හේතුව නිසාත් අඩූ වයසින් දරුවෙකු බිහිකිරමට ඇති බිය නිසාත් මා මිතුරි උපත් පාලන පෙති භාවිත කරන්නෙමි. එහෙත් වෛද්‍යතුමනි උපත් පාලන පෙති නොවරදවා අවූරුද්දක් පමණ ගතහොත් සඳහටම දරුවන් නොලැබී වඳභාවයට පත් වෙනවා යැයි අසා ඇත්තෙමි. මගේ ප්‍රථම දරු ගැබ ගබ්සා වීම නිසාත් උපත් පාලන පෙති අවූරුදු 25 වනතෙක් පමණ පාවිච්චි කිරමට බලාපොරොත්තු වන නිසාත් මේ ගැන ඉතා කණස්සල්ලෙන් හා දෑඩි බියකින් පසූවන්නෙමි. මෙහි ඇති සත්‍ය අසත්‍යතාවය ඉතාම ඉක්මනින් පහදාදෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර

පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කිරම නිසා සදාකාලික වඳභාවයට පත්වෙනවා යැයි කියන කතාව ඉතාමත් අසත්‍යයකි. විශේෂයෙන් ඔබ පවසන ආකාරයට ගිලින පෙතිවල ඇත්තේ ඊ්ස්ට්‍රජන් හා ප්‍රොජෙස්ට්‍රොන් යන හෝමෝර්නයි. මේවා මගින් කෙරෙන්නේ ස්ත්‍රියකගේ සිරුරේ මසකට වරක් නිෂ්පාදනය වන ඩිම්බ මෝචනය වළක්වා එමගින් දරු ගැබක් හට ගැනීම නැවැත්වීමයි. මෙය බල පැවත්වෙන්නේ ගිලින පෙති භාවිත කරන තාක්කල් නැතහොත් එම මාසය තුළ පමණයි. ගිලින පෙති භාවිතය නැවැත්වූ වහාම යළිත් ඩිම්බ මෝචනය වී සකී්‍රය තත්ත්වයට පත්වෙනවා.ගිලින පෙති දිගු කලක් භාවිතයට ගත්තද එමගින් දරුඵල අහිමිවේ යැයි බියවිය යූතු නැහැ. වැඩිම වූනොත්් මාස දෙක තුනක් පමාවිය හැකියි. බිය නොවන්න. ගිලින පෙති භාවිත කිරමෙන් ඔබ සදාකාලික වඳභාවයට පත්වේ යැයි සිතේ බියක් පවතින්නේ නම් ඔබ ප්‍රදේශයේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට ඔබට සූදුසූ යැයි හැඟෙන වෙනත් උපත් පාලන ක්‍රමයක් අනූගමනය කරන්න.
----------------------------------------------------------------------------------------
ප්‍රශ්නය



වෛද්‍යතුමනි,මාගේ වයස අවූරුදු 21 කි. වැඩිවියට පැමිණීමට පෙර නොදෑනූවත්කම නිසා කිහිප වතාවක්ම පූද්ගලයෙකු සමග ලිංගිකව එකතු වීමි. එම කිසිම අවස්ථාවක මට ලේ පිටවීමක් සිදු වූයේද නැත. මට ඇති ප්‍රශ්නය කන්‍යා පටලය පිහිටන්නේ උපතින්මද? යන්නයි. ලබන වසරේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් පෙම්වතෙකු ඇසූරු කරමි. ඔහූ කන්‍යාභාවය පිළිබඳව දෑඩිව විශ්වාස කරන්නෙකි. එම නිසා මා මහත් සේ බියෙන් පසූවෙමි. මේ හේතුව නිසා මගේ ශරරය පවා ගොඩක් කෙටිටූ වී ඇත. මේ පිළිබඳව වැඩිහිටි කාන්තාවකට පැවසූවෙමි. ඇය කීවේ කන්‍යා පටලය පිහිටන්නේ වැඩිවියට පත්වීමෙන් පසූව බවයි. වෛද්‍යතුමනි, මා එසේ ලිංගිකව එකතු වූයේ අවූ. 9 දී පමණය.



පිළිතුර

උත්පලා වයස අවූරුදු විසි එකක් වෙන ඔබට සාමාන්‍ය දෑනීමක්වත් නොමැති පාටයි. ගැහැණූ ළමයෙකු ලෙස මීට වඩා දෑනූමක් ඔබේ සාමාන්‍ය ජීවිතයේදී ලබා ගත යූතුයි. ඒ කෙසේ වූවත් කන්‍යා පටලය ඇතිවන්නේ ගැහැනූ දරුවෙකු පිළිසිඳ ගත් අවස්ථාවේ සිටයි. පූර්ණ ලිංගික එක්වීමකදී හෝ යෝනි මාර්ගයට කිසිවක් ඇතුල් කිරමෙන් මෙය බිදී යනවා. එසේ වන්නේ ගැහැනූ ළමයෙකුගේ ජීවිතයේ එක්වතාවක් පමණයි. කන්‍යා පටලය බිදී ගිය පසූ යළි යථා තත්ත්වයට පත්වන්නේද නැත. කුඩා කල සිදුවූ දෙය ගැන සිතමින් පසූතැවිලි නොවී ජීවිතයට මූහූණ දෙන්න සිතට ශක්තිය ගන්න.
----------------------------------------------------------------------------------------
ප්‍රශ්නය

වෛද්‍යතුමනි මීට දින ගණනකට කලින් පෙම්වතා සමග අස්වාභාවික ලිංගිකව එකතු වූණා. එහිදී මගේ රහස් ප්‍රදේශයෙන් ශූක්‍රාණූ තැවරුණා. හිතේ ඇතිවූණ බියට පොස්ටිනෝර් 2 පෙති දෙකක් ගත්තා. පළමූ පෙත්ත ගෙන එහි ඇසූරුමේ විස්තර පත්‍රිකාවේ උපදෙස් පිළිපදිමින්. වෛද්‍යතුමනි, එහි බලපෑම් ලෙස ඔක්කාරය වමනය ආදී ලක්ෂණ කිසිවක් මට ඇතිවූයේ නැහැ. එමගින් පැවැසෙන්නේ මෙම පෙතිවල බලපෑම මට ඇති නොවූ බවද?මෙම සිද්ධිය වී දින කිහිපයකින් මගේ ශුද්ධිය ඇතිවූවත් මම පෙති භාවිත කළේ සිද්ධිය වී පැය 32 කිනි. මගේ හිත නිරවූල් කර ගැනීමට උපදෙස් පතමි. නූවර කේ. කේ.

පිළිතුර



ශූක්‍රානූවක් රහස් ප්‍රදේශයේ තැවරමෙන් වූව යෝනි මාර්ගය තුළින් ශූක්‍රාණූ බීජ ඇතුළු වී දරු ගැබක් හට ගැනීමට පූළුවන්. ඒ මතුද නොවෙයි ශූක්‍රාණූ පිටවීමට පෙර පිටවන ගිළුණ ශ්‍රාවයද යෝනි මාර්ගය තුළින් ගමන් කිරම නිසා දරු ගැබක් හට ගත හැකියි. ඒ කෙසේ වූවත් පොස්්නෝරි 2 එහි ඇසූරුමේ උපදෙස් අනූව ගන්නේ නම් බිය විය යූතු නැහැ. අනික එම සිදුවී දින දෙකකින් ඔබට ඔසප් වීමද සිදුවී තිබෙනවා. පොස්ටිනෝර් 2 ගැනීම තුළින් අතුරු ආබාධ විශේෂයෙන් ඔක්කාරය ක්ලාන්ත ගතිය, ඇග අප්‍රාණික ස්වභාවය ඇති නොවීමෙන් එහි ක්‍රියාකාරත්වය නැතැයි කිව නොහැකියි. මන්ද එක්එක් අයගේ ශරරයට එය බලපාන ආකාරයද වෙනස්වන එහෙයිනි. සැකයක් ඇත්නම් මූත්‍රා පරක්ෂණයක් කොට බිය තුරන් කරගන්න.
----------------------------------------------------------------------------------------
උපදෙස් ඃ රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ
වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු

Friday, October 24, 2014

මල්වරවීමත් සමග එකවරම කාන්තා හෝමෝනය වැඩිපූර නිපදවෙන්නේ නැහැ

Malwara - මල්වර

කාන්තා රෝග ගැන කතා කිරීමේදී ඔසප් චක්‍රයේ අක්‍රමවත්වීම නිසා කාන්තාවන් මානසිකව පීඩාවට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෙම තත්ත්වය අවස්ථා තුනකට බෙදා කතා කළ හැකියි.

ඉන් එකක් තමයි මල්වරවීම තුළදී ඇතිවන ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන්. විශේෂයෙන්ම අවූරුදු එකොළහක්, දහසය සහ දාහත අතර ගැහැනූ දරුවන්ගේ ඔසප් චක්‍රයේ විෂමතාවන්. මෙම විෂමතාවන්ට බලපාන විවිධ හේතූන් තියෙන්න පූළුවනි.

ගැහැනූ ළමයින්ගේ ඔසප් චක්‍රයේ විෂමතාවන්ට බොහෝ වෙලාවට හේතුවෙන්නේ සාමාන්‍ය කාන්තා හෝමෝන තත්ත්වය ශරීරය තුළ ඇති නොවීමයි. බොහෝ ගැහැණූ දරුවන් මල්වර වූණාට එකපාරටම කාන්තා හෝමෝන නිෂ්පාදනය වැඩිහිටි කාන්තාවන්ගේ වගේ වෙන්නේ නැහැ. විශේෂයෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන කාන්තා හෝමෝනය නිසි පරිදි ස්‍රාවය වෙන්න සමහරවිට අවූරුදු දෙකක් තුනක් ගතවෙන අවස්ථා තියෙනවා. සමහර ගැහැනූ දරුවන්ට අවූරුදු හතරක කාලයක් වූණත් ගතවෙන්න ඉඩ තියෙනවා.

සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙක් මල්වර වෙන්නේ අවූරුදු 9 ත් 13 ත් අතර කාලයේදීයි. පළමූ කාලවලදී වන ඔසප් චක්‍රවල ඩිම්බ මෝචනයක් සිද්ධවෙන්නේ නැහැ. ඒ වගේම ඔසප් චක්‍ර අක්‍රමවත් වෙන්න පූළුවනි. සමහර ගැහැනූ දරුවන්ට ඔසප් චක්‍රය දවස් 21 කට සැරයක් හෝ දවස් 35 හෝ දවස් 42 සැරයක් වෙන්න පූළුවනි. ඒකයි අපි කිව්වේ අක්‍රමවත් කියලා.

යම්කිසි ගැහැනූ ළමයෙකු වැඩිවියට පත්වෙලා අවූරුද්දක් දෙකක් ගතවෙලා ඊළඟ ඔසප්වීම වූනා කියලා අපි එය ප්‍රශ්නයක් කියලා සලකන්නේ නැහැ. අපි වෛද්‍ය ප්‍රශ්නයක් කියලා හිතන්නේ අවූරුදු දහසය දාහතට පස්සෙත් ඔසප් චක්‍රය අක්‍රමවත් නම් පමණයි.

සමහර ගැහැනූ දරුවන්ට ඔසප් වීමේදී අධික ලෙස රුධිරය වහනය වෙනවා. මේ නිසා ඔවූන්ගේ අධ්‍යාපනයට බලපෑම් ඇතිවෙනවා. ඇතැම් දරුවන්ගේ ක්‍රියාශීලිත්වය අඩූවෙලා යනවා. නීරක්ති තත්ත්වය ඇති වෙනවා. මෙවැනි තත්ත්වවලදී වෛද්‍ය ප්‍රතිකාර ගත යූතුයි. මල්වර වන ගැහැනූ දරුවන්ගෙන් සියයට අනූපහකට විතර මෙවැනි ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන් අපට අහන්නත්, දකින්නත් පූළුවනි.

ඔසප් චක්‍රය නිසි පරිදි සිදුවීමේදී ඩිම්බමෝචනය වෙනවා. නමූත් මෙම තත්ත්වය අවූරුදු 18–35 අතර කාලයේදී නැවත ඔසප් චක්‍රය අක්‍රමික වෙන්න තවත් කරුණූ කාරණා බලපාන්න පූළුවනි.

ළඟදී විවාහ වීමට බලාපොරොත්තු වන කාන්තා ඔබට










විවාහයට සූදානම් වන යූවතියක් ඒ සඳහා අවශ්‍ය දේ ලක ලැහැස්ති කරගන්නේ බොහොම කාලයක ඉඳලා. ඒ තරම්ම වැදගත් දෙයක් ගැනයි මේ කතා කරන්න යන්නේ.

විවාහ වෙන්න සූදානම් වන යූවතියක් වෛද්‍ය උපදෙස් පැතීමත් ඉතාමත් වැදගත්. අඩූම තරමින් විවාහයට මාස 3 පමණ පෙර හෝ වෛද්‍යවරයෙකු

ලස්සන වෙන්න ස්වභාවික ප්‍රතිකාර



ඔය අනංමනං බෙහෙත් විදාගන්නේ නැතුව අපේ වටේ තියෙන බෙහෙත් පැලැටි වලින් ඉක්මනට ලස්සන වෙමු,

සමේ මියගිය කොටස් ඉවත් කිරීමට අපි හොඳින් දන්නා හඳුනන අමූද්‍රව්‍ය සම්බන්ධ කරගත හැකියි.

පොලොන්නරුව අහසේ අත්භූත නූල් (Photo+Video)

පොලොන්නරුව අහසේ අත්භූත නූල්



පොළොන්නරුව බැදිවැව හා ආසන්න ප්‍රදේශවල අහසේ හඳුනා නොගත් නූල් විශේෂයක් පාවෙමින් පැවතීම ප්‍රදේශවාසීන්ගේ සැකයට භාජනයවී තිඛෙනවා.

කිලෝමීටර දෙකක් හෝ තුනක් ඉහල අහසේ පාවෙමින් පොළවට එන මෙම නූල්
රොද ගස්වල පැටලීමෙන් පසු ප්‍රදේශවාසීන් ස්පර්ශ කර ඇත.
ගම්වැසියන් පවසන්නේ මෙය මකුළුදැල් ස්වභාවයේ පෙනුමක් ඇති ඊට වඩා ඝනකමකින් යුත් ද්‍රව්‍යයක් බවයි.
විවිධ රටා මවමින් අහසේ පාවෙමින් ගිය මෙම නූල් රොදවල් ප්‍රදේශයට ඇතිවූ වර්ෂාව සමග ක්‍රමයෙන් අතුරුදහන් වී ඇති බවද වාර්තා වුණා.
එම ද්‍රව්‍යයේ ඡායාරූප හා විස්තර වීඩියෝ වාර්තාව පහතින්

 

 

 



">වීඩියෝව මෙතනින් බලන්න

Thursday, October 23, 2014

අර මිනිහා මගේ ඇගටම ආවා මට කරකියාගන්න බැරි උනා ( නිපුනිකා )





බසයක් තුළ දී  
තමන්ට සිදුවූ
අතවරය ගැන
නිපුණිකා
ප්‍රථම වතාවට
හෙළිකරයි...!

"පබසරා" ටෙලි සිතුවම පුංචි තිරයේ විකාශය වන්නට මත්තෙන් යොවුන් නිළියක ලෙස ක්ෂේත්‍රයට එක් වූ "නිපුණිකා හේවාගමගේ" එතරම්ම ජනප්‍රිය තැනැත්තියක නොවී ය. නමුත් අද වන විට නිපුණිකාව රසික රසිකාවන් හඳුනන්නේ සැබෑ නමට වඩා 'පබසරා' යන නමිනි. මේ දිනවල "පොඩි මාමා "ටෙලි සිතුවමේ 'උත්පලා' චරිතයට පන පොවන්නී ද ඇයයි.

සාමාන්‍යයෙන් ගැහැනියකට, විශේෂයෙන්ම තරුණියන්ට බස් රථයන්හි ගමන් කිරීම තරමක් ගැටළු සහගත තත්ත්වයකි. එසේ වී ඇත්තේ බස් රථ ඇතුළත දී ඇතැම් පුද්ගලයින්ගේ අතවරයන්ට මුහුණ පාන්නට සිදුවන නිසා ය. සාමාන්‍ය තරුණියන් නම් ඕනෑ තරම් මෙකී ගැටළුවට මුහුණ පා ඇති. නමුත් යොවුන් නිළියන් ද බස් = රථ ඇතුළත දී අතවරයන්ට ලක්ව ඇතිබව කිවහොත් ඔබ විශ්වාස කරනවා ද...? පසුගිය කාලේ නිපුනිකා ද එවන් වූ අතවරයකට ලක්ව තිබෙනවා. ඒ ගැන මෙන්ම පෙම්වතියක් ලෙස ආදරය විඳින හැටි සහ කලා කටයුතුත් සමගින් ගෙවන ජිවිතයේ සුන්දර තැන් පිළිබදව නිපුණිකා පැවසුවේ මෙලෙසිනි.

"බොහොම සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා..... "පොඩි මාමා "ටෙලි සිතුවමේ, 'උත්පලා' හරිම මධ්‍යස්ථ චරිතයක්. බොහෝ විට මමත් ආසයි දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න. දැන් බොහෝදෙනෙක් මාව අමතන්නේ, පබසරා කියලා. මං හිතන්නේ නිළියකට අන්වර්ථ නමක් වැටෙන්නේ හරිම කලාතුරකින්. උදාහරණ විදිහට කිව්වොත් උපේක්ෂා අක්කට 'පබා', ශෙරිල්ට 'අමා' වගේ. මමත් ඉතින් 'පබසරා' වුණා. එහෙම වෙන්න වාසනා ගුණයත් තියෙන්න ඕනෑ.....
 

මට අහම්බෙන් වගේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. මං ඊට බෑ නොකියා හා කිව්වා. ඉතින් දිගටම රඟපාන්න කතා කලා. ඒ වෙන කොටත් මම නීතිඥවරියක වන්නටයි හීන මව හිටියේ. නමුත් ඒ හීනේ පෑල දොරින් යන්න ගියා..... ඒත් ඉතින් ඒ ගැන එහෙමට ලොකු දුකක් නම් නැහැ...... නීතිඥවරියක වුණා නම්, නිළියකට වඩා සල්ලි හොයන්න තිබුණා තමයි. නමුත් සල්ලිම නෙවෙයිනෙ ජීවිතේ.......

දැන් නම් නිළි වෘත්තියත් එපා වෙන අවස්ථා තියෙනවා. පාන්දර ෂූටිං යන කොට, මහ රෑ වෙලා ගෙදර එනකොට වෙන වෘත්තියක් කළා නම් හොඳයි කියලා හිතෙනවා..... ඒත් වේලාවකට රංගනය හොඳයි. නීතිඥවරියක වුණා නම්, මානසික පීඩනයත් වැඩියිනෙ..... නිළියක් වීම හිතට එක අතකින් සැනසීමක්. මොකද නීතිඥයකු නිතර ගනුදෙනු කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්කනෙ..... දැන් නම් නිළියක් විදිහට මට සමාජයෙන් ගෞරවයක් වගේම හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒත් මං කවදාවත් මගේ ජනප්‍රියකමෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්නේ නැහැ...... මට ඉක්මනට කේන්ති යනවා..... කොච්චර ඉවසන්න හැදුවත් බැහැ..... මට කවදා හැරී දවසක වාරයක් ලැබුණොත්, මං ඒ වරයෙන් මට තියෙන ඒ නරක ගති ගුණය වෙනස් කර ගන්නවා...." වැඩියෙන්ම අපහසුතාවයකට පත් වූ මොහොත. "පාසල් යන කාලේ බස් එකේ ගෙදර එනකොට කවුදෝ ඇවිත් මගේ ඇඟට හේත්තු වුණා.... මම දැන් ඒ මිනිහට හිරවෙලා.... මට හරිම කේන්තියි..... ඒත් කරකියා ගන්න දෙයක් නැහැ..... ඒ වෙලාවේ මං කොච්චර අපහසුතාවයට පත් වුණාද කියලා කිව්වොත් වචනත් නැහැ ඒ ගැන කියන්න....." තෝරා බේරා ගෙනයි යාළුවො ඇසුරු කරන්නේ. "මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, කොයි ක්ෂේත්‍රයේ වුණත් හැමෝම විශ්වාස කරන්න බැහැ. ඉතින් මම විසින්ම තෝරා බේරා ගත් අතිශය විශ්වාස කරන්න හැකි යාළුවෝ අතලොස්සක් තමයි මං ආශ්‍රය කරන්නේ..." නිපුණිකාට දේශපාලනයට සබඳකම් තියෙන පෙම්වතෙක්. "එයත් හොඳින් ඉන්නවා. එයාගෙ පවුලේ අය තමයි දේශපාලනයට සම්බන්ධ. පෙම්වතා ව්‍යාපාරිකයෙක්. මං කවදාවත් එයාට නීති රීති දාලා නැහැ...... දර්ශන තලවලට නෑවිදින් එයාගේ කැමැත්ත නිසයි. මම රඟපානවට ඔහු කමැතියි.

තවම අපේ විවාහයට දින දාගෙන නැහැ..... බැන්දට පස්සේ ගන්න තීරණ ගැනත් තවම හිතලා නැහැ..."