Thursday, October 30, 2014

Microsoft වෙතින් එන නවීන තාක්ෂණයෙන් පිරිපුන් Band


   Microsoft වෙතින් පලඳින ආකාරයේ නිකුතුවක් පැමිනෙන බවට කල සිට තිබුනේ බලාපොරොත්තුවකි. ඒ පිලිබදව නෙක ආකාරයේ අකාවැකි පලවෙමින් තිබෙනද ලදී. සමහරුන්ට අනූව SmartWatch තරග කරුවෙකුගේ පිවිසීමක් බලපොරොත්තුවුවද විටින් විට පලවූ අනවැකි වෙතින් පැහැදිලි වෙමින් තිබූ කාරනාවක් වූවේ එය භාවිතාකරන්නාගේ සෞඛ්‍ය ජීවිතයට වැදගත් සහයකයෙකුව වෙමින් පැමිනෙනු ඇති බවකි. අවසානයේ ගෙවී ගිය දිනයකදී Microsoft වෙතින් එම නිකුතුව නිවේදනය වන ලදී. භාවිතාකරන්නාගේ  SmartWatch භාවිතාවට සහයකුවෙමින් ඒ වෙතට පැමිනෙන ඊමේලයන්, පනිවුඬයන් ආදිය සදහා දුරකථනයම බහාලනයෙන් ඉවතට ගැනීමට අත්‍ය අවශ්‍ය නොවන සහයක් එය ‍රැගෙන විත් තිබූ අතර ප්‍රධානපෙලේ සියලුම මෙහෙයුම් පද්ධති තල සමග සහයෙන් කටයුතු කරන්නට හැකිව එය පැමින තිබිනි.  වැදගත්ම එය සතු අංගයව තිබුනේ එයටම ස්ථාපිතව පැමිනෙන සංවේධකයන් 10ක් ඔස්සේ භාවිතාකරන්නාගේ සෞඛ්‍ය තොරතුරු ‍රැස්කර දෙන්නට සමත්ව තිබීමය. සමස්ථයක් ලෙසට attractive fitness tracker ලෙසට අර්ථ දක්වන්නට සූදානම්ව පැමිනි මෙම නිකුතුව ඔස්සේ භාවිතාකරන්නාගේ පියවර ප්‍රමානයේ සිටම මානසික ආතති මට්ටම දක්වා තොරතුරු නිරාවරනය කර දෙන සූදානම් වන බවටයි පැවසුනේ. Microsoft හි  HealthVault දත්ත තලය ඔස්සේ මෙම තොරතුරු භාවිතාකරන්නගේ සෞඛ්‍ය උපදේශකවෙතට දක්වා සුරක්ෂිතව සංනිවෙදනය කර දෙන්නට දක්වා පුලුල් පරාසයක එය සූදානම්ව සිටින බවටයි ඔවුන් හෙලිකර සිටියේ.සරලව භාවිතාකරන්නාගේ දින සැලසුම් වල සිට නිදන, ආහාර , ව්‍යායාම වැනි මෙකී නොකී සියලුම සෞඛ්‍යමය තොරතුරු සදහා මැදිහත් වීමක් මෙම උපාංගය ගෙනෙන බවටයි අවසාන වශයෙන් හෙලි වන්නේ.

දැනට US සීමාවතුල පමනක් නිකුත්වන්නට නියමිත මෙම පැමිනීම විනාඩි 90ක බලගැන්වුමක් සමග පැය 48ක ක්‍රියාත්මක කාලයක් ලබා දෙන බැටරියකින් සමන්විත වන අතර ඩොලර් 199 කට මිලව තිබෙනවා. දැනට වන තොරතුරු හෙලි කරන්නේ US තුල මෙම උපාංගය වෙනු වෙන් සැලකිය යුතු අවධානයක් ලබා ගන්නට සමත්ව ඇති බවත් Online ආකාරටද ඇනවුම් කිරීමේ අවස්ථාව දැන් විවෘතව ඇති බවකි.

සියලු සිංහල වචනමය සටහන්වල රටා අයිතිය පුබුදු සිරිවංශ

මගේ චරිතේ ගැන නොදන්න දේ ගොඩයි (ඔටාරා)



otara+gunawardhana+selfie

පසුගිය දින කිහිපය පුරාවටම නිරන්තරයෙන් කතාබහට ලක්වුණු චරියක් වන "ඔටාරා ගුණවර්ධන" ගැන ඇගේ ව්‍යාපාරයන් පිළිබදව මදක් ඔබ්බට ගොස් ඇගේ පුද්ගලික ජීවිතය ගැන තොරතුරු රැසක් පිළිබඳව සටහනක් ගෙන එන්නට අදහස් කළා. බෞද්ධ ආගමික තැනැත්තියක වන ඔටාරා විලාසිතාවට සහ කලාත්මක බවට ඇය තුළ වූ සැබෑ කැමැත්ත ඇය මුණගැසෙන්නට යන එන කාටත් ඇය වෙසෙන වටපිටාව දුටු සැණින්  මනාව පිළිබිඹු වුණා. මෑතක් වන තුරුම ඔඩෙල් සමාගමේ හිමිකාරීත්වය දැරූ ඇය තම සමාගමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් සමාගමට පැවරුවා.

නමුත් තවමත් ඇය එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් තවමත් සේවය කරනවා. සන්නාමකරණය සහ අලෙවිකරණය සේම නවීන විලාසිතා පිළිබඳ මනා දැනුමක් සහිත ඇයව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට ගොසින් යහපත් සමාජයීය වෙනසක් කරන්න ඇප කැපවන බව ඇය වත්මනේදී ක්‍රියාත්මක කරන වැඩසටහන්වලින් මනාව ඔප්පු වෙනවා. ඒ වගේම ඔටාරා නිතරම පාටත් එක්ක වැඩ කරන කෙනෙක්. මේ දවස්වල නම් ඇගේ ජීවිතය පාට කරන්නේ රෝස වර්ණයෙන්ලු....

"ජීවිතයේ පාට කාලෙන් කාලෙට වෙනස් වෙනවා.මේ දිනවල ජීවිතය වර්ණ ගැන්වෙන්නේ රෝස පාටින්.... ඒ පාට කරුණාව සහ ආදරය සමඟ සම්බන්ධ නිසා වෙන්න ඇති.

පුංචි කාලේ නම් මම උත්සාහ කළේ  විසේකාරියක් වෙන්න. ඒ දේ කරන්න මට ඕන වුණා. ඒ වගේම මට මතක කාලේ ඉඳන්ම මම ආසයි පරිසරයට සහ සත්ත්වයන්ට ආදරය කරන්න. ඒක නිසා තමයි මම ජීවවිද්‍යා අංශයෙන් උපාධියක් කළේ.....
 

ශ්‍රී 1990දී සේවකයන් දෙන්නෙක් යොදාගෙන හදන්න පටන් ගත්ත ඔඩෙල් කියන ව්‍යාපාරික දරුවා කල වයස ආවාට පස්සේ 2014දී සොෆ්ට්ලොජික් සමාගමට බන්දල දුන්නා. වෙලාව ආවම අපිට සමහර දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒක ලෙහෙසි තීරණයක් නෙවෙයි. මම වසරක පමණ කාලයක් හිමින් මේ තීරණය ගැන ගොඩක් කල්පනා කළා. මගේ අනාගත සතුට වෙනුවෙන් තමයි මේ තීරණය කැමැත්තෙන්ම ගත්තේ.

ඒක පිස්සු තීරණයක් කියලා කවුරුත් කිව්වේ නැහැ. මගෙත් එක්ක සමීපව ඉන්න සහ වැඩ කරන අය දන්නවා මම ගොඩක් හිතල බලලා තීරණ හරියට ගන්නවා කියලා. ඒක නිසා කවුරුත් මගේ තීරණය වෙනස් කරන්න උත්සාහ කළේ නැහැ..... මේක මම ගොඩක් විශ්ලේෂණය කරලා ගත්ත තීරණයක්.

දිගටම ව්‍යාපාර කරද්දි කොයිතරම් කළත් තවත් වැඩි වැඩියෙන් මුදල් හොයන්න ඕන. ව්‍යාපාරය දියුණු කරන්න ඕන කියන පීඩනය මට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට තියෙනවා. එහෙම නැතිව ව්‍යාපාර කරන්න බෑ. නමුත් ජීවිතයේ සැබෑ අර්ථය මුදල්වලින් ඔබ්බට ගිය එකක්. ඒ නිසා ව්‍යාපාර කටයුතුවලින් එහාට ගිහින් ජීවිතය අර්ථවත් කරන්න කටයුතු කරන්න ඕන.

බල්ලන්ගෙන් මිනිසුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ අය තුළ කුහකකම සහ ඊර්ෂ්‍යාව නැතිකම හොඳ පාඩමක්. ගොඩක් සමීක්‍ෂණවලින් පවා හෙළිවෙලා තියෙනවා බල්ලන් ඇති කිරීමෙන් සතුට සහ ජීවන රටාව වැඩි දියුණු වෙනවා කියලා. නමුත් සුරතල් සතුන් කූඩුවල දාන්නේ නැතුව පවුලේ කෙනෙක් වගේ ඔවුන්ට සලකන්න ඕන.

බලය, ආදරය සහ නිදහස කියන තුනම මට ඕන..... ආදරය කොහොමත් ජීවිතයට අවශ්‍ය දෙයක්. මම කියන්නේ සෑම සත්ත්වයෙක්ටම මනුෂ්‍යයෙක්ටම දක්වන ආදරය සහ කරුණාව ගැන. ඒ වගේම තරුණ කාලයේදී මා තුළ බලයට කැමැත්තක් තිබුණේ නැත්නම් අභියෝග හමුවේ මම අසරණ වෙන්න ඉඩ තිබුණා. ඒක නිසා බලය අවශ්‍යම වුණා. මට මතකයි එක වරක් ඩික්මන් පාරේ තිබුණ මගේ ඔඩෙල් සාප්පුව ගිනිගෙන විනාශ වුණා. ඒ වගේ වෙලාවක දුක්වෙලා හැමදේම අත්හරින්න ලෙහෙසියෙන් පුළුවන්. නමුත් බාධක හමුවේ නොසැලී ඉදිරියට යන්න තමන් තුළ බලයක් අවශ්‍යයි.
 

ඇත්තටම මගේ මවුපියන් ඒ අයට කැමැති දේ නෙවෙයි, මට කැමැති දේ කරන්න මට අවස්ථාව සහ නිදහස දුන්නා. ඒක ගොඩක් වටිනවා...

සේවකයින් දිරිගන්වන්න පඩිය ඉතා වැදගත් කියලා මම දන්නවා. නමුත් රැකියාව කැමැත්තෙන් සහ අභිමානයෙන් කරගෙන යන්න අවස්ථාව ඔවුන්ට ලබාදෙන්න ඕන. ඒ වගේම වැඩ කරන්න හිතෙන ආයතනික පරිසරයක් ගොඩනඟන්න ඕන.

එක එක්කෙනා කියන කතා මම අහන්නේ නෑ..... එහෙම කේලාම් අහන්න කාලය වෙන් කරන්න ගියොත් ව්‍යාපාර කරන්න වෙන්නේ නෑ..... ඒ අයට හිතෙන විදියට ඔඩෙල් එක දියුණු කරන්න අවශ්‍ය යෝජනා දෙන්න ඔඩෙල් එකේ වැඩ කරන අයට නිදහස තියෙනවා. ඒ වගේ ආයතනික සංස්කෘතියක් තියෙන නිසා අපේ සමාගමේ මෑතකාලීනව අභ්‍යන්තර දේශපාලන ගැටලු ඉතාම අඩුයි.

මම සහ ඔඩෙල් ව්‍යාපාරය අතර සමීප බැඳීමක් තිබුණත්, ඔඩෙල් කියන නාමය දැන් මනාව ස්ථාවර වෙලා තියෙන්නේ. මම සහ ඔඩෙල් කියන්නේ දෙන්නෙක්.

කාන්තාවන්ට එකවර ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒක ඔවුන්ගේ ශක්තියක්.... ඔවුන් බොහෝ විට තමන් පිළිබඳ අවතක්සේරුවක ඉන්නවා. එහෙම හිතන එක කාන්තාවන්ගේ දුර්වලතාවක්.

ඕනෑම කෙනෙක් හරි අවස්ථාවේදී හමුවීම වැදගත්. ඒ වගේම ගමන් මඟේදී අපිට හමුවෙන සහ ළංවෙන අයගෙන් පුද්ගලයන් කවුද කියලා වටහාගන්න පුළුවන් වෙන්නත් ඕන.

හරි පුද්ගලයන් හරි අවස්ථාවේ තමන්ට සමීප වෙන බව කලින් දැනගෙන ඔවුන් සමඟ එකතුවෙලා වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් ඔවුන් ජීවිතයෙන් මඟහැරෙන්න පුළුවන්....

කාලෙන් කාලෙට එක එක පොත් කියවනවා. විශේෂයෙන් චරිත කතා, ධනාත්මක චින්තන පොත් සහ විලාසිතා සම්බන්ධ දේවල් කියවනවා. ඉස්සර නම් රිචර්ඩ් බ්‍රැන්සන්, වොරන් බෆට් ගැන ලියැවුණ පොත් එහෙම කියෙව්වා.

ඇත්තටම මම වාසනාව විශ්වාස කරන්නේ නෑ...... ඉතා වැදගත් වෙන්නේ ධනාත්මකව සිතීම සහ ඒ අනුව වැඩ කිරීම. මම මේ තත්ත්වයට එද්දි ගොඩක් හිනා වුණා වගේම ගොඩක් රහසින් අඬපු අවස්ථා තියෙනවා.. දුකක් දැනුණු අවස්ථාවල අද නරකක් වුණත්, හෙට හොඳක් වෙයි කියලා මම හිතුවා. මට මේ අත්දැකීම් ලැබුණේ අනාගතයේ හොඳට කියලා හිතලා හිත ධෛර්යවත් කර ගත්තා.


කාලෙන් කාලෙට ජිවිතේට ළං වුණු බාධක හමුවේ මාව ධෛර්යවන්ත කළේ මමමයි. මම බෞද්ධ ආගමිකයෙක් වුණත් දෙවියෝ විශ්වාස කරනවා. දෙවියෝ කියන්නේ මෙහෙමයි, මට හිතෙනවා විශ්වයේ අපිට පෙනෙන්නේ නැති මොනවා හරි ලොකු බලයක් තියෙනවා කියලා. මම ඒ බලය විශ්වාස කරනවා. 

තවම මං ගැන මිනිස්සු හඳුනාගෙන නැති ගති ලක්‍ෂණ මගේ ළග තියෙනවා. ව්‍යාපාර කරනවාට වඩා ආදරය සහ කරුණාව ලබාදෙන්න මම ගොඩක් කැමැතියි.

ආයතනයේ වැඩ කරද්දි සමහර අවස්ථාවල මම ටිකක් සැර වෙනවා තමයි. නමුත් සැරවීම ප්‍රමාණයකට තියෙන්න ඕන. සේවකයන්ට නරක වචන කියලා.... ඔවුන්ගේ ආත්මාභිමානය නැති වෙන විදියට කෑ ගහලා බනින්න හොඳ නෑ..... ඒක තේරුමක් නෑ..... නමුත් සේවක සේවිකාවන්ගේ වැරැදි අඩුපාඩුකම් පෙන්වන්න ඕන..... මට තරහා යන එක ගොඩක් අඩුයි. නමුත් තරහා යන්නේ නෑ කියන්නත් බෑ......

මම පාසල් කාලේ ගොඩක් ක්‍රීඩා කළා. පිහිනුම්, උස පැනීම, දිවීම වගේ ගොඩක් ක්‍රීඩා කළා. එම ක්‍රීඩා කළ නිසා මම නිතරම පළමුවැනියා වෙන්න උත්සාහ කළා. ක්‍රීඩා කරද්දි කවුරුත් නිතරම උත්සාහ කරන්නේ පළමුවැනියා වෙන්න. පළමුවැනියා වෙන්න ඕන කියන හැඟීම සහ ධෛර්යය ආවේ ක්‍රීඩාවට සම්බන්ධ වීම නිසා.

ඇත්තටම මට සමාජ සත්කාරක පැත්තකට යොමුවෙන්න පෙළඹවීමක් ඇතිවුණේ බි්‍රජට් බාර්ඩෝගෙන්.

ඇය ජනප්‍රිය නිළියක්. මම මාස හයකට විතර කලින් පැරීසියේ පිහිටි ඇයගේ කාර්යාලයට ගියා. ඇය අසනීපයෙන් හිටිය නිසා මුණගැසුණේ නෑ..... නමුත් ඇය සත්ත්වයන් වෙනුවෙන්, ස්වභාවධර්මය වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස දැක්කම මටත් හිතුණා අපිට මේ ලෝකයට තව කොයිතරම් වැඩ කරන්න පුළුවන්ද? කියලා.

මම වඩාත් විශ්වාස කරන්නේ මොළයට වඩා හදවත කියන කියන දේවල්. බොහෝ වේලාවන්හිදී හදවත සහ මොළය එකම අවස්ථාවේ දේවල් දෙකක් කියනවා.... එහෙම හදවත කියන දේ කරලා ප්‍රායෝගිකව බිස්නස් කරන්න ඇත්තටම පුළුවන්. හදවත නැතුවත් ගොඩක් තීරණ ගන්න පුළුවන්. නමුත්, ඉතා වැදගත් වෙන්නේ හදවත සහ මොළය කියන දෙක අතර සමබරතාවක් තියාගන්න එක. එතකොට ජීවිතය සාර්ථක වෙනවා...."




Lanka e Gossip News


 

Wednesday, October 29, 2014

පාසල් සිසුවා ගුරුවරිය කෙළසා මරා දමයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhh7ray72nuKO9WKJ_DdMth0IOxqn1E1oNk3rKV85majVhKPfPxWmVWK2ntAJGAM3Eq2G78cM9tm9qX21BAdoj_m3icXPU32buphgBmsj9mFnYMlsmtjgYp5THj275ihaUu1WvEXDMtMOvx/s1600/alla+(3).jpg


පේරාදෙණිය ‍පොලිස් වසමේ කිරිබත්කුඹුර පිලපිටියේ පදිංචිව සිටි 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරියක් සාහසික අයුරින් දූෂණය කොට මරාදමා ඇති අතර එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පේරාදෙණිය ‍පොලිසිය මගින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ වලිසුන්දර මුදියන්සේලාගේ ලීලාවතී නමැති අවිවාහක කාන්තාවකි. ඇය සිය නිවසේ හුදෙකලාව ජීවත් වී ඇති කාන්තාවක් බව ‍පොලිසිය සඳහන් කරයි. පසුගිය 27 වැනි දින රාත්‍රියේ මෙම කාන්තාව ඝාතනයට ලක්වී ඇති බව මූලික පරීක්ෂණවල දී හෙළිවී ඇත.අදාළ කාන්තාව නිවසේ දක්නට නොමැති නිසා ඒ පිළිබඳ විපරම් කර ඇති අසල්වාසීන් නිවසට ඇතුළුවී සොයා බැලීමේ දී මළ සිරුර හමුවී ඇත. අනතුරුව මේ පිළිබඳ පේරාදෙණිය ‍පොලිසියට දැනුම් දීමෙන් පසු ‍පොලිසිය ‍පොලිස් නිල සුනඛ අංශයේ ජැක් නමැති සුනඛයා  යොදාගනිමින් කළ සෝදිසියක දී සුනඛයා සැකකාර පාසල් සිසුවාගේ නිවසට ගොස් නතරවී ඇත.

අත්අඩංගුවට පත් පාසල් ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් නිසා පේරාදෙණිය ප්‍රදේශයේ පිරිවෙනක ඉගෙනුම ලබන අයකු වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් ‍පොලිසිය ප්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇතැයි පරීක්ෂණ කටයුතු භාර උසස් නිලධාරියකු පැවසීය.ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහි දී හෙළිවී ඇත්තේ මෙම කාන්තාව දූෂණයට ලක්වී ඇති බවයි. මෙම කාන්තාව දූෂණය කිරීමෙන් අනතුරුව මරාදමන්නට ඇති බව දැනට කෙරී ඇති පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

සැකකාර ශිෂ්‍යයාගෙන් ‍පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරගෙන යන අතර පේරාදෙණිය ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
සරත් සමරනායක

GossipClanka.com


 

කටුගස්තොට කේක් හවුස් වැහුවේ ඇයි?




පසුගියදා ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරුවූ තොරතුරකින් කියවුණේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකාවක් අසල පිහිටි කේක් හවුස් වෙළඳසැල වසාදැමීමට මුල්වූ හේතුවකි.

එම හේතුව ලෙස සඳහන් වූයේ බාලිකාවේ ළමුන් හට එම වෙළඳසැලෙන් ලබා දෙන ආහාර වලට වඳ බෙහෙත් දමා තිබෙනා බවකි.

කොරහෙත් කිඹුලන් දැක බොහෝ දෙනා ෆේස්බුක් හරහා හුවමාරු කරන තොරතුරු වල සත්‍ය භාවය 100%ක් ම නොමැති නිසා මේ පිළිබඳව සොයාබැලීමට ගොසිප්බුක් තීරණය කරන ලදි.

එයින් අපට දැනගන්නට ලැබුණේ මෙම සිද්ධිය සත්‍ය බවකි.


කාලයක් පටන් මුස්ලිම් ජාතිකයෙකු විසින් මෙම වෙළඳසැල පවත්වාගන ගොස් තිබූ අතර එයින් කේක් ලබාගන්නා සිංහල පුද්ගලයන් හට වෙළඳසැලේ ඉදිරි රාක්ක වලින් ආහාර ලබාදෙන බවත්, මුස්ලිම් ජාතිකයෙකු ආහාර ඉල්ලන්නේ නම් පසුපස රාක්ක වලින් ලබාදෙන බවත් වාර්තා වේ.

මෙම සිදුවීමට හේතුවී තිබෙන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ගුරුවරියක් කේක් එකක් ලබාගැනීමට එම වෙළඳසැලට ගොස් ඇති අවස්ථාවේ මෙවන් සිදුවීමකට ඇය මුහුණපෑමයි.

අනතුරුව ඇය එක කේක් එක පාසලට රැගෙන විත් කපා බැලීමේදී දිය නොවූ බෙහෙත් පෙත්තෙක් දැක තිබෙන අතර අනතුරුව ඒ පිළිබඳව සෞඛ්‍ය පරීක්ෂවරුන්ට හා පොලීසියට දන්වා තිබේ.

වෙළඳසැලට සීල් තබා තිබෙන්නේ ඉන් අනතුරුවයි. වසර ගණනාවක් විවෘතව තිබූ එම වෙලඳ සැල මාස දෙකක පමණ සිට දැන් තිබෙන්නේ වසා දමාය.

එහි අයිතිකරු මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් බාරයේ බවත් පැවසෙන නමුත් එහි සත්‍යතාවය සොයාගැනීමට අපට නොහැකි විය. මාධ්‍ය වලට එම තොරතුරු පිටවීමට ඉඩක් තබා නොමැත.

වෙළඳසැල වසා දමා තිබෙන අයුරු පහතින්.





 http://www.gossipbook.lk/

පවුලක් කඩාලා පවුල් කන්න තරම් වුවමනාවක් මට නැහැ (අතුලගේ බිරිද)



අප සෑම කෙනෙක්ගෙම ජීවිතයේ බොහෝ දේවල් සිද්ධ වෙන්නෙ නොහිතන විදියටයි. කලාකරුවන්ට පමණක් නොව සාමාන්‍ය මිනිසුන් වන කොයි කවුරුත් අතරේ බොහෝ දෑ සිදු වන්නේ කිසි විටෙක නොසිතන දේවල් ය. ඔය අතරේ ඇතැමුන් හිතාමතාම වරදේ බැදෙන අවස්ථා ද නැතුවාම නොවේ. දීර්ඝ කාලයක් පුරාවටම ලාංකීය සංගීතය නාමයක් හදාගත් යුවළක් වන අතුල, සමිතා හටත් ඔවුන්ගේ පවුල් ජීවිතය තුළ නොසිතූ ඇතැම් සිදුවීම් රැසකට මුහුණ දීමට සිදු වුණා. ඒ මීට වසර කීපයකට පෙරදීයි.





සියල්ල එලෙසින් අතීතයට මුසු වෙද්දී, සංගීතය තම ආත්මීය ප‍්‍රකාශනය කරගෙන ජීවිතයට මුහුණ දෙමින් සිටි අතුලගෙ ජීවිතයට එබිකම් කරන තවත් කෙනෙක් ඔයඅතර, හිටියා. ඒ තමයි අමායා. සමිතාගෙන් ඈත් වුණු අතුලගෙ ජීවිතයේ ජිවිතයේ අඩුව පුරවමින් අලුතුලගේ දෙවැනි ආදරණීය සහකාරිය බවට අමායා පත් වුණා. දැන් ඒ සියල්ල සිදු වෙළත් කාලයක් ගෙවී ගොස් අවසන්. මේ ගෙවී ගිය කාලයේ දී ”අතුල-අමායා” යුවළ කිසිදු මාධ්‍ය හමුවකට පෙනී සිටියේම නැහැ...

අද වනවිට මේ දෙදෙනාගේ පුංචි කැදැල්ලට තවත් පුංචි අමුත්තියක පැමිණ සිටිනවා. ඒ තමයි අමායා හා අතුලගේ ආදරය මල්ඵල ගන්වමින් ඔවුන්ගේ ලෝකයට එක්වුණු පුංචි දියණිය, "ග්ලෝරිආනා ශෙනානියා". අතුලගේ බිරිඳ වූ "අමායා" තව දුරටත් වූ නිහඬතාව බිඳ දමමින් අතුල සහ තම දියණිය සමග ගෙවන ජීවිතය ගැන පැවසුවේ මෙලෙසින්. 

"ජීවිතේ ගොඩාක් හොඳයි..... පුංචි දුව සහ අතුල එක්ක ගෙදරට වෙලා ගෙවන මේ ජීවිතයට මම හරි ආසයි. මාධ්‍යට පෙනී නොහිටින්න විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. නමුත් පෙනී සිටියෙ නැහැ. මුලින්ම හිතුවෙ වෙඩින් එකේ පිංතූර පළ කරන්න  ඕනෑ කියලයි. ඊට පස්සෙ බබා ලැබුණට පස්සෙ බබා එක්කම පිංතූරවලට පෙනී හිටියොත් හොඳයි කියලා හිතුවා....

අතුලගෙ පසුගිය ජීවිතේ තිබුණු බැඳීම ගැන මට කිසිම ප‍්‍රශ්නයක් නැහැ..... ඇත්තටම අද වන විට සමිතයි, මමයි කියන්නෙ හොඳ යෙහෙළියන් දෙදෙනෙක්.... බොහෝ දේ ගැන අපි බොහෝ වෙලාවට කතා කරනවා. සමහර වෙලාවට මට අසනීපයක් වුණාම, ඒ වගේම දුවට අසනීපයක් වුණත්, මම සමිතාගෙන් කෝල් කරලා අහන වෙලාවල් තියෙනවා. එච්චරටම සමීප බැඳීමක් තියෙන්නෙ.

අතුලයි, සමිතයි වෙන් වුණා කියලා ඒ දෙන්නා අතර කිසිම විරසකයක් නැහැ..... සමහර වෙලාවට අපි කට්ටියම එකට ඉඳලා ඡායාරූප ගත්ත ඒවා ”ෆේස්බුක්” පළවෙලා තිබුණා. ඉතින් ඒ වගේ අවස්ථාවල දී සමහරු ඒවාට කමෙන්ට් කරලා තිබුණෙ "ලැජ්ජා නැද්ද....?" එහෙම කියලයි. ඇත්තටම මිනිස්සු ගහ මරා නොගෙන සාමයෙන් සතුටින් සිටීම කොච්චර හොඳ දෙයක් ද? ඒ ළමයි දෙන්නටත් තාත්තා  ඕනෑ... විනෝද ගමනක් ගියත් එයාලට එකට යන්න පුළුවනි.

මම ඇතුලට කිසිම තහංචියක් දාලා නැහැ. සමිතයි-මායි හරිම එකතුයි. අතුලගෙ සමහර දේවල් ගැනත් අපිට කතා කරලා විහිළු කර ගන්න හරි පුළුවනි. අතුල සමිතා වෙන් වුණා කියලා ප‍්‍රශ්නයක් නැහැ..... දරුවන්ට එයාලගෙ ”අම්මා-තාත්තා” තව දුරටත් සමීපයි. මගේ දුවට ශෙනානියා කියන නම දැම්මෙත් අතුලගෙ පුතා ෂේන්.

අතුල මට හමුවූ මුල්ම දවස මට හොඳට මතකයි. ඒ කාලයේ දී මම අතුල අයියා කියලා කිව්වෙ..... මොකද එයාගේ ගීතයක රූප ජවනිකාවලට පෙනී සිටියා..... ඒ 2005 දී විතර.... මුලින්ම අපි එහි නර්තන ජවනිකාවකට පෙනී සිටියා. ඊට පස්සෙ නර්තන සහකරු ලෙස අපි පෙනී සිටියා. ඇත්තටම අපි අතර එදා තිබුණෙ හොඳ මිත‍්‍රත්වයක්.... කාලයක් තිස්සෙ මේ දැන හඳුනා ගැනීම තිබුණා.

ඒත් අතුල හා සමිතා අතර විරසක වීමට මම සහතිකෙන්ම හේතුවක් වුණේ නැහැ..... මම කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම කවදාවත් අතුල මට එයාගේ පුද්ගලික ජීවිතයේ කිසිවක් කිව්වෙ නැහැ..... මොකද අතුල කියන්නෙ හරි ගෞරවයකින් ජීවත් වන, අනෙක් අයගෙත් ගෞරවය රකින කෙනෙක්. මාත් එහෙමයි. හැබැයි කාලයක් යද්දි මට තේරුණා මේ දෙන්නා අතර දුරස් වීමක් ඇති වග. 
 

පහුගිය කාලයේ සමහරු මට කෝල් කරලා පවා බැන්නා. අතුල, සමිතා වෙන්වුණේ මම නිසා කියලා... ඒත් කවදාවත් මම පවුල් කඩන කෙනෙක් නෙවෙයි... සමිතා පවා ඒ ගැන දන්නවා.... පවුලක් වෙන් කොට පවුල් කන්න තරම් අවශ්‍යතාවක් මට තිබුණෙ නැහැ.....

ඒත් එයාලගෙ පුද්ගලික ජීවිතයට එබිකම් කරන්න මට  ඕනෑ වුණේ නැහැ..... මම අතුල අතර හොඳ යාළුකමක් විතරයි එදා තිබුණෙ..... එයාලගෙ වෙන් වීමෙන් පසුව තවත් කාලයක් ගිහින් තමයි අපි තීරණයකට ආවේ. හොඳම යාළුවෝ අන්තිමට පේ‍්‍රමවන්තයින් වුණා.... ඊට පස්සෙ 2010 දී විවාහ වුණා.... දැන් අවුරුදු හතරක් ගෙවිලා. අපිට දුවෙකුත් ඉන්නවා. අපි අපේ ජීවිත ගොඩ නගා ගෙන යනවා. කිසිදු හැල හැප්පීමක් කා එක්කවත් නැහැ.......

අතුලට කලින් පේ‍්‍රමයක් තිබුණා. නැහැ කිව්වොත් ඒක බොරුවක්..... තාරුණ්‍යයට බොහෝ විට ඒවා අමුතු දේවල් නෙවෙයිනෙ...

අද වන විට අතුල දැන හඳුනාගෙන සෑහෙන කාලයක්නෙ. ඇත්තටම අතුල කියන්නෙ ”නිදහස” කියන දේ උපරිමයෙන් අපේක්ෂා කරන කෙනෙක්. ඒ කියන්නෙ ජීවිතයට තහංචි දානවාට, බලපෑම් කරනවාට එයා කැමැති නැහැ..... අතිශය සරල චරිතයක්.  

මම හිතන්නෙ එයාගෙ නිර්මාණකරණයේ යෙදෙන විට ඒ නිදහස අවශ්‍යයි. ”තේ” එක බොන්න කියලාවත් දෙපාරක් කියන්න  ඕනෑ නැහැ..... එයාට අමතක වුණොත් හවස හරි තේ එක බොයි. ඒ සිතිවිලි තේරුම් ගන්න  ඕනෑ..... එහෙම තේරුම් ගන්න මම උත්සාහ කළා. දැන් මට තේරෙනවා එයා හරිම සාමාන්‍ය චරිතයක්. එයා එයාගෙ වැඩ නැති වෙලාවට ජීවිතය ගෙවෙන්නෙ ගෙදර..... එයා කැමැති ඒ විදියටයි....

නිදහසේ ගෙදර සිටින විට එයා ෆිල්ම් පිස්සෙක් කිව්වොත් හරි..... වැඩිපුරම කරන්නෙ චිත‍්‍රපට නරඹන එකයි.

එයාගෙ කෑම බීම පවා හදලා දෙන්නෙ මම.... බබා ලැබෙන්න සිටිය දී එයා ගෙදර වැඩට කෙනෙක් ගනිමු කිව්වා. ඒත් මට  ඕනෑ වුණේ මගේ අතින්ම සියල්ල කර දෙන්නයි. ඒකට මම කැමැතියි. මහා ලොකු දේවල් හදලා ඉල්ලන්නෙ නැහැ..... හැබැයි වෙලාවට කෑම ටික තියෙන්න  ඕනෑ.......

සම්බෝල, කිරි හොදි එක්ක අඹ හදලා තියෙනවා නම් ගොඩාක් ආසාවෙන් බත් කනවා. සංකීර්ණ නැහැ...... හැම දෙයක්ම හරි ලෙහෙසියි.

මම කලාවට ලැදියි. නර්තනය හැදෑරුවා. පසුව ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කළා... විවාහයෙන් පසුව රැකියාවෙන් ඉවත් වුණා. මතුපිටින් දකින විදියට පෙනෙන විදියට වඩා මම ඇතුළාන්තයෙන් අර්ථවත් කියලා හිතෙනවා.

මම අතුලට ආදරය කළාට මගෙ ප‍්‍රියතම ගායකයා ශිහාන් මිහිරංග.... අතුලගෙ ”මා ඔබට ආදරේ බව” කියන සිංදුවට මම එදත් ගොඩක් ආසයි අදත් එහෙමයි."






Lanka e Gossip News 






Tuesday, October 28, 2014

විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ

http://i.telegraph.co.uk/multimedia/archive/01604/marriage_1604202c.jpg

ආදරයෙන් බැඳෙන දෙදෙනෙකු අතර ඇතැම්විට හිටි හැටියේ ඇතිවන අමනාපකම් ආදරයේ අඩූවීම් යනාදිය ගැන සලකා බලමූ. මෙම තත්ත්වයට බලපාන එක් හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ වයස සහ අත්දෑකීම් නිසා ඇතිවන ඇතැම් තත්ත්වයන් වේ. මෙය පහසූවෙන් විස්තර කළ හැකි කරුණක් නොවේ.

Monday, October 27, 2014

නයිට් ක්ලබ් ඇතුළේ විකිණෙන ගෙශාවන්




දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ පමණක් නොව සංචාරකයින්ගේ පවා නෙත ගැටුණු, අතීතයේ පටන් පුජා නගරය ගැන ලියැවුණු ඉතිහාස කතාවන්ට දැන් තවත් අලුතෙන් යමක් එකතු කළ යුතුව තිබේ. අටමස්‌ථාන වැඳ පුදාගැනීමට අනුරාධපුරයට යන බැතිමතුන්ට පහස නිවා ගන්නට දෝ දැන් අනුරපුර නගරයේ කඩපනහ ප්‍රදේශයේ 'නයිට්‌ ක්‌ලබ්' නොහොත් රාත්‍රී සමාජ ශාලාවක් විවෘත්තව තිබේ. අනුරපුරට තවමත් 'නයිට්‌ ක්‌ලබ්' අලුත් ය. 'අටමස්‌ථාන' වැඳ පුදා ගන්නට පැමිණි තරුණයින් පිරිසකට, ත්‍රිවිල් රියැදුරෙකු මාර්ගයෙන් මෙම සමාජ ශාලාව ගැන දැනගන්නට ලැබී ඇත. ඒ අනුව අට මස්තාන වන්දනාමාන කිරීම පසෙක තබා ඔවුන් පිරිස මේ නුහුරු අත්දැකීම විඳගැනීමේ අදහසින් රාත්‍රී සමාජ ශාලාව වෙත ගොස් තිබෙන අතර, එතැන් පටන් ඔවුන් මුහුණ පෑ සිදුවීම් අප මෙසේ දිගහැරින්නම්.

"කොළඹ සමාජශාලාවක්‌ ඉදිරිපිට නම් මැදියම් රාත්‍රිය වන විටත් වාහන පිරී තිබුණු නමුත්, මේ සමාජශාලාව අසල වාහන නතර වී තිබුණේ තුන හතරක්‌ පමණි. නානාප්‍රකාර විසිතුරු ගහකොළවලින් හැඩ වී තිබුණ ඒ හෝටල් භූමිය හරිම ලස්‌සනයි.

"ආයුබෝවන්..." යුරෝපීය ඇඳුමින් සැරසී සිටි මැදිවියේ පුද්ගලයකු අතිශය සුහදශීලීව අපව පිළිගත්තේ ය...

'ටිකට්‌ එකක්‌ කීයද...' මම ඔහුගෙන් විමසුවෙමි.

'රුපියල් පනසියයි...' සිනාවකින් මුව සරසාගෙන ඔහු උත්තර දුන්නේය. රුපියල් එක්‌දහස්‌ පන්සියක්‌ දී ටිකට්‌ තුනක්‌ ලබාගෙන පසෙක තිබුණු දොරටුවෙන් අපි ඇතුළු වුණෙමු. එතැනත් පුංචි කාමරයකි. හැඩි දැඩි තරුණයකු අපගේ සියොළඟම අතගෑවේය. ඒ පරීක්‍ෂණයෙන් ද අපි සමත් වීමු. කොළඹ සමාජශාලාවකට ඇතුළු වන විටද මේ පරීක්‍ෂණ තිබේ. එහෙත් මේ තරම් සුහදශීලී නැත. එමෙන්ම කොළඹ සමාජශාලාවල මෙන් රෞද්‍ර පෙනුමැති සිනාව ගිලගත් යෝධ පැටවු මෙතැන නැත. අනතුරුව අපගේ සියොළඟ අත පත ගෑ තරුණයා විසින්ම තව දොරක්‌ විවෘත කළේය. ඒ සමග අප වෙතට ගලා ආවේ කන් පැළෙන බටහිර වේග රිද්ම සංගීත රාවයකි.

අඳුර ගලන ශාලාව තුළ නියොන් එළි, විදුලි කදම්බ නළියයි. ශාලාව මැද වේදිකාව තුළ තරුණ තරුණියෝ නටති... සිප වැළඳ ගනිති... එකම ප්‍රීති සාදයකි. අපේ දෙනෙත් ශාලාව පුරා දිව යයි. එතරම් විශාල නැති ශාලාව තුළ ළඟ ළඟ සැප සෝපාවන්ය. එහෙත් හිස්‌ සෝපාවක්‌ සොයාගැනීමට නොහැකි තරම්ය. මත් බඹරුන්ට තුරුලු වූ අඩ නිරුවත් තරුණියෝ කති බොති ප්‍රීති වෙති.

පෙම් ගඟුළේ කිමිදෙති. ඇතැම් තරුණියන් තරුණයන්ගේ කර උඩය. අපි ශාලාව පුරා වටයක්‌ ගියෙමු. එහෙත් අසුන් ගැනීමට අසුනක්‌ නැත. අපි එක තැනක සිටියදී දෙනෙත් අසුනක්‌ සොයා ගියේය. එහෙත් දෙනෙත් නතර වන්නේ උඩටත් නැති පහළටත් නැති මිනි ගවුම් ඇඳ ගත් කාන්තාවෝ සේම කෙටි කලිසම්වලින් සහ කෙටි ටීෂර්ට්‌වලින් හැඩ වුණු කාන්තාවන්ගේ අනඟ රැගුම් අතරය.

සැබැවින්ම ඒ නර්තනයක්‌ නම් නොවේ බඹන මතින් ගැහැනු නිරුවත පෙන්වමින් තඩි ඇඟ සෙලවීමක්‌ පමණි. ඒ අතරතුරේ ශාලාවේ කොනක අසුනක්‌ හිස්‌ව ඇති බව පෙනිණි. නොපමාව අපි ඒ අසුනට බර තැබුවෙමු. ඒ සමගම වට පිට ඇවිදින මගේ ඇස්‌ එක පාරටම උඩ ගියේය.

අප අසුන්ගෙන සිටින සෝපාවට ඉදිරිපස සෝපාව මත වැතිරි සිටින කොට කලිසම් ඇඳ ගත් තරුණ කොල්ලෙකු තඩිම තඩි මහත ගැහැණියකට යටවී සිටියි. තරුණයාගේ ශරීරයෙන් පෙනෙන්නට තිබෙන්නේ කකුල් දෙක පමණි. ඉතිරිය සියල්ල ගැහැණියගේ එල්ලන මසට වැසී ගොස්‌ය. එම සමාජ ශාලාවේ සිටින කාන්තාවන්ගේ බහුතරය මහතය. හීන්දැරි තරුණියන් සිටියේ අතේ අඟිලි ගාණටත් අඩු තරම්ය. කෝලම් මඩුවේ අතරමංව සිටින අප අසලට ද තරුණියන් දෙදෙනකු පැමිණියහ.

' දැන්ද ආවේ...' එසේ අසමින් එක්‌ තරුණියක්‌ අප අසලින් අසුන් ගත්තාය.

'දැන් ටිකක්‌ වෙලා... මට ඔයාව දැකලා පුරුදුයි...' මම ඇයට කීවෙමි.

'කොළඹදි වෙන්න ඇති... මම ඉස්‌සර වැඩ කළේ කොල්ලුපිටියේ ක්‌ලබ් එකක... මෙහෙට සෙට්‌ වුණෙ ළඟදි...' ඇය එසේ කීවාය.

ඇයි කොළඹින් මෙහෙට ආවේ... මෙහේ ගෙවීම් හොඳද... මම එකපිට ප්‍රශ්න දෙකක්‌ම යොමු කළෙමි.

'එහෙම වෙනසක්‌ නෑ. මෙහෙ ටාගට්‌ එකත් වැඩියි... ඒත් කොළඹට වඩා ගමේ ජීවත් වෙන්න ලේසියි. අපිත් ගමේ අයනේ...' ඇය කිසිම පැකිලීමකින් තොරව පිළිතුරු දෙන්නීය.

'මේ ක්‌ලබ් එකට ආපු අලුත් කෙල්ලෝ නැද්ද..?' මම නැවත ඇසුවෙමි.

'ඇයි අපි හොඳ නැද්ද...?' ඇය තරමක්‌ නොරිස්‌සුම් ගති පෙන්නුවාය.

'නෑ... නෑ... ඔයා හොඳයි. මම නිකමට ඇහුවේ...' මම ප්‍රශ්නය දියාරු කළෙමි.

'ගොඩක්‌ම ඉන්නේ කොළඹ ක්‌ලබ්වල වැඩ කරපු අය. අලුතින් ආපු කිහිප දෙනකුත් ඉන්නවා. කොළඹ ක්‌ලබ්වල වැඩ කරන හැම කෙල්ලක්‌ම ගමේ අය නේ... ගමේ අය ගමට කැමතියි. ඒකයි අපි මෙතැනට ආවේ...'

'මෙහේ හොඳද...?' මම ඇයට නොදැනෙන්නට ප්‍රශ්න පත්තරය එකිනෙක පෙරලු වෙමි.

'වරදක්‌ නෑ... ඒත් ටාගට්‌ එක ලක්‍ෂ දෙකක්‌ වැඩියි. කොළඹ ක්‌ලබ්වල ටාගට්‌ එක රුපියල් ලක්‍ෂයයි. සමහර ක්‌ලබ්වල ටාගට්‌ ඇත්තේම නෑ....... දැනට මෙහෙට කස්‌ටමර් හොඳට එන නිසා අවුලක්‌ නෑ...' ඇය වරෙක ගිරවියක්‌ වැනිය.

'අපිට නිකං මෙහෙම කතා කර කර ඉන්න බෑ..... අපි මෙතැන ඉන්න නම් මේ ටෙබල් එක උඩ මොනවහරි තියෙන්න ඕනා... මොනවද බොන්නේ..?'ඇය තොණ්‌ඩුව අප වෙතට දිගු කළාය.

'මොනවද බොන්න තියෙන්නෙ..?' මම ඇයගෙන් ඇසුවෙමි.

'ඔයා ඉල්ලන්න ඕනෑම දෙයක්‌ අපි දෙනවා...' සිනා රැල්ලක්‌ මුවට ළං කරගෙන ඇය එසේ කීවාය. ඒ සමග ඇය මත්පැන් වර්ග කිහිපයකම මිල ගණන් කියාගෙන ගියාය. ඒ සෑම මත්පැන් වර්ගයක මිල කොළඹ නයිට්‌ ක්‌ලබ්වල මිල ගණන්වලට වඩා විශාල ලෙස වැඩිය.

එක්‌ විදේශීය මත්පැන් බෝතලයක්‌ රුපියල් දහසයදහසකි. අනෙකුත් මත්පැන් බෝතල්ද රුපියල් දසදහසෙන් ඉහළටය. ඩ්‍රෑම් සියයක්‌ රුපියල් එක්‌දහස්‌ හාරසීයේ සිට එක්‌දහස්‌ අටසීය දක්‌වා ඉහළට යන්නේය. කුකුළු මස්‌ දීසියක්‌ රුපියල් එක්‌දහස්‌ පන්සියකි. බියර් බෝතලයක්‌ රුපියල් හත්සියකි. ශක්‌තිජනක පාන ටින් එකක්‌ රුපියල් අටසියකි. බීම, අයිස්‌ක්‍රීම් වර්ග ද අධික මිලය. මෙම ක්‌ලබ් එකේ විකිණෙන සෑම දේකම මිල කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට වඩා මිලය.

'පට්‌ට ගණන්...' මත්පැන්වල මිල ගණන් ඇසෙන විට මට එසේ කියවිනි.

'මුලින්ම අපි ඩ්‍රෑම් සියෙ දෙකක්‌ ගමු...' ඇය තොණ්‌ඩුව ටික ටික සිර කරන්නට සැරසෙයි.

'හරි ඔහොම ඉන්නකෝ... අපි යනකොට ඔයාට වැඩිපුර කීයක්‌ හරී දීලා යන්නම්...' ඇයට තොණ්‌ඩුව හිර කිරීමට මම ඉඩ නොදෙමි.

'කොහොමද සයිස්‌ එක...' මම ඇයට මහත කාන්තාවක්‌ පෙන්වමින් සිනාසුනේය.

'මෙතනට විවිධ අය එනවානේ... සමහර අය මහත අය හොයනවා... තව අය කෙට්‌ටු උස අය හොයනවා... තව සමහරු ටිකක්‌ වයස අය හොයනවා... ඒ සේරටම ගැලපෙන අය මෙතැන ඉන්නවා... කොළඹ ක්‌ලබ්වල වගෙ නෙමෙයි මෙහෙට එන තරුණ කොල්ලෝ හොයන්නේම මහත අයව...' ඇය අපේ කතාවට අලුත් මාතෘකාවක්‌ එකතු කළාය.

'එහෙනම් අනුරාධපුර කොල්ලෝ වැඩියෙන්ම කැමති මහත අයට...'

'ඔව් එහෙම තමයි... කෝ ඉතිං ඔයාලා තවම මොනවත් ගත්තේ නෑනේ... එහෙම නෙමෙයි මෙහෙට එන කස්‌ටමර්ලා හොඳට වියදම් කරනවා. අපිටත් හොඳට සලකනවා. එහෙම සලකනකොට අපිත් කස්‌ටමර්ට දෙන්න තියෙන හැම දේම දෙනවා...' ඇය ඇත්ත ඇති සැටියෙන්ම කියන්නීය.

බඹරුන් මෙන් ශාලාව තුළ එහෙට මෙහෙට දුවන පනින නටන හැම තරුණයෙක්‌ම වැඩි වයසක්‌ නැති ගානය. බොහෝ තරුණයෝ හැඳ සිටින්නේ ද කොටකලිසම්ය. ඔවුන්ගේ හැසිරීම රටාවද කියා පාන්නේ ඔවුන් තවමත් නයිට්‌ ක්‌ලබ්වලට කෝඩුකාර බවය. මහත ගසක එතුණු වැල් මෙන් ඇතැම් පුංචි කොල්ලෝ ගෑනුන්ගේ ඇඟ වේලී සිටින්නාහ.

'ඩ්‍රෑම් සියේ දෙකක්‌ ගේන්නද...?' ඇය නැවත පරණ තැටියම දැම්මාය.

'වැඩියෙන්ම ඉන්නේ තරුණ කොල්ලෝ නේද...?' ඇය කියන දේ නොඇසූ ගාණට මම ප්‍රශ්න කළෙමි.

'ඔව්... ඔව්... පොඩි කොල්ලෝ තමයි... ඔයලා වගේ ලතවෙන්නේ නෑ... හොඳට වියදම් කරනවා. කොළඹ අය කට්‌ටයෝ... රුපියලක්‌ වියදම් කරලා දහදහක විතර ආතල් ඉල්ලනවා... එකයි අපි ගමට ආවේ... ගමේ මිනිස්‌සු අවංකයි... අපෙන් ගන්න දේට වඩා දෙගුණයක්‌ අපට දෙනවා. වක්‌කඩේ කැඩුණ වගේ...." ඇය එක දිගට කියාගෙන ගියාය. එනපොට හොඳ නැත. දැන් නම් මොනව හරි ගන්නම වෙන හැඩය.

'අපි මුලින්ම බියර් බොමු...' ඇයගෙන් තවත් බොහෝ දේ දැනගැනීමට ඇවැසිය. එහෙයින් අප ඇයව රඳවාගත යුතුය.

'මම නම් බියර් බොන්නේ නෑ. විස්‌කි විතරයි. ඔයා බියර් බොන්න මට විස්‌කි ඩ්‍රෑම් සියයක්‌ අරන් දෙන්න...' තත්ත්වය දරුණුය. වියදම වැඩිය.

'ඔයාට යනකොට හොඳට ගෙවන්නම්...' මම ද ඇයට ලොසින්ජරයක්‌ දුන්නෙමි.

'බොරු කියලා පැනලා යන්නේ එහෙම නෑනේ......' ඇය ඒ යෝජනාවට කැමති විය.

'මෙතනට එන්නේ අනුරාධපුරේ හොඳ සල්ලිකාරයන්ගේ පුත්තු වෙන්න ඇති...' මම නැවත ප්‍රශ්න පත්තරය දිගහැරුවෙමි.

'අනුරාධපුරේ විතරක්‌ නෙමෙයි කැකිරාව දඹුල්ල, පොළොන්නරුවේ ගම්වල අයත් මෙතැනට එනවා. මේ පැතිවල මිනිස්‌සුන්ට මෙතන අලුත්. ඒ නිසා ඒ අයත් එක්‌ක අපිට ගනුදෙනු කරන්න ලේසීයි. ඔයලා වගේ තැම්බිලා නෑ...' ඇය මොත්තේ පාරකින් මගේ අත්ල තැලුවාය.

'වන්දනාවේ එන අය එන්නේ නැද්ද...?' මම නැවත පෙරළා ප්‍රශ්නය දැම්මේය.

'ඔයා මේ ක්‌ලබ් එකේ චරිත සහතිකය ලියන්නද හදන්නේ...? වෙන මොනවත් නැද්ද කතා කරන්න...?' ඇය නැවතත් නොරිස්‌සුම් හඬින් කතා කළාය.

'වන්දනාවේ එන්නේ ඔයලා වගෙ අයනේ... ඒ අයට මේ ආතල් එක කොළඹ දී උනත් ගන්න පුළුවන්නේ... වන්දනාවේ එන අය වැඩිය එන්නේ නෑ...... අනිත් එක මේ ක්‌ලබ් එක ගැන තවම හරියට මිනිස්‌සු දන්නේ නෑ... ක්‌ලබ් එක පටන් අරගෙනත් තවම අවුරුද්දක්‌වත් නෑනේ...' ඇය මායම්කාරියක්‌ වුවත් ඇත්ත කතා කරන්නීය.

'කොළඹ ක්‌ලබ්වල නිතර නිතර ගහ මරා ගන්නවා... මෙහේ එහෙම රණ්‌ඩු කරන අය නැද්ද...?' මගේ ප්‍රශ්න පත්තරය ඉවරයක්‌ නැත.

'රණ්‌ඩු කරලා මෙහෙන් යන්න බෑ..... අනිත් එක අපේ බොස්‌ව දන්න කෙනෙක්‌ රණ්‌ඩු කරන්නෙත් නෑ...... මම ආපු දවසෙ ඉඳල මෙතැන කවුරුවත් රන්ඩු කරන්න හදලා නෑ...' ඇය මුහුණට නිර්භීතකම ආරුඪ කර ගත්තාය.

'ඒ කියන්නේ ඔයාලගේ බොස්‌ අනුරාධපුරේ චණ්‌ඩියෙක්‌...?'

'වෙන්න ඇති... ගොඩක්‌ අය අඳුරනවා...' ඇය ඔවුන්ගේ බොස්‌ගෙ නම මට කීවාය. එහෙත් මේ සටහනට පෞද්ගලික නාම ඇවැසි නැත. දැනගත යුතු සියල්ල ඇයගේ මුවින්ම ලබාගෙන අවසානය...."

දවස පුරා හේන් කොටපු මිනිස්‌සු වෙහෙස මහන්සිය නිවාගන්නට රාත්‍රියට නයිට්‌ ක්‌ලබ් එති. 'අනේ අපෙනුත් මල් ගන්න කෝ...' කියා උදේ ඉඳන් හවස වනතුරු පූජා භූමියේ මල් විකුණන මල් කොල්ලො රාත්‍රියට මල් සල්ලි නයිට්‌ ක්‌ලබ් එකට පූජා කරති. මේවා දකින අපට ආතල් එකටත් එහා ගිය අමුතුම කිතියකින් ඇඟ හිරි වැටී යන්නේය.

එහෙත් නයිට්‌ ක්‌ලබ් ලෝකයට අලුත් දෙයක්‌ නොවේ. අපේ රටටද අරුමයක්‌ නොවේ. කොළඹ හතු පිපෙන තරමට නයිට්‌ ක්‌ලබ් තියෙන්නේය. මිනිස්‌සුන්ට විසි කරන්නට මුදල් ඇත්නම් 'නයිට්‌ ක්‌ලබ්' නොව ඊට එහා තැනකට ගියද ගැටලුවක්‌ නැත.

එහෙත් ගැටලුව ඇත්තේ සිරිමා බෝ සමිඳු වැඩ සිටින අනුරාධපුරය වැනි පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ ආරම්භ කිරීම කොතරම් සාධාරණද? යන්න අපට අසන්නට ඇත්තේ කාගෙන්ද? යන්නයි. ඒ ටිකත් අපට කියන්නට සිටින්නේ මේ සමාජ ශාලා බිම ආසන්නයේම වැඩහිඳිනා සිරිමා බෝ සමිඳුට පමණයි.

-Tharanga Rathnavira & Dinesh Vithana-

සැමියාට කිසිදා නොකිය යූතු දේවල් 10ක්





"ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ.

"ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා"යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.

පවූල් ජීවිතය සතුටින්. සාමයෙන්, සන්තෝෂයෙන් ගත කිරීමට නම් බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් මොනවාදැයි පවූල් ප්‍රශ්න බේරුම් කරන්නන් මෙන්ම මානසික විද්‍යාඥයන්ද සොයා බැලු අතර බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් හැටියට මානසික විද්‍යාඥ ආචාර්ය මයිකල් ලිලිබ්‍රිජ් නිර්දේශ කරන දේවල් දහය මෙසේය.

1."මේක මෙහෙම වෙනව කියල මම ඔයාට කිව්වෙ නැද්ද? ''- සැමියාට වඩා ඔබට දැනූම තේරුම ඇති බවක් එයින් ඇඟවෙන අතර සැමියාගේ නායකත්ව ලක්ෂණයට එයින් වදින්නේ පහරකි. තම බිරියන් තමන්ගේ බූද්ධියට පහර ගසනවාට සැමියන් තුළ කැමැත්තක් නැත.

2."ඒයි මම මෝඩියෙක්ද?" - ඔබ අතින් නිතරම වාගේ අත්වැරදීම් සිදුවෙනවා අහන්න, දකින්න සැමියා කැමති නැති අතර ඒවාට නිතරම වගේ අනූකම්පා අයැද සිටීමෙන්, අත්විය හැක්කේ වෙනත් ප්‍රතිඵලයකි.

3.ඔයාගෙ අම්මයි, තාත්තයි මට කිව්ව දේවල් මොනවද කියලා ඔයා කවදාවත් හිතන්නේ නෑ. ඔහූට හෙළිදරව් නොකෙරුණූ පවූලේ කරුණූ කාරණා රැසක් ඔබේ හිතේ තබාගෙන සිටින බැව් හිතී ඔහූගේ හිතේ නූරුස්සනා ගතියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

5."ඔයා ඇත්තටම මට ආදරයක් නෑ" - ස්වකීය ආදරය පූන පූනා කියා සිටින්නට පිරිම අය එතරම් කැමැත්තක් නොදක්වන අතර ස්වකීය හැඟීම් ඔප්පූ කර පෙන්වන ලෙසට නිරතුරුව කෙරෙන ඉල්ලීම් ද ඔවූන්ට හිසදරයකි.

6."මං හිතන්නෙ එයා මට ඇත්තටම ඇදිලා ආව කියලයි" - පිරිමියකුට තවෙකකු ගැන ඊර්ෂ්‍යා ගතියක් ඇතිවූණොත්, ඔහූ කුමන විධියකින් ප්‍රතික්‍රියා දක්වයි දැයි හරියාකාරව කීමට නොහැක. සමහර පිරිමින් ඔවූන්ට හූරුපූරුදු කාමූක ක්‍රියාවලින් ඊට පලිගැනීම සාමාන්‍ය දෙයකි.

7."ඔයා ඒ කාලෙ ඔයිට වැඩියෙ හැඩ වැඩ ඇතුව හිටිය" - තමන්ගේ ශරීරයේ පෙනූම ගැන ගැහැණූ අය පරිද්දෙන් පිරිමි අයද සංවේදීතාවක් දක්වන අතර අන් කෙනෙකු හා සමග හෝ තමන් ඉස්සර සිටි ස්වභාවය කා සමග හෝ අහිතකර අන්දමින් සසඳනවාට ඔවූන් බොහෝ දෙනකු තුළ එතරම් කැමැත්තක් නැත.

8."මේක කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්ඩ" - මිතුරකුගේ හෝ මිතුරියකගේ හෝ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තර තොරතුරු කියනවා නම්, ඒවා සඳහා ඔබ ඔබේ සැමියාගේ එවැනි තොරතුරු ඇයට හෝ ඔහූට හෝ කියන්නට ඇතැයි සැමියා ගැන සැකයක් ඇති වන්න බැරිකමක් නැත.

එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සැමියාගේ විශ්වාසය පළුදුවී යාමය.

9."ඔයා හොඳ නෑ" - ඔබ සැමියාට එසේ කියන්නේ කේන්ති ගතියක් ඇතිවීම නිසා නම්, ප්‍රශ්නය නිරාකණය කරගත යූත්තේ එවැනි කතා කියා නොව වෙනත් ආකාරයකිනි.

10. "මම දන්නෙ නෑ මොනවද කරන්ඩ ඕනෑ කියලා, කරන්ඩ ඕන දෙයක් කියන්ඩ" - මෙවැනි කතාවලින් සිදුවන්නේ, යමක් වැරදුණොත් ඔබට දොස් පවරන්න ඔහූට ඉඩකඩ සැලසීමයි. ඔබ කළ යූත්තේ තීරණයක් ගෙන කරන්න තියන දේ කිරීම පමණය.

අඹූ සැමියන් අතර විවිධ හේතූන් මත ඇතිවන කතා බස් දුරදිග යාමෙන් ආරවූල් පවා ඇතිවන අතර ආරවූල් දුරදිග යාමෙන් අඬදබර, දික්කසාද ආදිය ඇතිවන්නේ පවූල් සංස්ථාව දෙදරුම් කවමිනි. බිරිඳ දෙකේ කොළයට ගෙන සැළකීමට සමහර සැමියන් පූූරුදු වී සිටින නිසා බිරියන්ගේ සිත් පෑරී සැමියන් අමතා යම් යම් අවස්ථාවල යම් යම් වචන කියනවා වන්නට පූළුවන. එවැනි වචනවලට කේන්ති යන කේන්තියෙන් බිරිඳට හා දරු මල්ලන්ට ගුටි බැට දෙන, සමහර අවස්ථාවල ගෙදර බඩූමූටිටූ පවා පොඩි පටිටම් කරන සැමියනූත් සිටින වග නොදන්නා කෙනෙක් නැත.

එමනිසා, සැමියාගේ සිතට වද දෙන සිත පෑරෙන හෝ කණස්සල්ලට පත්කරන වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම යහපත් බිරිඳකගේ වගකීමයි.


Sunday, October 26, 2014

ඇස් රෝග තත්වයන් හඳුනාගන්න


ඇස් ලෙඩ

මිනිස් සිරුරේ වටිනාම ඉන්ද්‍රියන් අතුරින් ඇසට හිමිවන්නේ සූවිශේෂ ස්ථානයක්. එසේ පැවසීමෙන් ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන් දෙවැනි තැනකට ලා සැළකිය යූතුය යන්න මින් නොකියවේ.
ඇසට ඇතිවන ඕනෑම රෝග තත්ත්වයක් ඇස් රෝගයක් ලෙස සැළකීමට අපි පූරුදුව සිටිමූ. ඒ අනූව ඇසේ සූද ඇතිවීම, ඇස් රතුවීම ආදිය සිදුවූ විට අප එය ඇස් රෝග ලෙස හඳුන්වන්නෙමූ.ඒ කෙසේ වූවත් කාලයෙන් කාලයට ව්‍යාප්ත වන ඇස් ගාය එසේ නොමැතිනම් ඇස් රතු වී එහි වේදනාවක් සහිතව කබ කඳුළු ගලන තත්ත්වය බෝවන රෝග තත්ත්වයකි. බොහෝ විට බෝවන ඇස් රෝග බැක්ටීරියා, වෛරස් වැනි විෂබීජ හේතු කොට ගෙන ඇතිවේ. පවූලේ සාමාජිකයකුට "ඇස් ගාය" ලෙස අප හඳුන්වන රෝග තත්ත්වය ඇතිවිට පවූලේ අනිකුත් සාමාජිකයන් අතර ඉතා සීග්‍රයෙන් රෝගය පැතිර යාමට හැකිය.

ඇස් රතුවීම, වෙනත් රෝග තත්ත්වයන් නිසා ද සිදුවිය හැක. ඒහෙයින් ඔබට හෝ ඔබ පවූලේ සාමාජිකයන්ගේ ඇස් රතුවීමක් දින දෙක තුනකට වඩා ඇත්නම් අක්ෂි රෝග වෛද්‍යවරයෙකුට පෙන්වා නිසි ප්‍රතිකාර හා ඖෂධ ලබා ගැනීම වඩා වැදගත්ය.

ඇසේ සූද ඇතිවීම මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ඇස කැමරා කාචයක් බඳුය. ඇසේ විනිවිද පෙනෙන තත්ත්වයට බාධා කරමින් පාරන්ද දෘෂ්ටිය ඇති වූනාම අප එය ඇසට සූද ඇතිවී ඇතැයි හඳුන්වනවා.

බොහෝ විට මම තත්ත්වය කෙනෙකුගේ ඕනෑම වයසකදී ඇතිවීමට පූළුවන් රෝගී තත්ත්වයකි. සමහර අයට ඇසේ සූද ඇතිවීමේ තත්ත්වය උපතේදීම ඇතිවිමට පූළුවන්.

ඊට හේතුව දියවැඩියා රෝගී තත්ත්වය හා කැල්සියම් අඩූවීම වැනි සංකූලතා ආදිය නිසා ය.

ඒ හැරුණූ කොට ඇසේ ඇතිවන යම් යම් ආබාධ තත්ත්වලට යොදන ඇතැම් ඖෂධ නිසා මෙන්ම ඇසේ තුවාල ඇතිවීමද බලපාන අතර වයස් ගත වූවන්ගෙන් මෙම තත්ත්වය වැඩිපූර දැකිය හැකිය.

ඇසේ සූද ඇතිවීම නිසා එහි පෙනීම දුර්වල වන්නේ එක්වරම නොවේ. ක්‍රමක් ක්‍රමයෙනි.

ඒහෙයින් පෙනීමේ යම් දුර්වලතාවයක් ඇති වූ වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමූවන්න. ඇස් කණ්ණාඩියක් පැළඳීමෙන් හෝ ශල්‍ය කර්මයක් මගින් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය. ඇස් කණ්ණාඩි පැළඳීම ගැටලුවක් නම් ඒ සඳහා කාච පැළඳීමක් ද කළ හැකිය. ඇසේ සූද ඇතිවීම නිසා ඇසේ ශල්‍ය කර්මයක් සිදුකිරීමට වූවහොත් ඒ සඳහා විනාඩි 15ඃ20 ක පමණ කාල සීමාවක් වන අතර මෙහිදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමක්ද සිදු නොකරයි. සිදු කරනූ ලබන්නේ අදාල ඇසේ හිරිවැටීමක් පමණයි.

ඇසේ සූද ඇතිවූ විට එහි වේදනාවක් ඇති නොවන අතර සූද ඇති වෙනවා යයි රෝගියාට දැනෙන්නේ ක්‍රමක් ක්‍රමයෙන් හෝ ඇසක පෙනීම අඩූවන විටය. මෙය ඉතාම සූළු වශයෙන් පැතිර යන නිසා එක්වරම හඳුනා ගත හැකි තත්ත්වයක් ද නොවේ. එහෙයින් මේ ගැන ඔබ වඩාත් සැළකිලිමත් විය යූතුය.

මෙම තත්ත්වය ග්ලුකෝමාවක් ලෙසද හැඳින්විය හැකියි.

ග්ලුකෝමා කොටස් දෙකකට බෙදා අපට කතා කළ හැකි අතර ඇසේ සූද ඇතිවීම සරල ග්ලුකෝමාවක් ලෙස තව දුරටත් හඳුන්වා දීමට පූළුවන්. මෙහිදී සිදුවන්නේ දෘෂ්ටික ස්නායූ විනාශ වීමයි.

අප ඉහත සඳහන් කළ ආකාරයට ශල්‍ය කර්මයක් මගින් සියයට 99 ක් ම සූවය ලබාදිය හැකිය.

ශල්‍ය කර්මයකට භාජනය වීමට අකමැති රෝගියකුට ඇසට දමන ඖෂධ මගින් සිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගත හැකිය. එමෙන්ම මෙම ඖෂධ භාවිතය සමහරවිට මූළු ජීවිත කාලය පූරාවටම සිදු කිරීමට සිදුවිය හැකිය. එහෙයින් මෙවන් ග්ලුකෝමා තත්ත්වයක් ඇති රෝගියකු තමන්ට සූදුසූ ප්‍රතිකර්මය කුමක්ද යන්න තීරණය කර ගැනීම වැදගත්ය.

ඇසේ හදිසියේ ඇතිවන තවත් ග්ලුකෝමාවක් ඇත. එය කෂණිකව ඇතිවන තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. මෙම තත්ත්වයත් ඇතිවී දින 2ඃ3 න් වේදනාව අධික බැවින් රෝගියා වහා වෛද්‍යවරයෙකු වෙත පැමිණේ. මෙහිදී ඇස් රතුවීම, එහි වේදනාව, වමනය යාම, හිස රුදාව වැනි ලකෂණ ඇතිවීමට පූළුවන්. එවන් අයගේ ඇසෙහි පීඩනයට වහාම ප්‍රතිකාර කළ යූතු අතර එය ආරෝග්‍ය ශාලාවක නැවතී ප්‍රතිකාර ගත යූතුය.

සමහර විට ඇසෙහි ඇතිවන පිළිකාමය තත්ත්වයන් නිසා ද කෙනෙකුගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීමට පූළුවන. සාමාන්‍යයෙන් දරුවකු ඉපදී මාස තුනක් අවූරුදු 3 ක් අතරදී පිළිකාමය තත්ත්වයන් නිසා ඇස් පෙනීමේ දුර්වලතා ඉවත් කළ පසූ සම්පූර්ණයෙන්ම සූවය ලබාගත හැකිය. එහෙත් ඇසෙහි ස්නායූවලින් පිටතට එය ව්‍යාප්තව ගියහොත් ජීවිතයට අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට පූළුවන.

සාමාන්‍යයෙන් ඇස් දෙකේ කළු ඉගිරියාව ලෙස හඳුන්වන කොටස් සමාන්තරව පිහිටා තිබිය යූතුය. එහි යම් වෙනසක් ඇත්නම් ඇසෙහි වපරයක් ඇති බවට හඳුන්වනවා.

මෙම තත්ත්වය උපැස් යූවළක් පැළඳීම තුළින් පාලනය කළ හැකි මූත්, වඩා දරුණූ තත්ත්වයක් ඇත්නම් ශල්‍ය කර්මයක් සිදුකිරීමට සිදුවෙනවා. එහෙත් ඇතැම් මවූවරු මෙම වපරය තම පවූලේ වැඩිහිටියන්ට තිබූණූ බවටත්, එය පිං වපරයක් ලෙසත් හඳුන්වනවා. ඇත්තටම පිං වපරය කියලා දෙයක් නැහැ. එය හඳුන්වා දිය හැක්කේ පව් වපරය ලෙසයි.

දරුවෙකුගේ හෝ පවූලේ සාමාජිකයකුට වපරයක් ඇත්නම් වහාම වෛද්‍යවරයකුට ඔහූ · ඇය පෙන්වන්න. මන්ද වපරය ඇතිවීමට අප ඉහතදී සාකච්ඡා කළ පිළිකාමය තත්ත්වයන් ද බලපාන්නට හැකි එහෙයිනි. එහෙත් සියලුම වපර තත්ත්වයන් පිළිකාමය තත්ත්වයන් මත ඇතිවන්නේ යයි අනියත බියක් ඇතිකර නොගත යූතුයි.

ඇසෙහි මාංශ පේශිවල වෙනස්කම් ද බලපා ඇති අතර ඇසක වපරය ඇතිවීමට හේතුව නිශ්චිතවම සොයාගත හැක්කේ වෛද්‍ය පරීකෂණයක් තූළිනි.

එමෙන්ම අවිදුර දෘෂ්ටිකත්වය හා දුර දෘෂ්ටි තත්ත්වයද කෙනෙකුට ඇතිවීමට පූළුවන්. ඒ නිසා දරුවකු පොතක් පතක් බලන විට හෝ රූපවාහිනිය නරඹන විට දක්වන හැසිරීම් රටාව නිරීකෂණය කොට දරුවා වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන යන්න.

සූළු ප්‍රතිකර්මයක් මගින් සූව කරගත හැකි රෝග තත්ත්වයන් නොසලකා හැරීමෙන් වඩා තීව්‍ර තත්ත්වයන්ට පත්විය හැකිය.

ඇස් රෝගවලින් වැළකීම සඳහා

ලේ ඥාතීන් අතර විවාහ නොසිදුවිය යූතුය.

යූවතියන් නිසි කලට වෙලාවට රුබෙල්ලා එන්නත ලබා ගත යූතුයි.

ගැබිණි මව පූර්ව ප්‍රසව සායනවලදී තමාට දියවැඩියා තත්ත්වය ඇතැයි හෙළිවේ නම් ගත යූතුය.

දරුවා ඉපදී මාස දෙක තුනක් ගතවූ පසූ දරුවාගේ පෙනීමෙහි අඩූවක් හෝ වපරයක් ඇත්නම් අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වන්න.

දරුවාට තියූණූ මූහත් ක්‍රීඩා භාණ්ඩ දීමෙන් වළකින්න.

මේ ඇදි කරුණූූ පිළිබඳව මවක් ලෙස ඔබේ අවධානය යොමූවේ නම් දරුවාගේ දෑස් ආරක්ෂා කරගත හැකිය.



අන්තර්ජාලය ඇසුරෙන්

Saturday, October 25, 2014

ස්ත්‍රීයක් දූෂණ සිදුවන්නේ අපේ වරදින්ද?

Sinhala Rape

වර්තමානයේ ඇතැම් අංශ කෙරෙහි අවධානය යොමූකර බලනවිට, ස්ත්‍රී දූෂණ, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර, ළමයින්ට සිදුවන අතවර ආදී අංශවල වැඩිවීමක් තිබෙන බව පෙනෙනවා. මෙය මෙම අංශවල වැඩිවීමක් ද එහෙමත් නැත්නම් ප්‍රචාරයේ වැඩිවීමක් ද යන්න ස්ථීරවම කීම අපහසූයි.

කන්‍යා පටලයට හානි වීදැයි කලින් දැනගන්න

කන්‍යා පටලය
ප්‍රශ්නය

වෛද්‍යතුමනි මගෙ වයස අවූරුදු විස්සකි. නවතාගත නොහැකි ඇබ්බැහිවීමකට පත්ව සිටිමි.
එනම් දෑනට වසර පහක පමණ කාලයක සිට ස්වයං වින්දනයට ඇබ්බැහි වී සිිටිමි. මේ ඇබ්බැහිවීම ගැන පවූලේ හෝ හිතවත් කෙනෙකුට පැවැසීමටද නොහැකියි. මගේ මේ ක්‍රියාවලිය තුළින් කන්‍යා භාවයට හානි සිදුවිය හැකිද?
මම පේ්‍රම සම්බන්ධයක්ද පවත්වාගෙන යන අතර ඔහූ සැරපරුෂ පූද්ගලයෙකු වන අතර කාන්තාවකගේ පිරිසිදු බව මහ ඉහළින් පිළිගන්නා අයකු ද වේ. මා විශ්වවිද්‍යාල සිසූවියක වන අතර අධ්‍යාපන කටයූතු පවා කරගෙන යාමට නොහැකි අයූරින් මගේ මනස අවූල් වී ඇත.
මීට මාස කිහිපයකට කලින් මා ස්වයං වින්දනයේදී යෙදි නින්දට ගිය අතර පසූදා මගේ නිදන ඇඳුමේ ලේ පැල්මක්ද දක්නට ලැබූණි. අසරණ වූ මට පිහිටවන්න.
ගම සඳහන් නොකළ අසන්නිය

පිළිතුර

ඔබ මනසින් කලබල වී ඇති බවක් පෙනේ. ස්වයං වින්දනයේ යෙදීම ශරරයට අහිතකර තත්ත්වයක් නොවේ. එහෙත් යූවතියක් ලෙස ඔබ ස්වයං වින්දනයේ යෙදෙන විට යෝනි මාර්ගයට යමක් ඇතුල් කළේ නම් කන්‍යා භාවයට හානි ඇතිවීමට පූළුවන්. ඔබ පවසන ආකාරයට ලේ පැල්ලම් තිබූණේ නම් ඇතැම් විට කන්‍යා භාවයට හානිසිදුවී තිබෙන්නට පූළුවන්. ඒ කෙසේ වූවත් හැකි ඉක්මනින් ඔබ කාන්තා හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු හමූ වීම ඉතා වැදගත් බව නම් මතක් කර සිටිනවා.
----------------------------------------------------------------------------------------



ප්‍රශ්නය

මම විසිහය හැවිරිදි අවිවාහක තරුණියක්මි. නොබෝ කලකින් විවාහ වීමට සිටින මාහට දෑඩිව බලපා ඇති ප්‍රශ්නයක් තිබේ. එනම් මගේ ශරරය අනවශ්‍ය පරිදි මහත් වීම නිසා මම ව්‍යායාම් හා ආහාර පාලනයෙහි යෙදීමෙන් ශරරය සමබරව පවත්වාගෙන යාමට උත්සාහ ගන්නෙමි. එහෙත් විවාහ වූ විට මේ තත්ත්වය වෙනස් වී යළිත් පෙර පරිදි මහත්වේදෑයි දෑඩි බියකින් පසූවෙමි. එය මට මහත් පීඩාවකි. විශේෂයෙන්ම උපත් පාලන ක්‍රම අනූගමනය කිරම කාන්තාවන්ගෙ සිරුර මහත්වීමට බලපාන්නේ ද? දරුවන් ලැබූ පසූත් සූපූරුදු පරිදි මගේ ශරරය පාලනය කර ගැනීමට මට නොහැකි වේද? බොහෝ කාන්තාවන් විවාහයෙන් දරුවන් ලැබූ පසූ විශාල ලෙස මහත් වන්නේ මේ උපත් පාලන ක්‍රම පාවිච්චි කිරම නිසාද? ගරු වෛද්‍යතුමනි, මම විවාහවී නිරෝගී දරුවන් බිහි කරලීමට කැමතිය. එහෙත් මගේ සිරුර ක්‍රමවත්ව හැඩට තබා ගැනීමෙන් මගේ සිතට මෙන්ම විවාහ දිවිය යහපත්ව පවත්වා ගැනීමටද එය හේතු වේ යැයි මම සිතමි. ඒ නිසා විවාහයෙන් පසූ එම තත්ත්වය ඇතිකර ගැනීමට උපදෙසක් දෙන්න. ශරරය මහත් නොවී පවත්වාගෙන යා හැකි සාර්ථක උපත් පාලන ක්‍රම මොනවාදෑයිද පහදා දෙන්න කුලියාපිටියේ තනූජා

පිළිතුර

තනූජා ඔබ දුරදිග සිතා කටයූතු කරන යූවතියකි. මන්ද ඇතැම් කාන්තාවන් විවාහ වූ පසූ සිය ශරිරය පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අප ඔබ ගැන නැවත නැවතත් සතුටූ වෙනවා. බොහෝ කාන්තාවන් විවාහයෙන් පසූ සිය ශරරය ගැන දක්වන්නේ අඩූ සැලකිල්ලක් විශේෂයෙන් දරුවෙකු ලැබූූූණූ පසූ. සෑම කාන්තාවක්ම යොවූන් කාලය තුළදී මෙන්ම මූළු ජීවිත කාලය පූරාම අපේ ශරරයේ හැඩය ගැන සැලකිලිමත් විය යූතු අතර ඒ සඳහා ආහාර පාලනය හා ව්‍යායාම අතිශයින්ම වැදගත්. විවාහයෙන් පසූ තමන්ගේ ශරිරයේ අලංකාරය ගැන සැලකිල්ල අඩූ කිරීම, අපේ ආසියාතික කාන්තාවන්ගේ ලක්ෂණයක්.
ඒ කෙසේ වූවත් තනූජා ඔබ අසා ඇති ආකාරයට පවූල් සැලසූම් ක්‍රම මගින් ඒතරම් ශරරයේ තරබාරු බවක් ඇති වන්නේ නැහැ. එහෙත් ගිලින පෙති භාවිතයෙන් හා තුන් මාසේ පවූල් සැලසූම් ක්‍රමය වන එන්නත ලබා ගැනීමෙන් තාවකාලිකව ශරරයේ මහත් වීමක් ඇතිවෙන්නට පූළුවන්. ගිලින පෙති භාවිතයට අකැමැති කාන්තාවකට ලුපයක් පැළඳීමට පූළුවන්. එමෙන්ම ඔබට දරුවන් ලැබූණූ පසූද ව්‍යායාම හා ආහාර පාලනය මගින් ශරරයේ සමබරතාවය පවත්වා ගැනීමට පූළුවන්.
----------------------------------------------------------------------------------------

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,මගේ වයස අවූරුදු 20 කි. විවාහ වී දැනට වසරක් පමණ ගතවී ඇත. විවාහ වී මාස 5 කින් පමණ පසූ ගැබ්ගෙන එය මාසයකින් පමණ ගබ්සා විය. මෙම හේතුව නිසාත් අඩූ වයසින් දරුවෙකු බිහිකිරමට ඇති බිය නිසාත් මා මිතුරි උපත් පාලන පෙති භාවිත කරන්නෙමි. එහෙත් වෛද්‍යතුමනි උපත් පාලන පෙති නොවරදවා අවූරුද්දක් පමණ ගතහොත් සඳහටම දරුවන් නොලැබී වඳභාවයට පත් වෙනවා යැයි අසා ඇත්තෙමි. මගේ ප්‍රථම දරු ගැබ ගබ්සා වීම නිසාත් උපත් පාලන පෙති අවූරුදු 25 වනතෙක් පමණ පාවිච්චි කිරමට බලාපොරොත්තු වන නිසාත් මේ ගැන ඉතා කණස්සල්ලෙන් හා දෑඩි බියකින් පසූවන්නෙමි. මෙහි ඇති සත්‍ය අසත්‍යතාවය ඉතාම ඉක්මනින් පහදාදෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර

පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කිරම නිසා සදාකාලික වඳභාවයට පත්වෙනවා යැයි කියන කතාව ඉතාමත් අසත්‍යයකි. විශේෂයෙන් ඔබ පවසන ආකාරයට ගිලින පෙතිවල ඇත්තේ ඊ්ස්ට්‍රජන් හා ප්‍රොජෙස්ට්‍රොන් යන හෝමෝර්නයි. මේවා මගින් කෙරෙන්නේ ස්ත්‍රියකගේ සිරුරේ මසකට වරක් නිෂ්පාදනය වන ඩිම්බ මෝචනය වළක්වා එමගින් දරු ගැබක් හට ගැනීම නැවැත්වීමයි. මෙය බල පැවත්වෙන්නේ ගිලින පෙති භාවිත කරන තාක්කල් නැතහොත් එම මාසය තුළ පමණයි. ගිලින පෙති භාවිතය නැවැත්වූ වහාම යළිත් ඩිම්බ මෝචනය වී සකී්‍රය තත්ත්වයට පත්වෙනවා.ගිලින පෙති දිගු කලක් භාවිතයට ගත්තද එමගින් දරුඵල අහිමිවේ යැයි බියවිය යූතු නැහැ. වැඩිම වූනොත්් මාස දෙක තුනක් පමාවිය හැකියි. බිය නොවන්න. ගිලින පෙති භාවිත කිරමෙන් ඔබ සදාකාලික වඳභාවයට පත්වේ යැයි සිතේ බියක් පවතින්නේ නම් ඔබ ප්‍රදේශයේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට ඔබට සූදුසූ යැයි හැඟෙන වෙනත් උපත් පාලන ක්‍රමයක් අනූගමනය කරන්න.
----------------------------------------------------------------------------------------
ප්‍රශ්නය



වෛද්‍යතුමනි,මාගේ වයස අවූරුදු 21 කි. වැඩිවියට පැමිණීමට පෙර නොදෑනූවත්කම නිසා කිහිප වතාවක්ම පූද්ගලයෙකු සමග ලිංගිකව එකතු වීමි. එම කිසිම අවස්ථාවක මට ලේ පිටවීමක් සිදු වූයේද නැත. මට ඇති ප්‍රශ්නය කන්‍යා පටලය පිහිටන්නේ උපතින්මද? යන්නයි. ලබන වසරේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් පෙම්වතෙකු ඇසූරු කරමි. ඔහූ කන්‍යාභාවය පිළිබඳව දෑඩිව විශ්වාස කරන්නෙකි. එම නිසා මා මහත් සේ බියෙන් පසූවෙමි. මේ හේතුව නිසා මගේ ශරරය පවා ගොඩක් කෙටිටූ වී ඇත. මේ පිළිබඳව වැඩිහිටි කාන්තාවකට පැවසූවෙමි. ඇය කීවේ කන්‍යා පටලය පිහිටන්නේ වැඩිවියට පත්වීමෙන් පසූව බවයි. වෛද්‍යතුමනි, මා එසේ ලිංගිකව එකතු වූයේ අවූ. 9 දී පමණය.



පිළිතුර

උත්පලා වයස අවූරුදු විසි එකක් වෙන ඔබට සාමාන්‍ය දෑනීමක්වත් නොමැති පාටයි. ගැහැණූ ළමයෙකු ලෙස මීට වඩා දෑනූමක් ඔබේ සාමාන්‍ය ජීවිතයේදී ලබා ගත යූතුයි. ඒ කෙසේ වූවත් කන්‍යා පටලය ඇතිවන්නේ ගැහැනූ දරුවෙකු පිළිසිඳ ගත් අවස්ථාවේ සිටයි. පූර්ණ ලිංගික එක්වීමකදී හෝ යෝනි මාර්ගයට කිසිවක් ඇතුල් කිරමෙන් මෙය බිදී යනවා. එසේ වන්නේ ගැහැනූ ළමයෙකුගේ ජීවිතයේ එක්වතාවක් පමණයි. කන්‍යා පටලය බිදී ගිය පසූ යළි යථා තත්ත්වයට පත්වන්නේද නැත. කුඩා කල සිදුවූ දෙය ගැන සිතමින් පසූතැවිලි නොවී ජීවිතයට මූහූණ දෙන්න සිතට ශක්තිය ගන්න.
----------------------------------------------------------------------------------------
ප්‍රශ්නය

වෛද්‍යතුමනි මීට දින ගණනකට කලින් පෙම්වතා සමග අස්වාභාවික ලිංගිකව එකතු වූණා. එහිදී මගේ රහස් ප්‍රදේශයෙන් ශූක්‍රාණූ තැවරුණා. හිතේ ඇතිවූණ බියට පොස්ටිනෝර් 2 පෙති දෙකක් ගත්තා. පළමූ පෙත්ත ගෙන එහි ඇසූරුමේ විස්තර පත්‍රිකාවේ උපදෙස් පිළිපදිමින්. වෛද්‍යතුමනි, එහි බලපෑම් ලෙස ඔක්කාරය වමනය ආදී ලක්ෂණ කිසිවක් මට ඇතිවූයේ නැහැ. එමගින් පැවැසෙන්නේ මෙම පෙතිවල බලපෑම මට ඇති නොවූ බවද?මෙම සිද්ධිය වී දින කිහිපයකින් මගේ ශුද්ධිය ඇතිවූවත් මම පෙති භාවිත කළේ සිද්ධිය වී පැය 32 කිනි. මගේ හිත නිරවූල් කර ගැනීමට උපදෙස් පතමි. නූවර කේ. කේ.

පිළිතුර



ශූක්‍රානූවක් රහස් ප්‍රදේශයේ තැවරමෙන් වූව යෝනි මාර්ගය තුළින් ශූක්‍රාණූ බීජ ඇතුළු වී දරු ගැබක් හට ගැනීමට පූළුවන්. ඒ මතුද නොවෙයි ශූක්‍රාණූ පිටවීමට පෙර පිටවන ගිළුණ ශ්‍රාවයද යෝනි මාර්ගය තුළින් ගමන් කිරම නිසා දරු ගැබක් හට ගත හැකියි. ඒ කෙසේ වූවත් පොස්්නෝරි 2 එහි ඇසූරුමේ උපදෙස් අනූව ගන්නේ නම් බිය විය යූතු නැහැ. අනික එම සිදුවී දින දෙකකින් ඔබට ඔසප් වීමද සිදුවී තිබෙනවා. පොස්ටිනෝර් 2 ගැනීම තුළින් අතුරු ආබාධ විශේෂයෙන් ඔක්කාරය ක්ලාන්ත ගතිය, ඇග අප්‍රාණික ස්වභාවය ඇති නොවීමෙන් එහි ක්‍රියාකාරත්වය නැතැයි කිව නොහැකියි. මන්ද එක්එක් අයගේ ශරරයට එය බලපාන ආකාරයද වෙනස්වන එහෙයිනි. සැකයක් ඇත්නම් මූත්‍රා පරක්ෂණයක් කොට බිය තුරන් කරගන්න.
----------------------------------------------------------------------------------------
උපදෙස් ඃ රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ
වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු

Friday, October 24, 2014

මල්වරවීමත් සමග එකවරම කාන්තා හෝමෝනය වැඩිපූර නිපදවෙන්නේ නැහැ

Malwara - මල්වර

කාන්තා රෝග ගැන කතා කිරීමේදී ඔසප් චක්‍රයේ අක්‍රමවත්වීම නිසා කාන්තාවන් මානසිකව පීඩාවට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෙම තත්ත්වය අවස්ථා තුනකට බෙදා කතා කළ හැකියි.

ඉන් එකක් තමයි මල්වරවීම තුළදී ඇතිවන ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන්. විශේෂයෙන්ම අවූරුදු එකොළහක්, දහසය සහ දාහත අතර ගැහැනූ දරුවන්ගේ ඔසප් චක්‍රයේ විෂමතාවන්. මෙම විෂමතාවන්ට බලපාන විවිධ හේතූන් තියෙන්න පූළුවනි.

ගැහැනූ ළමයින්ගේ ඔසප් චක්‍රයේ විෂමතාවන්ට බොහෝ වෙලාවට හේතුවෙන්නේ සාමාන්‍ය කාන්තා හෝමෝන තත්ත්වය ශරීරය තුළ ඇති නොවීමයි. බොහෝ ගැහැණූ දරුවන් මල්වර වූණාට එකපාරටම කාන්තා හෝමෝන නිෂ්පාදනය වැඩිහිටි කාන්තාවන්ගේ වගේ වෙන්නේ නැහැ. විශේෂයෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන කාන්තා හෝමෝනය නිසි පරිදි ස්‍රාවය වෙන්න සමහරවිට අවූරුදු දෙකක් තුනක් ගතවෙන අවස්ථා තියෙනවා. සමහර ගැහැනූ දරුවන්ට අවූරුදු හතරක කාලයක් වූණත් ගතවෙන්න ඉඩ තියෙනවා.

සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙක් මල්වර වෙන්නේ අවූරුදු 9 ත් 13 ත් අතර කාලයේදීයි. පළමූ කාලවලදී වන ඔසප් චක්‍රවල ඩිම්බ මෝචනයක් සිද්ධවෙන්නේ නැහැ. ඒ වගේම ඔසප් චක්‍ර අක්‍රමවත් වෙන්න පූළුවනි. සමහර ගැහැනූ දරුවන්ට ඔසප් චක්‍රය දවස් 21 කට සැරයක් හෝ දවස් 35 හෝ දවස් 42 සැරයක් වෙන්න පූළුවනි. ඒකයි අපි කිව්වේ අක්‍රමවත් කියලා.

යම්කිසි ගැහැනූ ළමයෙකු වැඩිවියට පත්වෙලා අවූරුද්දක් දෙකක් ගතවෙලා ඊළඟ ඔසප්වීම වූනා කියලා අපි එය ප්‍රශ්නයක් කියලා සලකන්නේ නැහැ. අපි වෛද්‍ය ප්‍රශ්නයක් කියලා හිතන්නේ අවූරුදු දහසය දාහතට පස්සෙත් ඔසප් චක්‍රය අක්‍රමවත් නම් පමණයි.

සමහර ගැහැනූ දරුවන්ට ඔසප් වීමේදී අධික ලෙස රුධිරය වහනය වෙනවා. මේ නිසා ඔවූන්ගේ අධ්‍යාපනයට බලපෑම් ඇතිවෙනවා. ඇතැම් දරුවන්ගේ ක්‍රියාශීලිත්වය අඩූවෙලා යනවා. නීරක්ති තත්ත්වය ඇති වෙනවා. මෙවැනි තත්ත්වවලදී වෛද්‍ය ප්‍රතිකාර ගත යූතුයි. මල්වර වන ගැහැනූ දරුවන්ගෙන් සියයට අනූපහකට විතර මෙවැනි ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන් අපට අහන්නත්, දකින්නත් පූළුවනි.

ඔසප් චක්‍රය නිසි පරිදි සිදුවීමේදී ඩිම්බමෝචනය වෙනවා. නමූත් මෙම තත්ත්වය අවූරුදු 18–35 අතර කාලයේදී නැවත ඔසප් චක්‍රය අක්‍රමික වෙන්න තවත් කරුණූ කාරණා බලපාන්න පූළුවනි.

ළඟදී විවාහ වීමට බලාපොරොත්තු වන කාන්තා ඔබට










විවාහයට සූදානම් වන යූවතියක් ඒ සඳහා අවශ්‍ය දේ ලක ලැහැස්ති කරගන්නේ බොහොම කාලයක ඉඳලා. ඒ තරම්ම වැදගත් දෙයක් ගැනයි මේ කතා කරන්න යන්නේ.

විවාහ වෙන්න සූදානම් වන යූවතියක් වෛද්‍ය උපදෙස් පැතීමත් ඉතාමත් වැදගත්. අඩූම තරමින් විවාහයට මාස 3 පමණ පෙර හෝ වෛද්‍යවරයෙකු

ලස්සන වෙන්න ස්වභාවික ප්‍රතිකාර



ඔය අනංමනං බෙහෙත් විදාගන්නේ නැතුව අපේ වටේ තියෙන බෙහෙත් පැලැටි වලින් ඉක්මනට ලස්සන වෙමු,

සමේ මියගිය කොටස් ඉවත් කිරීමට අපි හොඳින් දන්නා හඳුනන අමූද්‍රව්‍ය සම්බන්ධ කරගත හැකියි.

පොලොන්නරුව අහසේ අත්භූත නූල් (Photo+Video)

පොලොන්නරුව අහසේ අත්භූත නූල්



පොළොන්නරුව බැදිවැව හා ආසන්න ප්‍රදේශවල අහසේ හඳුනා නොගත් නූල් විශේෂයක් පාවෙමින් පැවතීම ප්‍රදේශවාසීන්ගේ සැකයට භාජනයවී තිඛෙනවා.

කිලෝමීටර දෙකක් හෝ තුනක් ඉහල අහසේ පාවෙමින් පොළවට එන මෙම නූල්
රොද ගස්වල පැටලීමෙන් පසු ප්‍රදේශවාසීන් ස්පර්ශ කර ඇත.
ගම්වැසියන් පවසන්නේ මෙය මකුළුදැල් ස්වභාවයේ පෙනුමක් ඇති ඊට වඩා ඝනකමකින් යුත් ද්‍රව්‍යයක් බවයි.
විවිධ රටා මවමින් අහසේ පාවෙමින් ගිය මෙම නූල් රොදවල් ප්‍රදේශයට ඇතිවූ වර්ෂාව සමග ක්‍රමයෙන් අතුරුදහන් වී ඇති බවද වාර්තා වුණා.
එම ද්‍රව්‍යයේ ඡායාරූප හා විස්තර වීඩියෝ වාර්තාව පහතින්

 

 

 



">වීඩියෝව මෙතනින් බලන්න

Thursday, October 23, 2014

අර මිනිහා මගේ ඇගටම ආවා මට කරකියාගන්න බැරි උනා ( නිපුනිකා )





බසයක් තුළ දී  
තමන්ට සිදුවූ
අතවරය ගැන
නිපුණිකා
ප්‍රථම වතාවට
හෙළිකරයි...!

"පබසරා" ටෙලි සිතුවම පුංචි තිරයේ විකාශය වන්නට මත්තෙන් යොවුන් නිළියක ලෙස ක්ෂේත්‍රයට එක් වූ "නිපුණිකා හේවාගමගේ" එතරම්ම ජනප්‍රිය තැනැත්තියක නොවී ය. නමුත් අද වන විට නිපුණිකාව රසික රසිකාවන් හඳුනන්නේ සැබෑ නමට වඩා 'පබසරා' යන නමිනි. මේ දිනවල "පොඩි මාමා "ටෙලි සිතුවමේ 'උත්පලා' චරිතයට පන පොවන්නී ද ඇයයි.

සාමාන්‍යයෙන් ගැහැනියකට, විශේෂයෙන්ම තරුණියන්ට බස් රථයන්හි ගමන් කිරීම තරමක් ගැටළු සහගත තත්ත්වයකි. එසේ වී ඇත්තේ බස් රථ ඇතුළත දී ඇතැම් පුද්ගලයින්ගේ අතවරයන්ට මුහුණ පාන්නට සිදුවන නිසා ය. සාමාන්‍ය තරුණියන් නම් ඕනෑ තරම් මෙකී ගැටළුවට මුහුණ පා ඇති. නමුත් යොවුන් නිළියන් ද බස් = රථ ඇතුළත දී අතවරයන්ට ලක්ව ඇතිබව කිවහොත් ඔබ විශ්වාස කරනවා ද...? පසුගිය කාලේ නිපුනිකා ද එවන් වූ අතවරයකට ලක්ව තිබෙනවා. ඒ ගැන මෙන්ම පෙම්වතියක් ලෙස ආදරය විඳින හැටි සහ කලා කටයුතුත් සමගින් ගෙවන ජිවිතයේ සුන්දර තැන් පිළිබදව නිපුණිකා පැවසුවේ මෙලෙසිනි.

"බොහොම සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා..... "පොඩි මාමා "ටෙලි සිතුවමේ, 'උත්පලා' හරිම මධ්‍යස්ථ චරිතයක්. බොහෝ විට මමත් ආසයි දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න. දැන් බොහෝදෙනෙක් මාව අමතන්නේ, පබසරා කියලා. මං හිතන්නේ නිළියකට අන්වර්ථ නමක් වැටෙන්නේ හරිම කලාතුරකින්. උදාහරණ විදිහට කිව්වොත් උපේක්ෂා අක්කට 'පබා', ශෙරිල්ට 'අමා' වගේ. මමත් ඉතින් 'පබසරා' වුණා. එහෙම වෙන්න වාසනා ගුණයත් තියෙන්න ඕනෑ.....
 

මට අහම්බෙන් වගේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා. මං ඊට බෑ නොකියා හා කිව්වා. ඉතින් දිගටම රඟපාන්න කතා කලා. ඒ වෙන කොටත් මම නීතිඥවරියක වන්නටයි හීන මව හිටියේ. නමුත් ඒ හීනේ පෑල දොරින් යන්න ගියා..... ඒත් ඉතින් ඒ ගැන එහෙමට ලොකු දුකක් නම් නැහැ...... නීතිඥවරියක වුණා නම්, නිළියකට වඩා සල්ලි හොයන්න තිබුණා තමයි. නමුත් සල්ලිම නෙවෙයිනෙ ජීවිතේ.......

දැන් නම් නිළි වෘත්තියත් එපා වෙන අවස්ථා තියෙනවා. පාන්දර ෂූටිං යන කොට, මහ රෑ වෙලා ගෙදර එනකොට වෙන වෘත්තියක් කළා නම් හොඳයි කියලා හිතෙනවා..... ඒත් වේලාවකට රංගනය හොඳයි. නීතිඥවරියක වුණා නම්, මානසික පීඩනයත් වැඩියිනෙ..... නිළියක් වීම හිතට එක අතකින් සැනසීමක්. මොකද නීතිඥයකු නිතර ගනුදෙනු කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්කනෙ..... දැන් නම් නිළියක් විදිහට මට සමාජයෙන් ගෞරවයක් වගේම හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒත් මං කවදාවත් මගේ ජනප්‍රියකමෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්නේ නැහැ...... මට ඉක්මනට කේන්ති යනවා..... කොච්චර ඉවසන්න හැදුවත් බැහැ..... මට කවදා හැරී දවසක වාරයක් ලැබුණොත්, මං ඒ වරයෙන් මට තියෙන ඒ නරක ගති ගුණය වෙනස් කර ගන්නවා...." වැඩියෙන්ම අපහසුතාවයකට පත් වූ මොහොත. "පාසල් යන කාලේ බස් එකේ ගෙදර එනකොට කවුදෝ ඇවිත් මගේ ඇඟට හේත්තු වුණා.... මම දැන් ඒ මිනිහට හිරවෙලා.... මට හරිම කේන්තියි..... ඒත් කරකියා ගන්න දෙයක් නැහැ..... ඒ වෙලාවේ මං කොච්චර අපහසුතාවයට පත් වුණාද කියලා කිව්වොත් වචනත් නැහැ ඒ ගැන කියන්න....." තෝරා බේරා ගෙනයි යාළුවො ඇසුරු කරන්නේ. "මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, කොයි ක්ෂේත්‍රයේ වුණත් හැමෝම විශ්වාස කරන්න බැහැ. ඉතින් මම විසින්ම තෝරා බේරා ගත් අතිශය විශ්වාස කරන්න හැකි යාළුවෝ අතලොස්සක් තමයි මං ආශ්‍රය කරන්නේ..." නිපුණිකාට දේශපාලනයට සබඳකම් තියෙන පෙම්වතෙක්. "එයත් හොඳින් ඉන්නවා. එයාගෙ පවුලේ අය තමයි දේශපාලනයට සම්බන්ධ. පෙම්වතා ව්‍යාපාරිකයෙක්. මං කවදාවත් එයාට නීති රීති දාලා නැහැ...... දර්ශන තලවලට නෑවිදින් එයාගේ කැමැත්ත නිසයි. මම රඟපානවට ඔහු කමැතියි.

තවම අපේ විවාහයට දින දාගෙන නැහැ..... බැන්දට පස්සේ ගන්න තීරණ ගැනත් තවම හිතලා නැහැ..."