Thursday, October 16, 2014

මම වැඩියෙන්ම කැමති අනර්කලීට

sinhalazone
මම කැමති අනර්කලීට - නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සංවාදය පහලින්

01. ඇයි ඔබ තුමා දේශපාලනඥයෙක් වුණේ?
ලබා උපන් හැටි තමයි ඉතින්.

02. හරි දැන් කරන දේශපාලනය, තමන් උදෙසාද? නැත්නම් ජනතාව උදෙසාද?

පැහැදිලිවම ජනතාව උදෙසා. මම මගේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන්.



03. ඒ කියන්නේ ඇමැතිවරයකුට හම්ඛෙන වරප්‍රසාද කිසිවක් භුක්ති විඳින්නේ නෑ කියලාද?

නි. ඇමැතිවරයෙක්ට ලැඛෙන කොළඹ නිවෙස, මම ගත්තේ නැහැ. මට ලැබුණු අධි සුඛෝපභෝගී මෝටර් රථය මම පාවිච්චි කරන්නේ නැහැ.



04. අපරාදෙනේ නේද? පසුතැවීමක් නැද්ද?

නැහැ. කොහෙත්ම නැහැ. දේශපාලනයේ ගමන් යන්න බාධා තියෙනවා, ඒ තරම්ම දූෂිතයි, දේශපාලනයේ තියෙන්නේ බළල් න්‍යාය, මීයෝ අල්ලන්නේ තමන්ට කන්න විතරයි. ඒ දේශපාලනයෙන් මම බැහැර වෙලා ඉන්නේ. සාධාරණ සමාජයක් උදෙසා තමයි මම මේ සේවය කරන්නේ.

05. එතකොට දේශපාලනයෙන් හම්බ කරලාම නැහැ කියලාද කියන්නේ?

කිසිම තැනක මම හොරකම් කළා, දූෂිතය කියලා කියන්නේ නෑ. ඒ චෝදනා මටත් නැහැ. අතිගරු ජනාධිපතිතුමාටත් නැහැ. ඉතිහාසයේ එ.ජා.ප. ආණ්ඩු සමයේ හිටපු ඇමැතිවරු ව්‍යාපෘති කළාම එක රැයින් විශාල කෝටිපතියෝ වුණා. මහවැලිය කරපු ඇමැතිවරු මහා ධනවතුන් වෙලා. අමාත්‍යංශ තිහක් භාර ඇමැතිවරයෙක් තමයි අපේ ජනාධිපතිතුමා. එතුමාට එහෙම චෝදනා ඇත්තෙත් නැහැ. එතුමාගේ අඩි පාරේ යන අපිටත් එවැනි චෝදනා නැහැ.

6. නරකක් අහලාම නැද්ද?
නැහැ. පැහැදිලිවම නැහැ, ජනතාවට සමීප වෙලා ඉන්න නිසා එහෙම දෝෂ දර්ශනවලට ලක්වෙලා නැහැ. මම දින දෙකක් මහජන දින කරනවා. සමහර විට ඒක තුනක් වෙනවා. ඒ එන හැමෝටම ගැටලු සාකච්ඡා කරලා විසඳුම් දෙනවා, ඒ අය සෑහීමකට පත්වෙනවා, චෝදනා නම් නැහැ.

07. කට කතාත් නැද්ද?
කටකතාත් ඇත්තෙම නැහැ.



08. ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වෙනස් වෙලා ජේ.වී.පී.ය ආණ්ඩුව පිහිටුවලා අනුර කුමාර සහෝදරයා ජනාධිපති වුණොත්?
කවදාවත් වෙන්නේ නැහැ. වුණොතින් රටේ බරපතළ අභාග්‍ය, වැඩ බැරි ටාසන් කෙනෙක් මේ රට භාරගත්තොත් වෙන දේ මට හිතා ගන්න පුළුවන්. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ මැතිවරණයත් පරදින්නේ නැහැ. අනුර කුමාර දිසානායකලා, අපේක්‍ෂකයෝ හැටියටවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ තරම් බයයි. එහෙම කෙනෙක් ජනාධිපති වෙන්නේ නැහැ.

09. හරි අපි උපකල්පනය කරමුකෝ ජේ.වී.පී.ය ආණ්ඩුවක් පිහිටෙව්වා කියලා. ඔවුන් ආරාධනා කළොත් ඔවුන්ගේ ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයකට, භාර ගන්නවාද?

බැරි වෙලාවත් නැහැ. ජේ.වී.පී.යත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. මම බොහොම ළාබාල වියේදී ජේ.වී.පී. යත් එකක් ගනුදෙනු කළා. මට තේරුණා එයාල හරිම දුෂ්ට පක්‍ෂයේ දේවල් මතුකරලා ජනතාවගේ අයිතීන් කප්පාදු කරන, අඩුම ගානේ ජේ.වී.පී. පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ මූලික අයිතිවාසිකමක්වත් එයාලා රැකදීලා නැහැ. සේරම කප්පාදු කරලා. එයාල ප්‍රකාශ කරනකොට නම් ලෝකෙට විශාලයි. නමුත් වැඩ අතින් හරිම දූෂිතයි.

10. ජේ.වී.පී. ට නොගියත් යූ.එන්.පී. යෙන් ආරාධනා කළොත් නම් යයි නේද?

කවදාවත් නෑ. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේත් අපිට වැඩ කරන්න බැහැ. අපි ඉන්නේ බොහොම සුන්දර නායකයෙක් එක්ක. ඒ නිසා අපි වෙන රාජ්‍ය නායකයෙක්ගෙන් එය අපේක්‍ෂා කරන්නේ නැහැ. කරන්නත් බැහැ. රනිල් වික්‍රමසිංහ වගේ මෝඩයෙකුට අපි කැමැති නැහැ.

11. මේ ස්වාමීන් වහන්සේ ගැන අදහස එක වාක්‍යයකින් කියන්න?

ඥානසාර හිමි - වේගය වැඩියි.
මාදුළුවාවේ සෝභිත හිමි - රටට කොඩිවිනයක්.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි - හෙමින් ගියොත් හොඳයි.
අතුරලියේ රතන හිමි - රටට හානියක් නැහැ.

12. මේ ස්වාමීන් වහන්සේ හතර දෙනාගෙන් කෙනෙක් අනාගතයේ රටේ ජනාධිපති වුණොත්?
බුදුන්ගේම සරණයි අපේ රටට.





13. මේ කාන්තාවෝ ගැනත් අදහස එක වාක්‍යයකින් කියන්න?
උපේක්‍ෂා ස්වර්ණමාලි - හොඳයි.
රෝසි සේනානායක - නරකක් නෑ.
අනර්කලී ආකර්ෂා - එයා හොඳයි කලාවට සිනමාවට.
මාලිනී ෆොන්සේකා - බොහොම සාර්ථක චරිතයක්.
ගීතා කුමාරසිංහ - වරදක් නැහැ.

14. මේ අයගෙන් දේශපාලනයට වඩා සුදුසු සහ දක්‍ෂ කවුද?
මාලිනී ෆොන්සේකා

15. මේ අයගෙන් වැඩිපුරම කැමැති කාටද?
අනර්කලීට මම කැමැතියි.

16. හේතුව?
හොඳයි, විශේෂ හේතුවක් නැහැ, නමුත් අනර්කලී සුන්දරයි. ඒ නිසා කැමැතියි.

17. හරි. ඇය විවාහ යෝජනාවක් කළොත් භාරගන්නවාද?
මළකෙළියක් වෙන්නේ, එහෙම වුණොත් අම්මෝ යෝජනාව භාර ගන්න බැහැ,

18. එයාගේ යෝජනාව ප්‍රතික්‍ෂේප කළා කියමුකෝ වෙන කෙනෙක් එහෙම යෝජනාවක් කළොත්?

අම්මෝ බැහැ, මේ කරගත්තු එක හොඳටම ඇති.





19. ඇමැතිතුමාට කාන්තාවෝ කියන්නේ නැද්ද ඇ`ග ටිකක් වැඩියි අඩු කරගන්න කියලා?
මහන්සි වෙනවා සෑහෙන කාලෙක ඉඳන්. ඒත් තාම බැරි වුණානේ කෙට්ටු වෙන්න.

20. අකමැතිම දේශපාලනඥයා කව්ද?
රනිල්ට මම කැමැති නැහැ, ඇමෙරිකානු අධිරාජ්‍යවාදී ගැත්තෙක් සහ ඇමෙරිකානු උවමනාවන් ඉටු කරන රටට කොඩිවිනයක් වුණු නායකයෙක් නිසා.

21. ආණ්ඩුවේ ඉන්න කඩවසම්ම ඇමැතිවරයා කවුද?
ම් ම් ම් එහෙම පේන්න කවුරුත් නැහැ. යක්කු වගේ කට්ටියක්නේ ඉන්නේ... ජීවන් කුමාරණතුංග ඇමැතිතුමා කඩවසම්.





22. පාර්ලිමේන්තුව නියෝජනය කරන සුන්දරම කාන්තාව කවුද? පක්‍ෂ භේදයකින් තොරව?
අපෝ එහෙම කිව්වොත් අමාරුවේ වැටෙනවා, උපේක්‍ෂා සුන්දරයි.

23. දේශපාලනඥයෙක්ගේ භූමිකාව තුළ මගහැරෙන සැමියාගේ භූමිකාව ගැන බිරියගෙන් චෝදනා නැද්ද?

ප්‍රශ්න තියෙනවා, නැතුව නෙවෙයි. දේශපාලනය කරන කෙනෙක් අංක 01 පවුල් ජීවිතය කරගෙන බැහැ. දේශපාලනය කියන්නේ දවසින් දවස වෙනස් වන න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රයට අපි හැඩගැහෙන්න ඕනෑ. පවුල් ජීවිතය කියන්නේ ඒකාකාරී න්‍යාය පත්‍රයක්. ඒකේ වෙනස්කම් මහ ලොකුවට නැහැ. රෑට ගෙදර ගියා, නිදා ගත්තා, උදේ නැගිට්ටා, එළියට බැස්සා, පවුල් ජීවිතය ඒකාකාරියි.

24. සිගරැට්, මත්පැන් බොනවාද?
සම්පූර්ණයෙන්ම තොරයි.

25. එවැනි අත්දැකීම් නෑ කියලද කියන්නේ?
තිබුණා. හොඳට කෑවා, බිව්වා නමුත් දැන් නෑ.

26. උදේ නැගිටලා බලද්දී ඇමැතිතුමාගේ බිරිය වෙනුවට එතැන සුපිරි නිළියක් හිටියොත් මොකද කරන්නේ?
බුදු අම්මේ කියලා කෑ ගහනවා.





27. ඇයි කෑ ගහන්නේ සතුට වැඩිකමටද නැත්නම් බයටද ඇමැතිතුමා?
නෑ නෑ එහෙම වුණොත් මම තව ටිකක් වෙලා නිදා ගන්නවා. හොඳට ඒ.සී. එක දාලා නිකන් ඉන්නවා.

උපුටා ගැනීම -gossipsinhalanews.com

 

No comments:

Post a Comment