Showing posts with label දේශීය ගොසිප්. Show all posts
Showing posts with label දේශීය ගොසිප්. Show all posts

Saturday, November 8, 2014

සිසුවියගේ අසැබි පින්තුර අන්තර්ජාලය පුරා..

news20141fgfg108

මම ‍ගොඩක් මහන්සි‍‍වෙලයි ‍මේ දරුවා ‍ලොකු මහත් ක‍ළේ, ම‍‍ගේ දුව ඉ‍ගෙන ගන්න ගොඩක් දක්ෂයි, සාමාන්‍ය ‍පෙළ විභාගය ‍හොදටම පාස්වුණා එයා විභාගය ‍හොදට පාස්වු‍ණොත් ලැප්ටොප් එකක් අර‍ගෙන ‍දෙන්න මම ‍පො‍රොන්න්දු‍වෙලා හිටි‍යේ, ඒ නිසා මම දුවට පරිගණක‍යක් අර‍ගෙන දුන්නා, අපේ ‍ගෙදර ම‍ගේ නංගි ‍කෙ‍නෙකුත් හිටියා, උසස් ‍‍‍පෙළ පටන්ගන්න තුරු දුව හිටි‍යේ ‍ගෙදර, නංගි දුව‍ගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා, ඒත් දුව හිටි‍යේ ‍වෙනම කාමරයක, එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයා‍ගේ කාමරයට ගිහින් නෑ, දුව විද්‍යා අංශ‍යෙනුයි උසස් ‍පෙළ කරන්න බලා‍පො‍රොත්තු වු‍ණේ, ඒ නිසා මම ඉන්ට‍නෙට් ලයින් එකත් අර‍ගෙන දුන්නා.


දහය වස‍රේ ඉදලා දුවට පිරිමි ළම‍යෙක් එක්ක සම්බන්ධයක් ති‍යෙනවා කියලා මම දැන‍ගෙන හිටියේ නෑ, එයා ‍ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එ‍කෙන් කතා කරලා, දවසක් හයි‍යෙන් කතා කරන සද්දයක් ඇ‍හෙන නිසා නංගි දුව‍ගේ කාමරයට ගිහින්, එයා ‍දොර ‍රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු ‍වෙනවලු, මම හවස ‍ගෙදර ආවහම ‍මේ විස්ත‍රේ නංගි කිව්වා, මම දුව‍ගෙන් ඒ ගැන ඇහුවා, ඒ පිරිමි දරුවා දුව‍ගෙම පන්ති‍යේ ළම‍යෙක්, අම්මලා තාත්තලත් වැදගත් අය, ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා, ඒ ළමයා එයා‍ගේ මව්පි‍යෝ මට මුණගැස්සුවා, අ‍පේ දරු‍වෝ පුංචි  කා‍ලෙදිම ඒ ව‍ගේ ‍දේකට අනුබල දීලා අපි ‍ලොකු වැරැද්දක් ක‍ළේ.


අපි ‍දෙපැත්‍තෙන්ම කතා කරා පස්සේ ‍මේ දරු‍වෝ ‍ගොඩක් ‍හොදට හිටියා, ඒත් ආ‍යෙත් කාලයකට පස්සේ ‍දෙන්නා ස්කයිප් එ‍කෙන් නිතර නිතර රණ්ඩ‍ු‍වෙනවා කියලා නංගී කිව්වා, මම දුව‍ගෙන් ඒ ගැන අහලා බැලුවා, එයා කිව්ව ‍දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා, ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත්‍රපටි බලනවලු, එවා බලලා දුවත් එක්ක කියනවලු, දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු ‍වෙනවා කියලා දුව කිව්වා, අද අහන්න දකින්න ලැ‍බෙන ‍දේත් එක්ක මම ඉක්මන්‍වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතු‍නේ ඒ ‍වෙලා‍වේ, මට ඉන්නේ දුව විතරයි, මම කැමති නෑ එයා අඩනවා බලන්න, ඒ නිසා මම ඒ දරුව‍ා‍ගේ අම්මලාට කතා කරලා එයා නිල් චිත්‍රපටි බලන එක ගැන දැනුවත් කළා, එයාල‍ගේ අම්මලත් ඒ දරුවාට අවවාද කරලා තිබ්බා.


එදායින් පස්‍සේ සතියක් විතර ඒ දරුවා අ‍පේ දුවට කතා කරලා නෑ, දවස් ‍දෙක තුනකින් විතර දුවට එයා‍ගේ යාළු‍වෝ කතා කරලා එයා‍ගේ නිරුවත් පිංතූර ඉන්ට‍නෙට් එ‍කේ ති‍යෙන බව කියලා ති‍යෙනවා, මුලින් දුව ඒක මට හැංගුවා ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා, ඒක එ‍හෙම වු‍ණේ ‍කො‍හොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ, එයා මුලින්ම කිව්වේ එයා‍ගේ ‍ෆේස්බුක් ගිණූ‍මේ තිබුණ ‍ෆො‍ටෝ අර‍ගෙන ‍වෙනස් කරලා හදලා දාලා ති‍යෙන්නේ කියලා, ඒත් ප්‍රශ්නෙ  ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැම‍දේම කිව්වා, අර ළමයාට නිල් චිත්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියල ති‍යෙනවා එවා ‍නොබලා ඉන්නම් දුව‍‍ගේ නිරුවත් පින්තූර එවන්න කියලා, දුව ඒක විශ්වාස කරලා, එයාට තිබුණ ආද‍රේට, එයා ඒ වගේ ‍දේවලින් ගලවා ගන්න දුවම එයා‍ගේ ‍ෆෝන් එ‍කෙන් නිරුවත් පිංතූර අර‍ගෙන ඒ පිරිමි ළමයාට යවලා, ඒත් එයා නිල් චිත්‍රපටි බලන එක නතර කරලා නෑ, දුව ඒ නිසා නිතරම එයත් එක්ක රන්ඩු ‍කරලා, අන්තිමට දුව මට කියලා එයා‍ගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට ම‍ගේ දරුව‍ගෙන් පළිගත්තේ එ‍හෙමයි.


ඔය සිද්ධි‍යෙන් පස්සේ දුව ‍ගොඩක් මානසිකව වැටුණා, හී‍නෙන් බය‍වෙලා නැගිට්ටා, ඇ‍දේ ඉද‍ගෙන අඩන්න වුණා, ‍මෙයාට ඉස්කෝලේ ගුරුවරුන් ‍ගොඩක් ආද‍රෙයි, යාළු‍වොත් ‍ගොඩක් ගරු කළා, ඒත් ඔය සිදුවීම ‍ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගට ‍මෙයාට ‍කෝල් ආවා, අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව ‍මෙයා නිහඩ ‍වෙලා, දැන් ‍ඩොක්ටර් ‍කෙ‍නෙක්ට ‍පෙන්නනවා, ඒත් ‍මෙයා ඒ පරිසර‍යෙන් ඈත් ‍කරන්න ඕනෑ නිසයි අපි අනුරාධපු‍රේ ආ‍වේ, ඉස්සර ‍මෙයා ‍ගොඩක් ආසයි උඩමළුවට එන්න, මට ඕන ‍කො‍හොම හරි ම‍‍ගේ අහිංසකීව සනීප කරගන්න.


සැබැවින්ම ‍ඛේදනීය ඉරණමකී, ආදරය සුන්දරය, එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ‍ගෞරවය, ආරක්ෂාව ආදී ‍බො‍හෝ ‍දේ තිබිය යුතුය, අද පවතින් ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත, දහම් අධ්‍යාපනයක් ‍නොලබන දරු‍වෝ පින, පව, සස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබද කිසිදු හැගීමකින් ‍තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති, ඒ ‍වෙතින් ‍නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද‍ ‍කෙ‍ළෙසා දමයි, නව තාක්ෂණය අවශ්‍යය, එ‍හෙත් එය භාවිතය දැලි පිහි‍යෙන් කිරි කෑමක් බදුය, එබැවින් ජීවිතයට අවශ්‍ය ‍දේ ‍තෝරා‍ගෙන අනවශ්‍ය ‍දේ බැහැර කර තාක්ෂණය භාවිතා කළ යුතු බව සිහියට ගත යුතුය.



සටහන


පරිගණක අපරාද විමර්ශන ‍‍දෙපාර්ත‍මේත්තු‍වේ ප්‍රධාන ‍පොලිස් පරික්ෂිකා විශාඛා නාමලී ‍හේරත්


gossipclanka

Thursday, October 30, 2014

මගේ චරිතේ ගැන නොදන්න දේ ගොඩයි (ඔටාරා)



otara+gunawardhana+selfie

පසුගිය දින කිහිපය පුරාවටම නිරන්තරයෙන් කතාබහට ලක්වුණු චරියක් වන "ඔටාරා ගුණවර්ධන" ගැන ඇගේ ව්‍යාපාරයන් පිළිබදව මදක් ඔබ්බට ගොස් ඇගේ පුද්ගලික ජීවිතය ගැන තොරතුරු රැසක් පිළිබඳව සටහනක් ගෙන එන්නට අදහස් කළා. බෞද්ධ ආගමික තැනැත්තියක වන ඔටාරා විලාසිතාවට සහ කලාත්මක බවට ඇය තුළ වූ සැබෑ කැමැත්ත ඇය මුණගැසෙන්නට යන එන කාටත් ඇය වෙසෙන වටපිටාව දුටු සැණින්  මනාව පිළිබිඹු වුණා. මෑතක් වන තුරුම ඔඩෙල් සමාගමේ හිමිකාරීත්වය දැරූ ඇය තම සමාගමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් සමාගමට පැවරුවා.

නමුත් තවමත් ඇය එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් තවමත් සේවය කරනවා. සන්නාමකරණය සහ අලෙවිකරණය සේම නවීන විලාසිතා පිළිබඳ මනා දැනුමක් සහිත ඇයව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට ගොසින් යහපත් සමාජයීය වෙනසක් කරන්න ඇප කැපවන බව ඇය වත්මනේදී ක්‍රියාත්මක කරන වැඩසටහන්වලින් මනාව ඔප්පු වෙනවා. ඒ වගේම ඔටාරා නිතරම පාටත් එක්ක වැඩ කරන කෙනෙක්. මේ දවස්වල නම් ඇගේ ජීවිතය පාට කරන්නේ රෝස වර්ණයෙන්ලු....

"ජීවිතයේ පාට කාලෙන් කාලෙට වෙනස් වෙනවා.මේ දිනවල ජීවිතය වර්ණ ගැන්වෙන්නේ රෝස පාටින්.... ඒ පාට කරුණාව සහ ආදරය සමඟ සම්බන්ධ නිසා වෙන්න ඇති.

පුංචි කාලේ නම් මම උත්සාහ කළේ  විසේකාරියක් වෙන්න. ඒ දේ කරන්න මට ඕන වුණා. ඒ වගේම මට මතක කාලේ ඉඳන්ම මම ආසයි පරිසරයට සහ සත්ත්වයන්ට ආදරය කරන්න. ඒක නිසා තමයි මම ජීවවිද්‍යා අංශයෙන් උපාධියක් කළේ.....
 

ශ්‍රී 1990දී සේවකයන් දෙන්නෙක් යොදාගෙන හදන්න පටන් ගත්ත ඔඩෙල් කියන ව්‍යාපාරික දරුවා කල වයස ආවාට පස්සේ 2014දී සොෆ්ට්ලොජික් සමාගමට බන්දල දුන්නා. වෙලාව ආවම අපිට සමහර දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒක ලෙහෙසි තීරණයක් නෙවෙයි. මම වසරක පමණ කාලයක් හිමින් මේ තීරණය ගැන ගොඩක් කල්පනා කළා. මගේ අනාගත සතුට වෙනුවෙන් තමයි මේ තීරණය කැමැත්තෙන්ම ගත්තේ.

ඒක පිස්සු තීරණයක් කියලා කවුරුත් කිව්වේ නැහැ. මගෙත් එක්ක සමීපව ඉන්න සහ වැඩ කරන අය දන්නවා මම ගොඩක් හිතල බලලා තීරණ හරියට ගන්නවා කියලා. ඒක නිසා කවුරුත් මගේ තීරණය වෙනස් කරන්න උත්සාහ කළේ නැහැ..... මේක මම ගොඩක් විශ්ලේෂණය කරලා ගත්ත තීරණයක්.

දිගටම ව්‍යාපාර කරද්දි කොයිතරම් කළත් තවත් වැඩි වැඩියෙන් මුදල් හොයන්න ඕන. ව්‍යාපාරය දියුණු කරන්න ඕන කියන පීඩනය මට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට තියෙනවා. එහෙම නැතිව ව්‍යාපාර කරන්න බෑ. නමුත් ජීවිතයේ සැබෑ අර්ථය මුදල්වලින් ඔබ්බට ගිය එකක්. ඒ නිසා ව්‍යාපාර කටයුතුවලින් එහාට ගිහින් ජීවිතය අර්ථවත් කරන්න කටයුතු කරන්න ඕන.

බල්ලන්ගෙන් මිනිසුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ අය තුළ කුහකකම සහ ඊර්ෂ්‍යාව නැතිකම හොඳ පාඩමක්. ගොඩක් සමීක්‍ෂණවලින් පවා හෙළිවෙලා තියෙනවා බල්ලන් ඇති කිරීමෙන් සතුට සහ ජීවන රටාව වැඩි දියුණු වෙනවා කියලා. නමුත් සුරතල් සතුන් කූඩුවල දාන්නේ නැතුව පවුලේ කෙනෙක් වගේ ඔවුන්ට සලකන්න ඕන.

බලය, ආදරය සහ නිදහස කියන තුනම මට ඕන..... ආදරය කොහොමත් ජීවිතයට අවශ්‍ය දෙයක්. මම කියන්නේ සෑම සත්ත්වයෙක්ටම මනුෂ්‍යයෙක්ටම දක්වන ආදරය සහ කරුණාව ගැන. ඒ වගේම තරුණ කාලයේදී මා තුළ බලයට කැමැත්තක් තිබුණේ නැත්නම් අභියෝග හමුවේ මම අසරණ වෙන්න ඉඩ තිබුණා. ඒක නිසා බලය අවශ්‍යම වුණා. මට මතකයි එක වරක් ඩික්මන් පාරේ තිබුණ මගේ ඔඩෙල් සාප්පුව ගිනිගෙන විනාශ වුණා. ඒ වගේ වෙලාවක දුක්වෙලා හැමදේම අත්හරින්න ලෙහෙසියෙන් පුළුවන්. නමුත් බාධක හමුවේ නොසැලී ඉදිරියට යන්න තමන් තුළ බලයක් අවශ්‍යයි.
 

ඇත්තටම මගේ මවුපියන් ඒ අයට කැමැති දේ නෙවෙයි, මට කැමැති දේ කරන්න මට අවස්ථාව සහ නිදහස දුන්නා. ඒක ගොඩක් වටිනවා...

සේවකයින් දිරිගන්වන්න පඩිය ඉතා වැදගත් කියලා මම දන්නවා. නමුත් රැකියාව කැමැත්තෙන් සහ අභිමානයෙන් කරගෙන යන්න අවස්ථාව ඔවුන්ට ලබාදෙන්න ඕන. ඒ වගේම වැඩ කරන්න හිතෙන ආයතනික පරිසරයක් ගොඩනඟන්න ඕන.

එක එක්කෙනා කියන කතා මම අහන්නේ නෑ..... එහෙම කේලාම් අහන්න කාලය වෙන් කරන්න ගියොත් ව්‍යාපාර කරන්න වෙන්නේ නෑ..... ඒ අයට හිතෙන විදියට ඔඩෙල් එක දියුණු කරන්න අවශ්‍ය යෝජනා දෙන්න ඔඩෙල් එකේ වැඩ කරන අයට නිදහස තියෙනවා. ඒ වගේ ආයතනික සංස්කෘතියක් තියෙන නිසා අපේ සමාගමේ මෑතකාලීනව අභ්‍යන්තර දේශපාලන ගැටලු ඉතාම අඩුයි.

මම සහ ඔඩෙල් ව්‍යාපාරය අතර සමීප බැඳීමක් තිබුණත්, ඔඩෙල් කියන නාමය දැන් මනාව ස්ථාවර වෙලා තියෙන්නේ. මම සහ ඔඩෙල් කියන්නේ දෙන්නෙක්.

කාන්තාවන්ට එකවර ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒක ඔවුන්ගේ ශක්තියක්.... ඔවුන් බොහෝ විට තමන් පිළිබඳ අවතක්සේරුවක ඉන්නවා. එහෙම හිතන එක කාන්තාවන්ගේ දුර්වලතාවක්.

ඕනෑම කෙනෙක් හරි අවස්ථාවේදී හමුවීම වැදගත්. ඒ වගේම ගමන් මඟේදී අපිට හමුවෙන සහ ළංවෙන අයගෙන් පුද්ගලයන් කවුද කියලා වටහාගන්න පුළුවන් වෙන්නත් ඕන.

හරි පුද්ගලයන් හරි අවස්ථාවේ තමන්ට සමීප වෙන බව කලින් දැනගෙන ඔවුන් සමඟ එකතුවෙලා වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් ඔවුන් ජීවිතයෙන් මඟහැරෙන්න පුළුවන්....

කාලෙන් කාලෙට එක එක පොත් කියවනවා. විශේෂයෙන් චරිත කතා, ධනාත්මක චින්තන පොත් සහ විලාසිතා සම්බන්ධ දේවල් කියවනවා. ඉස්සර නම් රිචර්ඩ් බ්‍රැන්සන්, වොරන් බෆට් ගැන ලියැවුණ පොත් එහෙම කියෙව්වා.

ඇත්තටම මම වාසනාව විශ්වාස කරන්නේ නෑ...... ඉතා වැදගත් වෙන්නේ ධනාත්මකව සිතීම සහ ඒ අනුව වැඩ කිරීම. මම මේ තත්ත්වයට එද්දි ගොඩක් හිනා වුණා වගේම ගොඩක් රහසින් අඬපු අවස්ථා තියෙනවා.. දුකක් දැනුණු අවස්ථාවල අද නරකක් වුණත්, හෙට හොඳක් වෙයි කියලා මම හිතුවා. මට මේ අත්දැකීම් ලැබුණේ අනාගතයේ හොඳට කියලා හිතලා හිත ධෛර්යවත් කර ගත්තා.


කාලෙන් කාලෙට ජිවිතේට ළං වුණු බාධක හමුවේ මාව ධෛර්යවන්ත කළේ මමමයි. මම බෞද්ධ ආගමිකයෙක් වුණත් දෙවියෝ විශ්වාස කරනවා. දෙවියෝ කියන්නේ මෙහෙමයි, මට හිතෙනවා විශ්වයේ අපිට පෙනෙන්නේ නැති මොනවා හරි ලොකු බලයක් තියෙනවා කියලා. මම ඒ බලය විශ්වාස කරනවා. 

තවම මං ගැන මිනිස්සු හඳුනාගෙන නැති ගති ලක්‍ෂණ මගේ ළග තියෙනවා. ව්‍යාපාර කරනවාට වඩා ආදරය සහ කරුණාව ලබාදෙන්න මම ගොඩක් කැමැතියි.

ආයතනයේ වැඩ කරද්දි සමහර අවස්ථාවල මම ටිකක් සැර වෙනවා තමයි. නමුත් සැරවීම ප්‍රමාණයකට තියෙන්න ඕන. සේවකයන්ට නරක වචන කියලා.... ඔවුන්ගේ ආත්මාභිමානය නැති වෙන විදියට කෑ ගහලා බනින්න හොඳ නෑ..... ඒක තේරුමක් නෑ..... නමුත් සේවක සේවිකාවන්ගේ වැරැදි අඩුපාඩුකම් පෙන්වන්න ඕන..... මට තරහා යන එක ගොඩක් අඩුයි. නමුත් තරහා යන්නේ නෑ කියන්නත් බෑ......

මම පාසල් කාලේ ගොඩක් ක්‍රීඩා කළා. පිහිනුම්, උස පැනීම, දිවීම වගේ ගොඩක් ක්‍රීඩා කළා. එම ක්‍රීඩා කළ නිසා මම නිතරම පළමුවැනියා වෙන්න උත්සාහ කළා. ක්‍රීඩා කරද්දි කවුරුත් නිතරම උත්සාහ කරන්නේ පළමුවැනියා වෙන්න. පළමුවැනියා වෙන්න ඕන කියන හැඟීම සහ ධෛර්යය ආවේ ක්‍රීඩාවට සම්බන්ධ වීම නිසා.

ඇත්තටම මට සමාජ සත්කාරක පැත්තකට යොමුවෙන්න පෙළඹවීමක් ඇතිවුණේ බි්‍රජට් බාර්ඩෝගෙන්.

ඇය ජනප්‍රිය නිළියක්. මම මාස හයකට විතර කලින් පැරීසියේ පිහිටි ඇයගේ කාර්යාලයට ගියා. ඇය අසනීපයෙන් හිටිය නිසා මුණගැසුණේ නෑ..... නමුත් ඇය සත්ත්වයන් වෙනුවෙන්, ස්වභාවධර්මය වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස දැක්කම මටත් හිතුණා අපිට මේ ලෝකයට තව කොයිතරම් වැඩ කරන්න පුළුවන්ද? කියලා.

මම වඩාත් විශ්වාස කරන්නේ මොළයට වඩා හදවත කියන කියන දේවල්. බොහෝ වේලාවන්හිදී හදවත සහ මොළය එකම අවස්ථාවේ දේවල් දෙකක් කියනවා.... එහෙම හදවත කියන දේ කරලා ප්‍රායෝගිකව බිස්නස් කරන්න ඇත්තටම පුළුවන්. හදවත නැතුවත් ගොඩක් තීරණ ගන්න පුළුවන්. නමුත්, ඉතා වැදගත් වෙන්නේ හදවත සහ මොළය කියන දෙක අතර සමබරතාවක් තියාගන්න එක. එතකොට ජීවිතය සාර්ථක වෙනවා...."




Lanka e Gossip News


 

Monday, October 27, 2014

නයිට් ක්ලබ් ඇතුළේ විකිණෙන ගෙශාවන්




දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ පමණක් නොව සංචාරකයින්ගේ පවා නෙත ගැටුණු, අතීතයේ පටන් පුජා නගරය ගැන ලියැවුණු ඉතිහාස කතාවන්ට දැන් තවත් අලුතෙන් යමක් එකතු කළ යුතුව තිබේ. අටමස්‌ථාන වැඳ පුදාගැනීමට අනුරාධපුරයට යන බැතිමතුන්ට පහස නිවා ගන්නට දෝ දැන් අනුරපුර නගරයේ කඩපනහ ප්‍රදේශයේ 'නයිට්‌ ක්‌ලබ්' නොහොත් රාත්‍රී සමාජ ශාලාවක් විවෘත්තව තිබේ. අනුරපුරට තවමත් 'නයිට්‌ ක්‌ලබ්' අලුත් ය. 'අටමස්‌ථාන' වැඳ පුදා ගන්නට පැමිණි තරුණයින් පිරිසකට, ත්‍රිවිල් රියැදුරෙකු මාර්ගයෙන් මෙම සමාජ ශාලාව ගැන දැනගන්නට ලැබී ඇත. ඒ අනුව අට මස්තාන වන්දනාමාන කිරීම පසෙක තබා ඔවුන් පිරිස මේ නුහුරු අත්දැකීම විඳගැනීමේ අදහසින් රාත්‍රී සමාජ ශාලාව වෙත ගොස් තිබෙන අතර, එතැන් පටන් ඔවුන් මුහුණ පෑ සිදුවීම් අප මෙසේ දිගහැරින්නම්.

"කොළඹ සමාජශාලාවක්‌ ඉදිරිපිට නම් මැදියම් රාත්‍රිය වන විටත් වාහන පිරී තිබුණු නමුත්, මේ සමාජශාලාව අසල වාහන නතර වී තිබුණේ තුන හතරක්‌ පමණි. නානාප්‍රකාර විසිතුරු ගහකොළවලින් හැඩ වී තිබුණ ඒ හෝටල් භූමිය හරිම ලස්‌සනයි.

"ආයුබෝවන්..." යුරෝපීය ඇඳුමින් සැරසී සිටි මැදිවියේ පුද්ගලයකු අතිශය සුහදශීලීව අපව පිළිගත්තේ ය...

'ටිකට්‌ එකක්‌ කීයද...' මම ඔහුගෙන් විමසුවෙමි.

'රුපියල් පනසියයි...' සිනාවකින් මුව සරසාගෙන ඔහු උත්තර දුන්නේය. රුපියල් එක්‌දහස්‌ පන්සියක්‌ දී ටිකට්‌ තුනක්‌ ලබාගෙන පසෙක තිබුණු දොරටුවෙන් අපි ඇතුළු වුණෙමු. එතැනත් පුංචි කාමරයකි. හැඩි දැඩි තරුණයකු අපගේ සියොළඟම අතගෑවේය. ඒ පරීක්‍ෂණයෙන් ද අපි සමත් වීමු. කොළඹ සමාජශාලාවකට ඇතුළු වන විටද මේ පරීක්‍ෂණ තිබේ. එහෙත් මේ තරම් සුහදශීලී නැත. එමෙන්ම කොළඹ සමාජශාලාවල මෙන් රෞද්‍ර පෙනුමැති සිනාව ගිලගත් යෝධ පැටවු මෙතැන නැත. අනතුරුව අපගේ සියොළඟ අත පත ගෑ තරුණයා විසින්ම තව දොරක්‌ විවෘත කළේය. ඒ සමග අප වෙතට ගලා ආවේ කන් පැළෙන බටහිර වේග රිද්ම සංගීත රාවයකි.

අඳුර ගලන ශාලාව තුළ නියොන් එළි, විදුලි කදම්බ නළියයි. ශාලාව මැද වේදිකාව තුළ තරුණ තරුණියෝ නටති... සිප වැළඳ ගනිති... එකම ප්‍රීති සාදයකි. අපේ දෙනෙත් ශාලාව පුරා දිව යයි. එතරම් විශාල නැති ශාලාව තුළ ළඟ ළඟ සැප සෝපාවන්ය. එහෙත් හිස්‌ සෝපාවක්‌ සොයාගැනීමට නොහැකි තරම්ය. මත් බඹරුන්ට තුරුලු වූ අඩ නිරුවත් තරුණියෝ කති බොති ප්‍රීති වෙති.

පෙම් ගඟුළේ කිමිදෙති. ඇතැම් තරුණියන් තරුණයන්ගේ කර උඩය. අපි ශාලාව පුරා වටයක්‌ ගියෙමු. එහෙත් අසුන් ගැනීමට අසුනක්‌ නැත. අපි එක තැනක සිටියදී දෙනෙත් අසුනක්‌ සොයා ගියේය. එහෙත් දෙනෙත් නතර වන්නේ උඩටත් නැති පහළටත් නැති මිනි ගවුම් ඇඳ ගත් කාන්තාවෝ සේම කෙටි කලිසම්වලින් සහ කෙටි ටීෂර්ට්‌වලින් හැඩ වුණු කාන්තාවන්ගේ අනඟ රැගුම් අතරය.

සැබැවින්ම ඒ නර්තනයක්‌ නම් නොවේ බඹන මතින් ගැහැනු නිරුවත පෙන්වමින් තඩි ඇඟ සෙලවීමක්‌ පමණි. ඒ අතරතුරේ ශාලාවේ කොනක අසුනක්‌ හිස්‌ව ඇති බව පෙනිණි. නොපමාව අපි ඒ අසුනට බර තැබුවෙමු. ඒ සමගම වට පිට ඇවිදින මගේ ඇස්‌ එක පාරටම උඩ ගියේය.

අප අසුන්ගෙන සිටින සෝපාවට ඉදිරිපස සෝපාව මත වැතිරි සිටින කොට කලිසම් ඇඳ ගත් තරුණ කොල්ලෙකු තඩිම තඩි මහත ගැහැණියකට යටවී සිටියි. තරුණයාගේ ශරීරයෙන් පෙනෙන්නට තිබෙන්නේ කකුල් දෙක පමණි. ඉතිරිය සියල්ල ගැහැණියගේ එල්ලන මසට වැසී ගොස්‌ය. එම සමාජ ශාලාවේ සිටින කාන්තාවන්ගේ බහුතරය මහතය. හීන්දැරි තරුණියන් සිටියේ අතේ අඟිලි ගාණටත් අඩු තරම්ය. කෝලම් මඩුවේ අතරමංව සිටින අප අසලට ද තරුණියන් දෙදෙනකු පැමිණියහ.

' දැන්ද ආවේ...' එසේ අසමින් එක්‌ තරුණියක්‌ අප අසලින් අසුන් ගත්තාය.

'දැන් ටිකක්‌ වෙලා... මට ඔයාව දැකලා පුරුදුයි...' මම ඇයට කීවෙමි.

'කොළඹදි වෙන්න ඇති... මම ඉස්‌සර වැඩ කළේ කොල්ලුපිටියේ ක්‌ලබ් එකක... මෙහෙට සෙට්‌ වුණෙ ළඟදි...' ඇය එසේ කීවාය.

ඇයි කොළඹින් මෙහෙට ආවේ... මෙහේ ගෙවීම් හොඳද... මම එකපිට ප්‍රශ්න දෙකක්‌ම යොමු කළෙමි.

'එහෙම වෙනසක්‌ නෑ. මෙහෙ ටාගට්‌ එකත් වැඩියි... ඒත් කොළඹට වඩා ගමේ ජීවත් වෙන්න ලේසියි. අපිත් ගමේ අයනේ...' ඇය කිසිම පැකිලීමකින් තොරව පිළිතුරු දෙන්නීය.

'මේ ක්‌ලබ් එකට ආපු අලුත් කෙල්ලෝ නැද්ද..?' මම නැවත ඇසුවෙමි.

'ඇයි අපි හොඳ නැද්ද...?' ඇය තරමක්‌ නොරිස්‌සුම් ගති පෙන්නුවාය.

'නෑ... නෑ... ඔයා හොඳයි. මම නිකමට ඇහුවේ...' මම ප්‍රශ්නය දියාරු කළෙමි.

'ගොඩක්‌ම ඉන්නේ කොළඹ ක්‌ලබ්වල වැඩ කරපු අය. අලුතින් ආපු කිහිප දෙනකුත් ඉන්නවා. කොළඹ ක්‌ලබ්වල වැඩ කරන හැම කෙල්ලක්‌ම ගමේ අය නේ... ගමේ අය ගමට කැමතියි. ඒකයි අපි මෙතැනට ආවේ...'

'මෙහේ හොඳද...?' මම ඇයට නොදැනෙන්නට ප්‍රශ්න පත්තරය එකිනෙක පෙරලු වෙමි.

'වරදක්‌ නෑ... ඒත් ටාගට්‌ එක ලක්‍ෂ දෙකක්‌ වැඩියි. කොළඹ ක්‌ලබ්වල ටාගට්‌ එක රුපියල් ලක්‍ෂයයි. සමහර ක්‌ලබ්වල ටාගට්‌ ඇත්තේම නෑ....... දැනට මෙහෙට කස්‌ටමර් හොඳට එන නිසා අවුලක්‌ නෑ...' ඇය වරෙක ගිරවියක්‌ වැනිය.

'අපිට නිකං මෙහෙම කතා කර කර ඉන්න බෑ..... අපි මෙතැන ඉන්න නම් මේ ටෙබල් එක උඩ මොනවහරි තියෙන්න ඕනා... මොනවද බොන්නේ..?'ඇය තොණ්‌ඩුව අප වෙතට දිගු කළාය.

'මොනවද බොන්න තියෙන්නෙ..?' මම ඇයගෙන් ඇසුවෙමි.

'ඔයා ඉල්ලන්න ඕනෑම දෙයක්‌ අපි දෙනවා...' සිනා රැල්ලක්‌ මුවට ළං කරගෙන ඇය එසේ කීවාය. ඒ සමග ඇය මත්පැන් වර්ග කිහිපයකම මිල ගණන් කියාගෙන ගියාය. ඒ සෑම මත්පැන් වර්ගයක මිල කොළඹ නයිට්‌ ක්‌ලබ්වල මිල ගණන්වලට වඩා විශාල ලෙස වැඩිය.

එක්‌ විදේශීය මත්පැන් බෝතලයක්‌ රුපියල් දහසයදහසකි. අනෙකුත් මත්පැන් බෝතල්ද රුපියල් දසදහසෙන් ඉහළටය. ඩ්‍රෑම් සියයක්‌ රුපියල් එක්‌දහස්‌ හාරසීයේ සිට එක්‌දහස්‌ අටසීය දක්‌වා ඉහළට යන්නේය. කුකුළු මස්‌ දීසියක්‌ රුපියල් එක්‌දහස්‌ පන්සියකි. බියර් බෝතලයක්‌ රුපියල් හත්සියකි. ශක්‌තිජනක පාන ටින් එකක්‌ රුපියල් අටසියකි. බීම, අයිස්‌ක්‍රීම් වර්ග ද අධික මිලය. මෙම ක්‌ලබ් එකේ විකිණෙන සෑම දේකම මිල කොළඹ නයිට්‌ ක්‌ලබ්වලට වඩා මිලය.

'පට්‌ට ගණන්...' මත්පැන්වල මිල ගණන් ඇසෙන විට මට එසේ කියවිනි.

'මුලින්ම අපි ඩ්‍රෑම් සියෙ දෙකක්‌ ගමු...' ඇය තොණ්‌ඩුව ටික ටික සිර කරන්නට සැරසෙයි.

'හරි ඔහොම ඉන්නකෝ... අපි යනකොට ඔයාට වැඩිපුර කීයක්‌ හරී දීලා යන්නම්...' ඇයට තොණ්‌ඩුව හිර කිරීමට මම ඉඩ නොදෙමි.

'කොහොමද සයිස්‌ එක...' මම ඇයට මහත කාන්තාවක්‌ පෙන්වමින් සිනාසුනේය.

'මෙතනට විවිධ අය එනවානේ... සමහර අය මහත අය හොයනවා... තව අය කෙට්‌ටු උස අය හොයනවා... තව සමහරු ටිකක්‌ වයස අය හොයනවා... ඒ සේරටම ගැලපෙන අය මෙතැන ඉන්නවා... කොළඹ ක්‌ලබ්වල වගෙ නෙමෙයි මෙහෙට එන තරුණ කොල්ලෝ හොයන්නේම මහත අයව...' ඇය අපේ කතාවට අලුත් මාතෘකාවක්‌ එකතු කළාය.

'එහෙනම් අනුරාධපුර කොල්ලෝ වැඩියෙන්ම කැමති මහත අයට...'

'ඔව් එහෙම තමයි... කෝ ඉතිං ඔයාලා තවම මොනවත් ගත්තේ නෑනේ... එහෙම නෙමෙයි මෙහෙට එන කස්‌ටමර්ලා හොඳට වියදම් කරනවා. අපිටත් හොඳට සලකනවා. එහෙම සලකනකොට අපිත් කස්‌ටමර්ට දෙන්න තියෙන හැම දේම දෙනවා...' ඇය ඇත්ත ඇති සැටියෙන්ම කියන්නීය.

බඹරුන් මෙන් ශාලාව තුළ එහෙට මෙහෙට දුවන පනින නටන හැම තරුණයෙක්‌ම වැඩි වයසක්‌ නැති ගානය. බොහෝ තරුණයෝ හැඳ සිටින්නේ ද කොටකලිසම්ය. ඔවුන්ගේ හැසිරීම රටාවද කියා පාන්නේ ඔවුන් තවමත් නයිට්‌ ක්‌ලබ්වලට කෝඩුකාර බවය. මහත ගසක එතුණු වැල් මෙන් ඇතැම් පුංචි කොල්ලෝ ගෑනුන්ගේ ඇඟ වේලී සිටින්නාහ.

'ඩ්‍රෑම් සියේ දෙකක්‌ ගේන්නද...?' ඇය නැවත පරණ තැටියම දැම්මාය.

'වැඩියෙන්ම ඉන්නේ තරුණ කොල්ලෝ නේද...?' ඇය කියන දේ නොඇසූ ගාණට මම ප්‍රශ්න කළෙමි.

'ඔව්... ඔව්... පොඩි කොල්ලෝ තමයි... ඔයලා වගේ ලතවෙන්නේ නෑ... හොඳට වියදම් කරනවා. කොළඹ අය කට්‌ටයෝ... රුපියලක්‌ වියදම් කරලා දහදහක විතර ආතල් ඉල්ලනවා... එකයි අපි ගමට ආවේ... ගමේ මිනිස්‌සු අවංකයි... අපෙන් ගන්න දේට වඩා දෙගුණයක්‌ අපට දෙනවා. වක්‌කඩේ කැඩුණ වගේ...." ඇය එක දිගට කියාගෙන ගියාය. එනපොට හොඳ නැත. දැන් නම් මොනව හරි ගන්නම වෙන හැඩය.

'අපි මුලින්ම බියර් බොමු...' ඇයගෙන් තවත් බොහෝ දේ දැනගැනීමට ඇවැසිය. එහෙයින් අප ඇයව රඳවාගත යුතුය.

'මම නම් බියර් බොන්නේ නෑ. විස්‌කි විතරයි. ඔයා බියර් බොන්න මට විස්‌කි ඩ්‍රෑම් සියයක්‌ අරන් දෙන්න...' තත්ත්වය දරුණුය. වියදම වැඩිය.

'ඔයාට යනකොට හොඳට ගෙවන්නම්...' මම ද ඇයට ලොසින්ජරයක්‌ දුන්නෙමි.

'බොරු කියලා පැනලා යන්නේ එහෙම නෑනේ......' ඇය ඒ යෝජනාවට කැමති විය.

'මෙතනට එන්නේ අනුරාධපුරේ හොඳ සල්ලිකාරයන්ගේ පුත්තු වෙන්න ඇති...' මම නැවත ප්‍රශ්න පත්තරය දිගහැරුවෙමි.

'අනුරාධපුරේ විතරක්‌ නෙමෙයි කැකිරාව දඹුල්ල, පොළොන්නරුවේ ගම්වල අයත් මෙතැනට එනවා. මේ පැතිවල මිනිස්‌සුන්ට මෙතන අලුත්. ඒ නිසා ඒ අයත් එක්‌ක අපිට ගනුදෙනු කරන්න ලේසීයි. ඔයලා වගේ තැම්බිලා නෑ...' ඇය මොත්තේ පාරකින් මගේ අත්ල තැලුවාය.

'වන්දනාවේ එන අය එන්නේ නැද්ද...?' මම නැවත පෙරළා ප්‍රශ්නය දැම්මේය.

'ඔයා මේ ක්‌ලබ් එකේ චරිත සහතිකය ලියන්නද හදන්නේ...? වෙන මොනවත් නැද්ද කතා කරන්න...?' ඇය නැවතත් නොරිස්‌සුම් හඬින් කතා කළාය.

'වන්දනාවේ එන්නේ ඔයලා වගෙ අයනේ... ඒ අයට මේ ආතල් එක කොළඹ දී උනත් ගන්න පුළුවන්නේ... වන්දනාවේ එන අය වැඩිය එන්නේ නෑ...... අනිත් එක මේ ක්‌ලබ් එක ගැන තවම හරියට මිනිස්‌සු දන්නේ නෑ... ක්‌ලබ් එක පටන් අරගෙනත් තවම අවුරුද්දක්‌වත් නෑනේ...' ඇය මායම්කාරියක්‌ වුවත් ඇත්ත කතා කරන්නීය.

'කොළඹ ක්‌ලබ්වල නිතර නිතර ගහ මරා ගන්නවා... මෙහේ එහෙම රණ්‌ඩු කරන අය නැද්ද...?' මගේ ප්‍රශ්න පත්තරය ඉවරයක්‌ නැත.

'රණ්‌ඩු කරලා මෙහෙන් යන්න බෑ..... අනිත් එක අපේ බොස්‌ව දන්න කෙනෙක්‌ රණ්‌ඩු කරන්නෙත් නෑ...... මම ආපු දවසෙ ඉඳල මෙතැන කවුරුවත් රන්ඩු කරන්න හදලා නෑ...' ඇය මුහුණට නිර්භීතකම ආරුඪ කර ගත්තාය.

'ඒ කියන්නේ ඔයාලගේ බොස්‌ අනුරාධපුරේ චණ්‌ඩියෙක්‌...?'

'වෙන්න ඇති... ගොඩක්‌ අය අඳුරනවා...' ඇය ඔවුන්ගේ බොස්‌ගෙ නම මට කීවාය. එහෙත් මේ සටහනට පෞද්ගලික නාම ඇවැසි නැත. දැනගත යුතු සියල්ල ඇයගේ මුවින්ම ලබාගෙන අවසානය...."

දවස පුරා හේන් කොටපු මිනිස්‌සු වෙහෙස මහන්සිය නිවාගන්නට රාත්‍රියට නයිට්‌ ක්‌ලබ් එති. 'අනේ අපෙනුත් මල් ගන්න කෝ...' කියා උදේ ඉඳන් හවස වනතුරු පූජා භූමියේ මල් විකුණන මල් කොල්ලො රාත්‍රියට මල් සල්ලි නයිට්‌ ක්‌ලබ් එකට පූජා කරති. මේවා දකින අපට ආතල් එකටත් එහා ගිය අමුතුම කිතියකින් ඇඟ හිරි වැටී යන්නේය.

එහෙත් නයිට්‌ ක්‌ලබ් ලෝකයට අලුත් දෙයක්‌ නොවේ. අපේ රටටද අරුමයක්‌ නොවේ. කොළඹ හතු පිපෙන තරමට නයිට්‌ ක්‌ලබ් තියෙන්නේය. මිනිස්‌සුන්ට විසි කරන්නට මුදල් ඇත්නම් 'නයිට්‌ ක්‌ලබ්' නොව ඊට එහා තැනකට ගියද ගැටලුවක්‌ නැත.

එහෙත් ගැටලුව ඇත්තේ සිරිමා බෝ සමිඳු වැඩ සිටින අනුරාධපුරය වැනි පූජනීය නගරයක නයිට්‌ ක්‌ලබ් එකක්‌ ආරම්භ කිරීම කොතරම් සාධාරණද? යන්න අපට අසන්නට ඇත්තේ කාගෙන්ද? යන්නයි. ඒ ටිකත් අපට කියන්නට සිටින්නේ මේ සමාජ ශාලා බිම ආසන්නයේම වැඩහිඳිනා සිරිමා බෝ සමිඳුට පමණයි.

-Tharanga Rathnavira & Dinesh Vithana-

Thursday, October 23, 2014

දරුවෙක් හදන්න පරක්කුව තිබ්බේ මට විතරයි (නදිනි ප්‍රේමදාස)





මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි මධුර සුපර් ස්ටාර් තරු අතුරින් බිහි වූ ඇය තාරුණ්‍යයේ ආකර්ශනයට නතු වූයේ හඬ පමණක් නිසාම නොවේ. ස්වරූපයෙන් ද සුන්දර වූ නිසා ය. ඒ මේ වනවිට මුළු ලංකාවම හදුණන "නදිනි පේ‍්‍රමදාස" ය. හොඳ නාදයක්, හොඳ හඬක් යන තේරුම ඇතිව ඇයට ‘‘නදිනි’’ යන ඒ නම තබා ඇත්තේ ඇයගේ නැන්දා විසිනි. නැන්දා යෙදු නම අරුත්බර කළඇය "සපු කුසුමේ.... සුවඳ කවා.... රකිමි ඔබේ සුසුම පවා.... දෙතොල කරා කොපුල දිගේ....." යන ගීතයෙන් රසිකයන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වුවා ය. එලෙසින් මිමුනු ඇය දැන් ආදරණීය බිරිඳක් මෙන්ම මවකි. සැමියා සමග මෙන්ම දරුවා සමග කලා කටයුතුත් සමගින් ගෙවන ජිවිතයේ සොදුරු බව පිළිබදව නදිණි පැවසුවේ මෙලෙසින්. 
 
"දැන් මම අම්ම කෙනෙක්...ගොඩාක් සුන්දරව කාලය ගතවෙනවා. බබාට දැන් මාස 08යි. දැන් මම මගේ සංගීත කටයුතුවලටත් දායක වෙනවා. ඒත් වැඩිපුරම කාලය ගෙවෙන්නෙ පුතා එක්කයි. පුතාගේ නම "ආර්යයන් යතීෂ් අබේසිංහ". දැන් මම විවාහ වෙලා අවුරුදු තුනහමාරක් වෙනවා. මධුර එයාගෙ වැඩ රාජකාරි එක්ක කාර්යබහුල වුණත්, අපේ සාමාන්‍ය ජීවිතයට ඒ කිසිවක් පටලවා ගෙන නැහැ..... ඉතාම සුන්දරව ජීවිතය ගෙවෙනවා. හරිම සතුටුයි.
විවාහ වෙලා ඉක්මනින්ම දරුවෙක් හදන්න මගේ අකමැත්තක් තිබුණෙ නැහැ...... විවාහවෙලා වසර දෙකහමාරක් විතර හිටියෙත් උපාධියෙ වැඩ ඉවර වෙනකල්. 23 දී විවාහ වුණා. තුන්වැනි සංවත්සරය සමරන විට මවක් වෙලා. ඉතින් සංගීත ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ හැම දෙයක්මත් සමබරව සිද්ධ වෙන්න  ඕනෑ..... එවිට ආපස්සට හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවනි.

ඇත්තම කිව්වොත් බබා ලැබෙන්න හිටිය දී මම කිලෝ 22 කින් බර වැඩි වුණා. හිටියට වඩා තෙගුණයකින් මහත් වුණා කිව්වොත් හරි. ඊට පස්සෙ හිටියා වගේම නැවත නම්‍යශීලී සිරුරක් හදාගන්න මම පුදුමාකාර විදියට කැපවුණා.

අනවශ්‍ය කෑම සියල්ල නැවැත්තුවා. සීනි සහ තෙල් සහිත කෑම සම්පූර්ණයෙන්ම වාගේ නැවැත්තුවා. කන්න ආස වුණත් නොකා හිටියා. පුදුමාකාර විදියට ව්‍යායාම්වල යෙදුණා. ආසම කළ පැණි රස කැවිලි පවා කෑවෙ නැහැ..... දැන් ඉස්සර හිටිය නදිනිම තමයි මේ..... බබා ලැබෙන්න සිටිය දී මගේ තරබාරුකම නිසා සමහරු මාව අඳුරගන්න නැතුවත් ඇති.
 
ජීවිතය සුන්දර වගේම විටෙක අසුන්දර දේවල්වලටත් මුහුණදෙන්න සිද්ධ වෙනවා. මොන දේ වුණත් ජීවිතයට මුහුණ දෙන්න  ඕනෑ..... ඒ එන සියල්ලට සතුටින් මුහුණදීම තමයි වැදගත්. ඇත්තටම මධුර හොඳ තේරුමක් ඇති සැමියෙක්. මගේ සෑම දෙයකටම එයාගෙ උපරිම දායකත්වය ලබා දෙනවා.

රාත‍්‍රි ප‍්‍රසංගයක් තිබුණත් මා එක්ක ඇවිත් පාන්දර නිදාගෙන ආපහු රාජකාරිවලටත් යනවා. ජීවිතේ වෙහෙස ගැන හිතන්නේ නැහැ..... සත්තකින්ම මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි ‘‘මධුර’’ තෝරා ගැනීම.

පසුගිය දිනවල ‘‘දිලිසෙන දෙනෙත ඔබේ....’’ ගීතය නිසා මම ගැන වැඩි කතා බහට ලක් වුණා. මේ ගීතය හැමෝටම රස විඳිය හැකි ආදරණීය ගීතයක්. ඒක ගොඩාක් ජනප‍්‍රිය වුණා. හැමෝටම දැනිච්ච සහ දැනෙන ආදරයක් ඒ තුළ තියෙන්න ඇති..

තව අලූත් ගීතයක් මේ දිනවල නිර්මාණය වෙනවා. අවුරුද්දකට විතර පසුව තමයි මේ විදියට අලූත් ගීතයක් නිර්මාණය වෙන්නෙ. තව මාස එකහමාරක දී එය එළිදැක් වේවි.

මම හිතන්නෙ මම කරළියට ආවේ ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය වෙච්ච තරගාවලියෙන්. එනම් දෙවැනි සුපර් ස්ටාර් රියැලිටි අදියරෙන්. පසුව තවත් තරගවලින් තරු බිහි වුණත්, එදා ඒ දෙවැනි රියැලිටි එකෙන් ආපු බොහෝ දෙනෙක් දුරගමනක් යමින් සිටිනවා.

ඒ වගේම ලංකාවේ මෙතෙක් පැවැත් වූ රියැලිටි තරගවලින් බිහි වූ හොඳම ගායන ශිල්පින් ලෙස මම දකින්නේ සුරේන්ද්‍ර සහ සංඛ දිනෙත්. ඔවුන් වඩා දක්‍ෂ ගායකයින් බව පෙනෙනවා. ඔවුන් සුවිශේෂී හඬක් ඇති දෙදෙනෙක්....."






Sunday, October 19, 2014

මුන්ගේ කාමුක ආශාවල් නිසා ඇසිඩ් පාරෙන් කෙල්ල පිච්චුණා

asid+atack+girls+at+srilanka
කොළඹ සිට බටහිර වෙරළ තීරය ඔස්‌සේ වයඹ දෙසට යන විට සැතැපුම් විසිපහක පමණ දුරකදී හමුවන්නේ සුන්දර මීගමුව නගරයයි.

සැබවින්ම මීගමුව පාරිසරික පිහිටීම අතින් නම් පිටතින් බලන සෑම අයෙකුටම මීගමුව මෙන්ම එහි වෙරළ ද සුන්දර දසුන් මවයි. මේ කියන්නට යන කතාවේ පැති දෙකක්‌ නැත. එහෙත් මීගමුවේ ඇති එකී සොඳුරු බවට අද දවසේ කුමක්‌

චිලි පේස්ට් කන ඔබට පිළිකා අවදානමක්

577
දිවයින පුරා ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කරනු ලබන ෆ්‍රයිඩ් රයිස් සමඟ ලබාදෙන චිලි පේස්ට් නමැති ද්‍රව්‍ය දෙවරක් හෝ තුන්වරක් භාවිත කරන ලද පොල් තෙල්වලින් සාදනු ලබන බව හෙළිදරව් වී තිබෙනවා. මෙසේ දෙවරක් හෝ තුන් වරක් භාවිත කරනු ලබන තෙල්වලින් ආහාර සකසන විට එහි රසයද ඉහළ බැවින් එම නිසා ආහාර අලෙවි කර ගැනීම වැඩිකර ගැනීමට

Saturday, October 18, 2014

කොල්ලුපිටියේ ජුලියානා හෝටලයේ සම්භාහන මධ්‍යස්ථානය නැවතත් වැඩ පටන් ගනී


phong+massage

කොළඹ කොල්ලුපිටියේ ජූලියානා හෝටලයේ තුන්වැනි මහලේ J SPA නමින් තායි සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන සුපිරි සම්බාහන සහ ගණිකා නිවාසයක් පානදුර වලාන විශේෂ ඒකකය විසින් ​පසුගියදා වටලනු ලැබීය.​

මෙම වැටලීමෙන් අනතුරුව එම සම්භාහන ආයතනයට පැමිණි වී.අයි.පී පුද්ගලයන් සම්බන්ධවද පොලිසිය පරීක්ෂණ කොට තිබුණි. මෙහි කළමනාකරු කලක් සඟවා සිටියද පසුව ඔහු ඇප මත මුදාහැර තිබුණි.


සේවාව ලබාගැනීම සඳහා එක් ගණදෙනුකරුවෙකුගෙන් රුපියල් 5000 සිට මුදල් අයකොට තිබුනත් එම තායි කාන්තාවන් සඳහා මාසයක් සඳහා වැටුප ලෙස ලබාදී තිබුනේ රුපියල් 4500 කි.

අප​ වෙත වාර්තාවන පරිදි මෙම සම්භාහන ආයතනය නැවතත් ආරම්භ කොට ඇති අතර පෙර පවතී ගණන් වලටම සම්භාහනය ලබාදෙන බව වාර්තා වේ. මෙවර එහි ඇති විශේෂත්වය වන්නේ සම්භාහන කාමරයේ දොර විවරව පැවතීම පමණි. ​

Friday, October 17, 2014

ODEL විකුනුන්න හේතු වූ ප්‍රශ්නය !



ඔඩෙල් ව්‍යාපාරය සමූහය ඔටාරා ගුණවර්ධන විසින් පසුගියදා සොෆ්ට්ලොජික් සමාගම වෙත විකුණා දැමීම පිලිබඳ පසුගිය කාලය පුරාවට කතාබහට ලක්වුණි. 





මෙහිදී ඔටාරා සිය තීන්දුව පිලිබඳ

ඉබෝලා ලංකාවටත් ?


ebola-virus ලන්කාවතත් එයිද

මාරාන්තික ඉබෝලා වෛරසයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට තර්ජනයක් නැති බවත්, එහෙත් විදේශගතව සිට පැමිණි අයෙකු තමන්ට දින 21 ක් තුළ උණ රෝගය වැලඳුණහොත් වහාම දන්වන ලෙසත් වසංගත රෝග විද්‍යා අංශය​ ​විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකොට තිබුණි.

Etisalat හා Airtel ලංකාවේදී එකතුවෙන ලකුණු


etisalat-airtel-logo

ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම හා එක්සත් අරාබ් එමීර් හි ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලය වන එටිසලාර්ට් (Etisalat) ස්වකිය ශ්‍රී ලංකා ​මෙහෙයුම් තවත් සමාගමක් සමග ඒකාබද්ධ කිරීමේ උත්සාහයක නිරතවන බව මැදපෙරදිග පුවත් සේවයන් වාර්තාකොට තිබේ.

දැනට ලංකාවේ පවතින දුරකථන ජාල තරඟය අනුව මිල මගින් තරඟ කළ නොහැකි අතර ලබාදෙන සේවාව මගින් පමණක් තරඟ කිරීමට පරිසරය සැකසී ඇත.