Sunday, October 26, 2014

ඇස් රෝග තත්වයන් හඳුනාගන්න


ඇස් ලෙඩ

මිනිස් සිරුරේ වටිනාම ඉන්ද්‍රියන් අතුරින් ඇසට හිමිවන්නේ සූවිශේෂ ස්ථානයක්. එසේ පැවසීමෙන් ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන් දෙවැනි තැනකට ලා සැළකිය යූතුය යන්න මින් නොකියවේ.
ඇසට ඇතිවන ඕනෑම රෝග තත්ත්වයක් ඇස් රෝගයක් ලෙස සැළකීමට අපි පූරුදුව සිටිමූ. ඒ අනූව ඇසේ සූද ඇතිවීම, ඇස් රතුවීම ආදිය සිදුවූ විට අප එය ඇස් රෝග ලෙස හඳුන්වන්නෙමූ.ඒ කෙසේ වූවත් කාලයෙන් කාලයට ව්‍යාප්ත වන ඇස් ගාය එසේ නොමැතිනම් ඇස් රතු වී එහි වේදනාවක් සහිතව කබ කඳුළු ගලන තත්ත්වය බෝවන රෝග තත්ත්වයකි. බොහෝ විට බෝවන ඇස් රෝග බැක්ටීරියා, වෛරස් වැනි විෂබීජ හේතු කොට ගෙන ඇතිවේ. පවූලේ සාමාජිකයකුට "ඇස් ගාය" ලෙස අප හඳුන්වන රෝග තත්ත්වය ඇතිවිට පවූලේ අනිකුත් සාමාජිකයන් අතර ඉතා සීග්‍රයෙන් රෝගය පැතිර යාමට හැකිය.

ඇස් රතුවීම, වෙනත් රෝග තත්ත්වයන් නිසා ද සිදුවිය හැක. ඒහෙයින් ඔබට හෝ ඔබ පවූලේ සාමාජිකයන්ගේ ඇස් රතුවීමක් දින දෙක තුනකට වඩා ඇත්නම් අක්ෂි රෝග වෛද්‍යවරයෙකුට පෙන්වා නිසි ප්‍රතිකාර හා ඖෂධ ලබා ගැනීම වඩා වැදගත්ය.

ඇසේ සූද ඇතිවීම මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ඇස කැමරා කාචයක් බඳුය. ඇසේ විනිවිද පෙනෙන තත්ත්වයට බාධා කරමින් පාරන්ද දෘෂ්ටිය ඇති වූනාම අප එය ඇසට සූද ඇතිවී ඇතැයි හඳුන්වනවා.

බොහෝ විට මම තත්ත්වය කෙනෙකුගේ ඕනෑම වයසකදී ඇතිවීමට පූළුවන් රෝගී තත්ත්වයකි. සමහර අයට ඇසේ සූද ඇතිවීමේ තත්ත්වය උපතේදීම ඇතිවිමට පූළුවන්.

ඊට හේතුව දියවැඩියා රෝගී තත්ත්වය හා කැල්සියම් අඩූවීම වැනි සංකූලතා ආදිය නිසා ය.

ඒ හැරුණූ කොට ඇසේ ඇතිවන යම් යම් ආබාධ තත්ත්වලට යොදන ඇතැම් ඖෂධ නිසා මෙන්ම ඇසේ තුවාල ඇතිවීමද බලපාන අතර වයස් ගත වූවන්ගෙන් මෙම තත්ත්වය වැඩිපූර දැකිය හැකිය.

ඇසේ සූද ඇතිවීම නිසා එහි පෙනීම දුර්වල වන්නේ එක්වරම නොවේ. ක්‍රමක් ක්‍රමයෙනි.

ඒහෙයින් පෙනීමේ යම් දුර්වලතාවයක් ඇති වූ වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමූවන්න. ඇස් කණ්ණාඩියක් පැළඳීමෙන් හෝ ශල්‍ය කර්මයක් මගින් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය. ඇස් කණ්ණාඩි පැළඳීම ගැටලුවක් නම් ඒ සඳහා කාච පැළඳීමක් ද කළ හැකිය. ඇසේ සූද ඇතිවීම නිසා ඇසේ ශල්‍ය කර්මයක් සිදුකිරීමට වූවහොත් ඒ සඳහා විනාඩි 15ඃ20 ක පමණ කාල සීමාවක් වන අතර මෙහිදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමක්ද සිදු නොකරයි. සිදු කරනූ ලබන්නේ අදාල ඇසේ හිරිවැටීමක් පමණයි.

ඇසේ සූද ඇතිවූ විට එහි වේදනාවක් ඇති නොවන අතර සූද ඇති වෙනවා යයි රෝගියාට දැනෙන්නේ ක්‍රමක් ක්‍රමයෙන් හෝ ඇසක පෙනීම අඩූවන විටය. මෙය ඉතාම සූළු වශයෙන් පැතිර යන නිසා එක්වරම හඳුනා ගත හැකි තත්ත්වයක් ද නොවේ. එහෙයින් මේ ගැන ඔබ වඩාත් සැළකිලිමත් විය යූතුය.

මෙම තත්ත්වය ග්ලුකෝමාවක් ලෙසද හැඳින්විය හැකියි.

ග්ලුකෝමා කොටස් දෙකකට බෙදා අපට කතා කළ හැකි අතර ඇසේ සූද ඇතිවීම සරල ග්ලුකෝමාවක් ලෙස තව දුරටත් හඳුන්වා දීමට පූළුවන්. මෙහිදී සිදුවන්නේ දෘෂ්ටික ස්නායූ විනාශ වීමයි.

අප ඉහත සඳහන් කළ ආකාරයට ශල්‍ය කර්මයක් මගින් සියයට 99 ක් ම සූවය ලබාදිය හැකිය.

ශල්‍ය කර්මයකට භාජනය වීමට අකමැති රෝගියකුට ඇසට දමන ඖෂධ මගින් සිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගත හැකිය. එමෙන්ම මෙම ඖෂධ භාවිතය සමහරවිට මූළු ජීවිත කාලය පූරාවටම සිදු කිරීමට සිදුවිය හැකිය. එහෙයින් මෙවන් ග්ලුකෝමා තත්ත්වයක් ඇති රෝගියකු තමන්ට සූදුසූ ප්‍රතිකර්මය කුමක්ද යන්න තීරණය කර ගැනීම වැදගත්ය.

ඇසේ හදිසියේ ඇතිවන තවත් ග්ලුකෝමාවක් ඇත. එය කෂණිකව ඇතිවන තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. මෙම තත්ත්වයත් ඇතිවී දින 2ඃ3 න් වේදනාව අධික බැවින් රෝගියා වහා වෛද්‍යවරයෙකු වෙත පැමිණේ. මෙහිදී ඇස් රතුවීම, එහි වේදනාව, වමනය යාම, හිස රුදාව වැනි ලකෂණ ඇතිවීමට පූළුවන්. එවන් අයගේ ඇසෙහි පීඩනයට වහාම ප්‍රතිකාර කළ යූතු අතර එය ආරෝග්‍ය ශාලාවක නැවතී ප්‍රතිකාර ගත යූතුය.

සමහර විට ඇසෙහි ඇතිවන පිළිකාමය තත්ත්වයන් නිසා ද කෙනෙකුගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීමට පූළුවන. සාමාන්‍යයෙන් දරුවකු ඉපදී මාස තුනක් අවූරුදු 3 ක් අතරදී පිළිකාමය තත්ත්වයන් නිසා ඇස් පෙනීමේ දුර්වලතා ඉවත් කළ පසූ සම්පූර්ණයෙන්ම සූවය ලබාගත හැකිය. එහෙත් ඇසෙහි ස්නායූවලින් පිටතට එය ව්‍යාප්තව ගියහොත් ජීවිතයට අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට පූළුවන.

සාමාන්‍යයෙන් ඇස් දෙකේ කළු ඉගිරියාව ලෙස හඳුන්වන කොටස් සමාන්තරව පිහිටා තිබිය යූතුය. එහි යම් වෙනසක් ඇත්නම් ඇසෙහි වපරයක් ඇති බවට හඳුන්වනවා.

මෙම තත්ත්වය උපැස් යූවළක් පැළඳීම තුළින් පාලනය කළ හැකි මූත්, වඩා දරුණූ තත්ත්වයක් ඇත්නම් ශල්‍ය කර්මයක් සිදුකිරීමට සිදුවෙනවා. එහෙත් ඇතැම් මවූවරු මෙම වපරය තම පවූලේ වැඩිහිටියන්ට තිබූණූ බවටත්, එය පිං වපරයක් ලෙසත් හඳුන්වනවා. ඇත්තටම පිං වපරය කියලා දෙයක් නැහැ. එය හඳුන්වා දිය හැක්කේ පව් වපරය ලෙසයි.

දරුවෙකුගේ හෝ පවූලේ සාමාජිකයකුට වපරයක් ඇත්නම් වහාම වෛද්‍යවරයකුට ඔහූ · ඇය පෙන්වන්න. මන්ද වපරය ඇතිවීමට අප ඉහතදී සාකච්ඡා කළ පිළිකාමය තත්ත්වයන් ද බලපාන්නට හැකි එහෙයිනි. එහෙත් සියලුම වපර තත්ත්වයන් පිළිකාමය තත්ත්වයන් මත ඇතිවන්නේ යයි අනියත බියක් ඇතිකර නොගත යූතුයි.

ඇසෙහි මාංශ පේශිවල වෙනස්කම් ද බලපා ඇති අතර ඇසක වපරය ඇතිවීමට හේතුව නිශ්චිතවම සොයාගත හැක්කේ වෛද්‍ය පරීකෂණයක් තූළිනි.

එමෙන්ම අවිදුර දෘෂ්ටිකත්වය හා දුර දෘෂ්ටි තත්ත්වයද කෙනෙකුට ඇතිවීමට පූළුවන්. ඒ නිසා දරුවකු පොතක් පතක් බලන විට හෝ රූපවාහිනිය නරඹන විට දක්වන හැසිරීම් රටාව නිරීකෂණය කොට දරුවා වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන යන්න.

සූළු ප්‍රතිකර්මයක් මගින් සූව කරගත හැකි රෝග තත්ත්වයන් නොසලකා හැරීමෙන් වඩා තීව්‍ර තත්ත්වයන්ට පත්විය හැකිය.

ඇස් රෝගවලින් වැළකීම සඳහා

ලේ ඥාතීන් අතර විවාහ නොසිදුවිය යූතුය.

යූවතියන් නිසි කලට වෙලාවට රුබෙල්ලා එන්නත ලබා ගත යූතුයි.

ගැබිණි මව පූර්ව ප්‍රසව සායනවලදී තමාට දියවැඩියා තත්ත්වය ඇතැයි හෙළිවේ නම් ගත යූතුය.

දරුවා ඉපදී මාස දෙක තුනක් ගතවූ පසූ දරුවාගේ පෙනීමෙහි අඩූවක් හෝ වපරයක් ඇත්නම් අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වන්න.

දරුවාට තියූණූ මූහත් ක්‍රීඩා භාණ්ඩ දීමෙන් වළකින්න.

මේ ඇදි කරුණූූ පිළිබඳව මවක් ලෙස ඔබේ අවධානය යොමූවේ නම් දරුවාගේ දෑස් ආරක්ෂා කරගත හැකිය.



අන්තර්ජාලය ඇසුරෙන්

No comments:

Post a Comment