Showing posts with label නිලි ගොසිප්. Show all posts
Showing posts with label නිලි ගොසිප්. Show all posts

Wednesday, November 12, 2014

දැන් හැමෝම මට එන්න කියනවා - සෙනාලි




ඉස්සර වගේනෙමෙයි දැන්...පෙම් ඇරයුම් ගෙනාවට වැඩක් වෙන්නෑ...
ෆොන්සේකා පරම්පරාවේ දෙවැනි පරපුරට අයත් නිළියක් ලෙසින් රංගනයට එක්වන 'සෙනාලි ෆොන්සේකා' කියන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකාගේ සහෝදරයාගේ දියණියක වූ නමුත් ප්‍රේක්ෂකයින් මුලින්ම සේනාලිව හදුනා ගන්නේ මාලනියගේ ලේලිය නිසා නොව, ඇය ජනප්‍රියතත්වයට පත් වන්නේ ඈ මුලින්ම රංගනයෙන් දායක වුණු "සිරිපැරකුම්" චිත්‍රපටය නිසා ය. ඒ නිසාවෙන්ම අදටත් රසික පිරිස් ඇයව හඳුනන්නේ 'එතනා' නමිනි. පසුගියදා නිමාව දුටු හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙ‍ලේ දී ජනප්‍රියම නිළියන් පස් දෙනා අතරට සේනාලිගේ නමත් නිර්දේශ වුණා. ඒ නිසාම මේ දිනවල විදෙස්ගතව වැඩිදුර අධ්‍යාපනය ලබන සෙනාලිගේ ආ ගිය තොරතුරු ගැන සටහනක් එක් කරන්නට අප සිතුවා.

"මම පුංචි කාලෙම විදෙස්ගත වුණේ අම්මයි, තාත්තයි විදෙස්ගත වුණ නිසයි. මම මූලික අධ්‍යාපනය කොළඹ විශාකා විද්‍යාලයෙන් හැදෑරුවත් පසුව එංගලන්තයේ පාසලකින් ඉගෙන ගත්තා.... ඒ වුණත් එංගලන්තේ ජීවත් වෙන්න වුවමනාවක් නැහැ.... ලංකාව කියන්නේ ලස්සන රටක්.... මම මගේ රටට ආදරෙයි.... මගේ කලා කටයුතුවලටත්, ශක්තියක් වුණේ ලංකාව.... ඒ නිසා කොහොමත් මට පිටරට ජීවත් වීමේ උණක් නැහැ....
මම මේ දිනවල ඉන්නේ විදෙස්ගතව.... කේම්බ්‍රිජ්වල වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න තියෙන කැමැත්ත නිසාම නිතර නිතර ලංකාවට එනවා. විදේශ ගතවෙලා පදිංචි වෙන්න මගේ අදහසක් නැහැ..... ඊළඟ නිවාඩු වාරය ආ ගමන්ම මම ලංකාවට එනවා... බොහෝ දුරට තව මාස කීපයකින් මට ආයෙමත් ලංකාවට එන්න පුළුවන් වෙයි... 

හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළියට නිර්දේශ වුණා. ඒ විදියට නිර්දේශ වුණාම ඕනෑම කෙනෙක් සම්මානය ලැබෙයි කියලා බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. ඒ බලා‍පොරොත්තුව මටත් තිබුණා. නමුත් ඒ සම්මානය මටම ලැබෙයි කියලානම් මම හිතුවේ නැහැ..... මොකද මට වඩා රංගනයේ දී ප්‍රවීණයන් වෙන්නේ අනෙක් රංගන ශිල්පිනියන් හතර දෙනා.....

සිරිපැරකුම් චිත්‍රපටය සම්බන්ධ වෙලා වර්ෂ දෙකහමාරක වගේ කාලයක් ඇති. ඊට කලින් සෙනාලි ෆොන්සේකා කියන්නේ කවුද කියලා කවුරුත්ම දන්නේ නැහැ..... මිනිස්සු රන් එතනාට ආදරය කළා. රන්එතනා කියන්නේ මගේ රංගන ජීවිතයේ ආරම්භය.

ඒ ආරම්භයට ජනතාව ප්‍රසාදය ලබා දුන්නා කියලා හිතනවා. සම්මානයට නිර්දේශ වීමම මම ලැබුව ජයග්‍රහණයක්. පළමු නිර්මාණයෙන්ම ජනප්‍රිය වීමයි.

සම්මානයකට නිර්දේශ වීමයි කියන්නේ රංගන ශිල්පිනියක් හැටියට සාර්ථක වීමක්. අපි රඟපාන දේ මිනිසුන්ට දැනෙන්න ඕනෑ.... රන් එතනාව මිනිසුන්ට දැනුණා.... ඒ නිසා ඒ අය මට ඔවුන්ගේ කැමැත්ත සම්මානයකට නිර්දේශ වීම දක්වා රැගෙන ගියා.... හරිම සතුටුයි. ඒ සතුට මම හරිම නිහතමානීව විඳිනවා.

තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ චරිත මගේ හදවතට දැනුණේ නැහැ... සෙනාලි ෆොන්සේකාට රඟපාන්න පුළුවන් නිර්මාණයක් නොවුන නිසා ප්‍රතික්‍ෂේප කළා.... හොඳ නිර්මාණ ලැබුණොත් මට මගේ රංගන පරාසය පෙන්වන්න පුළුවන් නිර්මාණයක් වුණොත් විතරයි මම භාර ගන්නේ.

මේ දවස්වල මායා පටල ටෙලි නාට්‍යයෙන් මාව දකින්න පුළුවන්. ඊට අමතරව කළු සෙවණැල්ල ටෙලි නාට්‍යයේ එමලිගේ චරිතයට මගේ රංගන දායකත්වය ලබා දුන්නා. ඒ චරිත දෙකම එකිනෙකට වෙනස්. මම ලංකාවේ නැතත් ඒ නිර්මාණවලින් මාව මගේ රසිකයන්ට දැකගන්නට පුළුවන්.

මට ලැබෙන ප්‍රතිචාරවළ එහෙම විශේෂත්වයක් නැහැ..... හැමෝම මට ආදරෙයි.... පිරිමි ළමයි වගේම ගැහැනු ළමයි. ඒ ප්‍රතිචාරවලට වයස් භේදයකුත් නැහැ....

රන් එතනාට ආදරය කරපු වගේම සෙනාලි කියන චරිතයට ආදරය කරන පිරිමි ළමයි ඇත්තටම ආදරය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ඇරයුම් සුහදව මම ප්‍රතික්‍ෂේප කරනවා..... දැන්ම මට ප්‍රේම යෝජනා ගෙනැවිත් ඵලක් නැහැ.....

මට පෙම්වතෙක් නැහැ...... මම මගේ ජීවිතේ මුල්තැන දෙන්නේ මේ දවස්වල අධ්‍යාපනයට පෙම්වතියක් වෙන්න තව කල් තියෙනවා..."





Lanka e Gossip News

Monday, November 10, 2014

ඉෂාරා තවත් කෙනෙකුට ආදරය කරයි.



sexy Ishara

උත්පලා වගේම මටත් ඕනම කාලයක් මගේ ආදරය වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්. මම සහ ඔහු අතර තිබෙන ආදරය හා විශ්වාසය තුළ කොයි තරම් කාලයක් වුණත් කැප කිරීමේ හැකියාව මට තියෙනවා.

මේ දිනවල විකාශය වන ‘උතුම් පැතුම්’ හි උත්පලා ප්‍රේක්ෂක හදවත් සොරා ගත් ළෙන්ගතු චරිතයක් වි හමාරය. ඒ ඇය තුළ තිබෙන්නාවූ අහිංසක ගුණාංග හා සරල ගති පැවතුම් නිසාය.

යොවුන් රංගන ශිල්පිනී ඉෂාරා සඳමිණිටද මේ චරිතය ඉතා සමීපය. ඒ ඇයිද යන්න අපි ඇයගෙන්ම අසා දැන ගන්නට සිතුවෙමු.

* ඉෂාරා ඔබ මෙතෙක් කළ චරිත අතුරෙන් උත්පලාට වැඩි ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්. උත්පලා ගොඩක් ජනප්‍රියයි.

* ඊට විශේෂ හේතුවක් තියෙනවාද?

ඇය හරිම අහිංසක චරිතයක්. සමාජීය අත්දැකිම් අඩුයි. නමුත් පවුලේ හැමෝගෙන්ම ආදරය ලබමින් සරලව සැහැල්ලුවෙන් ජිවත් වෙන යුවතියක්. හැමෝම වගේම මමත් උත්පලාට ගොඩාක් කැමැතියි.

* උත්පලා ඉෂාරාගේ ජීවිතයට කෙතරම් සමිපද? 

මමත් උත්පලා වගේම අහිංසකයි. බොහෝ දුරට ඉවසීම තියෙන කෙනෙක්. නමුත් සමාජයත් එකක් ගනු දෙනු කරද්දි සමාජය තුළ වෙන අසාධාරණකම් දැක්කහම ඒ ඉවසීම නැති වෙන වෙලාවල් තියෙනවා. එතකොට රණ්ඩු නොකළත් උත්පලා තරම්ම අහිංසකව ඉන්නේ නැති වෙන්න පුළුවන්.

* උත්පලා තරම්ම සැබෑ ජීවිතයේදි ඉෂාරාත් සංවේදි කෙනෙක්ද?

අපෝයි ඔව්. මමත් උත්පලා තරම්ම සංවේදියි. කවුරු හරි රවලා බැලුවත් ඇතියි බින්දුවටම කඩන් වැටෙන්න.

* එතකොට ආදරයේදි?

විශ්වාසය, අවබෝධය හා තේරුම් ගැනීම වැනි ගුණාංග ආදරයේදි අත්‍යවශ්‍යයි. එය උත්පලා කියන චරිතය තුළ මෙන්ම ආදරය කරන ආදරය බලාපොරොත්තු වෙන හැමෝගේම පැතුමක්.

මම ආදරය කරන කෙනාගෙන් මම නිතරම බලාපොරොත්තු වෙන්නේ මම ඔහුට දක්වනවාට වඩා වැඩි ආදරයක් ඔහු ගෙන් ලබන්නයි.

* ඔබටත් උත්පලා වගේම ඔබේ ආදරය වෙනුවෙන් බොහෝ කාලයක් බලන් ඉන්න වුණොත්?

අනිවාර්යයෙන්ම බලන් ඉන්නවා. ඇයට වගේම මටත් ඕනම කාලයක් මගේ ආදරය වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්. තමා හා තමන් ආදරය කරන කෙනා අතර තිබෙන ආදරය හා විශ්වාසය තුළ කොයි තරම් කාලයක් වුණත් කැප කිරීමේ හැකියාව මට තියෙනවා.

* උත්පලාගේ ආදරයට මෙන්ම ඔබ ගේ ආදරයටත් තව කෙනෙක් ආවොත් ඉෂාරාගේ තීරණය කෙබඳු වේවිද?

එක්කෙනෙක් නෙමෙයි සීයයක් මගේ පෙම්වතාට ආදරය කළත් ඔහුගේ ආදරය මට විතරක් නම් මම ඒ ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැහැ. ආදරය කාටවත් බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. ඔහුට කවුරු ආදරේ කළත් ඔහුගේ ආදරය මට විශ්වාස නම් මම ඔහු සමග හැමදාමත් ඉන්නවා.

* උත්පලා හරිම බොළඳයි කිව්වොත්?

හම්ම්... එහෙම කියන්නත් බැහැ. නමුත් ප්‍රායෝගික නොවන සමහර අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ආදරයේදි කෙනෙක් තමන්ගේ ජීවිතයට කියන්න බැරි තරම් සමීප වුණහම අපි බොළඳයි කියලා හිතන සමහර දේවල් නොදැනුවත්වම වෙන්නත් පුළුවන්.


ටානියා මෝසස්